Monday, September 22, 2014

3 in 1 computer (ත්‍රී ඉන් වන් කොම්පියුටර් කියන්නේ මොනවාද )

ලැප්ටොප් එකයි ටැබ්ලට් එකයි ස්මාට් පෝන් එකයි සේරම එකට ඇති පරිගනකයක් තමයි මේ ත්‍රී ඉන්වන් කොම්පියුටර් කියන්නේ.

ට්‍රාන්ස්පෝමර් පරිගනකය සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගනකයක් ලෙස පෙනුනත් එයින් යතුරුපුවරුව ක්ලිපයකින් පන්නා ඉවත් කරන්න පුලුවන්.එවිට එහි ටච් ස්ක්‍රීනය සහිත කොටස  ටැබ්ලට් පරිගනකයකි.මෙම ටැබ්ලට් පරිගනකයේ  පිටුපසට ස්මාර්ට් පෝනයක් සවිකර තිබේ.ලාච්චුවක් එලියට අදින පරිදි එය ගලවා ඉවත් කරගැනීමට පුළුවන්.මෙම ටැබ්ලට් කොටස අගල් 12.5ක ටච් ස්ක්‍රීනයක් ඇත.මතකය 128ගිගාබයිට් වේ.ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයකින් පන ලබයි.

ටැබ්ලටයේ පසුපසට සවි කල හැකි එසේ නැතෙහොත් ස්මාර්ට් පෝනයක් ලෙස පාවිච්චි කල හැකි මෙහි ඇති පෝනය ඇන්ඩ්‍රොයිඩ් 4.4 මෙහෙයුම් පද්ධතියත් 2ගිගාබයිට් රැම් මතකයත් මෙගා පික්සෙල් 8ක කැමරාවකුත් ඇත.ඉන්ටෙල් ඇටම් ප්‍රොසෙසරයකින් පන ලබයි.සම්පූර්ණ තිරය අගල් 5කි.

ලැප්ටොප් පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8.1 වේ.

මෙම කොම්පියුටරයේ මෙහෙයුම් පද්ධති දෙකක් භාවිතා වන නිසා හයිබ්‍රිඩ් ඔ් එස්  ලෙස හදුන්වයි. 

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය www.poemlk.blogspot.com සතු වේ.

1 comment: