Thursday, July 2, 2015

රයිට් කරන ලද සීඩී හෝ ඩීවීඩී තැටියක් නැවත පිටපත් කල නොහැකි සේ සකසන තාක්ෂණය



                               රයිට් කරන ලද සීඩී හෝ ඩීවීඩී තැටියක් නැවත රයිට් කිරීම හෝ හාඩ් ඩිස්ක් එකකට පිටපත් කල නොහැකි සේ සැකසිය හැකිය. මෙහිදී විවිධ තාක්ෂනික ක්‍රම භාවිතා කරයි.එහිදී ඇතැම් වැඩසටහන් වලින් කරන්නේ තැටියේ දත්ත පිටපත් කල නොහැකි වන ලක්ෂන තැටිය මත ඇතිකිරීමයි.සිතාමතාම තැටිය තුල උපක්‍රමයක් වශයෙන් බෑඩ් සෙක්ටර් ඇති කලහොත් පිටපත් වීමෙ ක්‍රියාවලිය නවතියි.

                                  ට්වින් සෙක්ටර් නම් ක්‍රමයට අනුව පිටපත් කිරීම වැලැක්වීම තවත් ක්‍රමයකි. මෙහිදී මුල් තැටියේ හෝ ඉමේජයේ එකම ලිපිනය සහිත සෙක්ටර් දෙකක් සකස් කරනු ලබයි. එහෙත් මෙම සෙක්ටර් දෙකෙහි ගබඩා කරන දත්ත එකකට එකක් වෙනස්ය.මේ නිසා තැටිය කියවන විට එකම ලිපිනය ඇති සෙක්ටර් දෙකෙන් මුලින් ඇති එක කියවනු ලබයි.එහෙත් දත්ත පිටපත් වන විට දෙවනියට ඇති සෙක්ටර් එකෙහි දත්ත පිටපත් වෙයි.ඒ අනුව පිටපත් වන්නේ ව්‍යාජ දත්තයන් වෙ.ඒ නිසා මුල් තැටියේ ඇති සිළු දත්ත දෙවන තැටියේ නොපිහිටයි....    



මෙම ලිපියේ අයිතිය    www.poemlk.blogspot.com    සතුය
උපුටාගන්නේ නම් කතෘ අයිතිය සුරකින්න.

No comments:

Post a Comment