Sunday, August 31, 2014

Photo shop Color Range ගැන...

මේක සුපිරි ආස හිතෙන වැඩක්. මේකෙන් සෑහෙන දේවල් කරන්න පුලුවන්. අද අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද වර්ණ පින්තූරයක එක වර්ණයක් ඉතිරි කරලා අනිත් ඒවා කලු සුදු (Black And White) කරන්නෙ කියලා.


මේ තියෙන්නෙ ඒ වගේ හදපු එකක්. මේ පින්තූරෙ උදාහරනයකට අරගෙන අපි බලමු මේක හදන්නෙ
 කොහොමද කියලා.

හරි මුලින්ම Photo එක Photoshop වලින් Open කරගෙන Layer එක උඩ Double 
Click කරලා Layer එක Unlock කරගන්න.

දැන් Select Color Range... යන්න.
  


දැන් Photo එකේ තියෙන ඔයාලට ඉස්මතු කරලා පෙන්නන්න ඕනා Color එක විතරක්
 Eyedropper Tool එකෙන් Select කරගන්න. Eyedropper Tool එක ලගම තවත්
 Eyedropper Tool දෙකක් තියෙන්නේ. ( + ) එකෙන් කරන්නේ Selection එකට තවත්
එකතු කරගන්න. ( - ) එකෙන් කරන්නේ Selection එකෙන් අඩු කරන එකයි. 
දැන් ඉතින් ( + ) එක අරගෙන ලස්සනට අවශ්‍ය ගානට Selection එක හදාගන්න.

දැන් ඒ Selection එකට අනවශ්‍ය කොටසුත් එකතු වෙලා ඇති. එව්වා තියනවනම් දැන් අයින් කරමු.
 Selection එක තියෙද්දී Lasso Tool එක අරගෙන Keyboard එකේ Alt යතුර තදකරගෙන අනවශ්‍ය
කොටස් ඇද ගන්න. එතකොට ඉබේම ඒ කොටස් අයින් වෙයි.

දැන් Select - Refine Edge යන්න. ඒකේ Amounts මේ පහළ වගේ හදා ගන්න.

 
ඊට පස්සෙ Select ගිහින් Inverse දෙන්න. එහෙම දීලා අවසානෙට
 Image - Adjusments - Black And White ගිහින් OK කරන්න.


අවසාන ප්‍රතිඵලය පහල තියෙන විදියට ඇති.


http://sinhalenps.blogspot.com/

No comments:

Post a Comment