Sunday, July 5, 2015

ඔයාලගේ ඔන්ලයින් එකවුන්ට් හැක් වෙලාද කියලා දැනගන්න හැටි.- Hackin

                                            තමාගේ ඔන්ලයින් එකවුන්ට් එකට පිට කවුරු හරි ඇතුල් වෙලාද කියලා දැනගන්න පුලුවන් වෙබ් සේවයක් තියනවා.ඒ හරහා ඇතුල් වෙලා ලෙහෙසියෙන්ම අනවසරයෙන් ඇතුල් වීමක් සිදුවෙලාද කියලා දැන ගන්න පුළුවන්.

පහලින් තියන ලින්ක් එක ක්ලික් කිරීමෙන් පිවිසෙන්න.




www.poemlk.blogspot.com

Saturday, July 4, 2015

ජංගම දුරකතන වල බැටරි ඉදිමීම.- Battry

                                බාල වර්ගයේ බැටරි ඉක්මනිම්ම මෙසේ ඉදිමෙයි.මේ නිසා ජංගම දුරකතනය සමග ලැබුනු බැටරිය මාරු කරන්නේ නම් ඒ සඳහා යෙදිය යුතු වන්නේ ද එම වර්ගයේම බැටරියකි.එනම් නිෂ්පාදකයා විසින් නිර්දේශ කර ඇති වර්ගයේම බැටරියකි.හොද තත්වයේ ඇති බැටරියක් උවත් ගුණාත්මක බවින් අඩු  චාජර් වර්ග භාවිතා කිරීමේදීද බැටරි ය ඉදිමෙයි. මේ නිසා කිසිම විටක මල්ටි චාජර් භාවිතා නොකල යුතුය

නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති ඇම්පියර් ප්‍රමාණය සහිත වෝල්ටීයතාවය සහිත චාජරයක් බාවිතා කිළ යුතුය. බැටරියේ ඇති පරිපථයේ ඇති වන්නා වු දෝෂ නිසාද බැටරිය ඉදිමීමට ලක්වේ.මේ නිසා බැටරියේ ආයුකාලය අඩු වේ. එමෙන්ම ආරෝපණ පවතින කාලසීමාවද අඩු වේ. එහෙත් ඉදිමුන බැටරි භාවිතා කිරීම නිසා දුරකතනය හානියක් සිදු වන්නේ නැත.

මෙම ලිපියේ අයිතිය    www.poemlk.blogspot.com    සතුය
උපුටාගන්නේ නම් කතෘ අයිතිය සුරකින්න.

මැනුවල්ස් සොයා දෙන පුස්තකාලය - Manuals Library


ස්මාට් පෝන් ප්‍රින්ටර්ස් පරිගනක යනාදී නොයෙක් වර්ගයේ උපකරන වල මැනුවල්ස් සොයා ගැනීමට සිදු වන අවශ්ථා ඔබට හමු වී ඇති බවට කිසිම සැකියක් නැත.එවැනි අත් පොත් ලෙහෙසියෙන් සොයා ගැනීමට දැන් වෙබ් සේවයක් තිබේ.ලෝකයේ ඇති විශාලතම ඔන්ලයින් මැනුවල් පුස්තකාලය මෙය යි. පහත ලින්ක් එක මත ක්ලික් කර ඒ සඳහා පිවිසිය හැකිය.

www.manualslib.com





Thursday, July 2, 2015

රයිට් කරන ලද සීඩී හෝ ඩීවීඩී තැටියක් නැවත පිටපත් කල නොහැකි සේ සකසන තාක්ෂණය



                               රයිට් කරන ලද සීඩී හෝ ඩීවීඩී තැටියක් නැවත රයිට් කිරීම හෝ හාඩ් ඩිස්ක් එකකට පිටපත් කල නොහැකි සේ සැකසිය හැකිය. මෙහිදී විවිධ තාක්ෂනික ක්‍රම භාවිතා කරයි.එහිදී ඇතැම් වැඩසටහන් වලින් කරන්නේ තැටියේ දත්ත පිටපත් කල නොහැකි වන ලක්ෂන තැටිය මත ඇතිකිරීමයි.සිතාමතාම තැටිය තුල උපක්‍රමයක් වශයෙන් බෑඩ් සෙක්ටර් ඇති කලහොත් පිටපත් වීමෙ ක්‍රියාවලිය නවතියි.

                                  ට්වින් සෙක්ටර් නම් ක්‍රමයට අනුව පිටපත් කිරීම වැලැක්වීම තවත් ක්‍රමයකි. මෙහිදී මුල් තැටියේ හෝ ඉමේජයේ එකම ලිපිනය සහිත සෙක්ටර් දෙකක් සකස් කරනු ලබයි. එහෙත් මෙම සෙක්ටර් දෙකෙහි ගබඩා කරන දත්ත එකකට එකක් වෙනස්ය.මේ නිසා තැටිය කියවන විට එකම ලිපිනය ඇති සෙක්ටර් දෙකෙන් මුලින් ඇති එක කියවනු ලබයි.එහෙත් දත්ත පිටපත් වන විට දෙවනියට ඇති සෙක්ටර් එකෙහි දත්ත පිටපත් වෙයි.ඒ අනුව පිටපත් වන්නේ ව්‍යාජ දත්තයන් වෙ.ඒ නිසා මුල් තැටියේ ඇති සිළු දත්ත දෙවන තැටියේ නොපිහිටයි....    



මෙම ලිපියේ අයිතිය    www.poemlk.blogspot.com    සතුය
උපුටාගන්නේ නම් කතෘ අයිතිය සුරකින්න.

Wednesday, July 1, 2015

ගීතයක කටහඩ පමනක් ඉවත් කර වාදනය පමණක් ලබා ගත හැකි මෘදුකාංගයක් - Remove voice software


මෙය කිරීම සදහා ඇඩෝබි ඔඩිෂන් (adobe.com/products/audition.html)යන මෘදුකාංගය භාවිතා කල හැකිය. ඒ වගේම ඔඩෑසිටි (audacity.sourceforge.net)යන මෘදුකාංගයද භාවිතා කරන්න පුලුවන්.ඒ කෙසේ වෙතත් එම මෘදුකාංග වලින් වැඩ කරන අයුරු දැනගන සිටිය යුතුයි.මීටත් වඩා පහසුවෙන් ගීතයක කටහඩ ඉවත් කිරීමට musicmorpher.com යන වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැකි Av Music Morpher  නම් වැඩසටහන භාවිතයෙන් පුළුවන .මෙහිදී දෙන්නේ එහි අත්හදා බැලීමෙ සංස්කරණයක් උවත් එයින් කළ හැකි වැඩ බොහෝය.


මෙම ලිපියේ අයිතිය    www.poemlk.blogspot.com    සතුය
උපුටාගන්නේ නම් කතෘ අයිතිය සුරකින්න.