Showing posts with label Seo. Show all posts
Showing posts with label Seo. Show all posts

Sunday, August 10, 2014

කොහොමද Google traffic සිංහල බ්ලොග් එකකට වැදගත් වෙන්නේ?

බ්ලොග් ලියන කවුරුත් ආසයිනේ Google traffic වලට.English blog එකකටනම් Google traffic ගන්න පුළුවන් හරියට seo කරොත්.හැබැයි සිංහල බ්ලොග් වලට Google traffic ගන්න එක ටිකක් අමාරු වැඩක්.

කොහොමද Google traffic සිංහල බ්ලොග් එකකට වැදගත් වෙන්නේ?
                                         Google traffic කියන්නේ ලියන භාෂාව මොකක් උනත් බ්ලොග් එකකට ගොඩක් වැදගත් දෙයක්.seo ගැන දන්න අය මේකේ වටිනාකම දන්නවා අනිත් අයට දැනගන්න මම පොඩ්ඩක් කියන්නම්

  1. අපේ බ්ලොග් එකට Google traffic වැඩි වෙන තරමට බ්ලොග් එකේ රෑන්ක් වැඩි වෙනවා.ඒ කියන්නේ search engine ranks සහ alexa වගේ රෑන්ක්.බ්ලොග් එකක වටිනාකම තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ බ්ලොග් එකේ රෑන්ක් වලින්
  2. Google traffic තියනවනම් බ්ලොග් එකට ඩිරෙක්ට් එන විසිටර්ස්ලා ට අමතරව තවත් පිරිසක් එකතු වෙනවා.ඒ නිසා ඇඩ් නෙට්වර්ක් එකකින් ඇඩ් දාලා තියනවනම් ඒවාට ඇතිවෙන ක්ලික් වැඩි වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.අපි මෙහෙම හිතමු.කවුරු හරි adsense කියන එක Google එකේ search කරලා ඔයාගේ බ්ලොග් එකට එනවා.එයා ඔයාගේ බ්ලොග් එකේ ලිපිය කියවනකොට අදාල keyword එකට ගැලපෙන ඇඩ් එකක් ඇඩ් නෙට්වර්ක් එකෙන් පෙන්වනවනම් අනිවාර්යෙන් ඒ ඇඩ් එක අර කෙනාගෙන් ක්ලික් වෙන්න 90% ක චාන්ස් එකක් තියනවා.මොකද කියනවනම් Google හරහා කෙනෙක් බ්ලොග් එකට එන්නේ යමක් දැනගැනීමේ අදහසින්.එයා හොයන දේට අදාලව ඇඩ් තියේ නම් ඒව ක්ලික් කරන්න එයා පෙළඹෙනවා.
  3. adsense වගේ බොහොමයක් ඇඩ් නෙට්වර්ක් වල අර මම කලින් කියපු විදිහට keyword related විසිටර් කෙනෙක්ගෙන් අදාල කීවර්ඩ් එකේ ඇඩ් එකක් ක්ලික් උනොත් ඒ ක්ලික් එකට ලැබෙන සාමාන්‍ය ගානට වැඩි ගැනක් අපිට ලැබෙනවා.Adsense වල දි මගේ english blog එකේ මම අත්දැකීමෙන් මේ දේ දැකලා තියනවා එක ක්ලික් එකකට $1.49 ක් විතර.සිංහල බ්ලොග් එකෙන් එච්චර එන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි සාමාන්‍ය ගානට වැඩි වෙනවා
  4. Google traffic කියන්නේ එක විදිහකට කිව්වොත් දම්වැලක් වගේ තමයි.පුරුක් වැඩිවෙන්න වැඩිවෙන්න දම්වැලේ දිගත් හයියත් වැඩි වෙනවා.ඒ වගේ Google traffic බ්ලොග් එකකට හම්බෙන්න හම්බෙන්න ඒ බ්ලොග් එකට Google traffic එන්න තියන අවස්ථා වැඩිවෙනවා.ඒ කියන්නේ search list වල උඩට යන එක වගේ දේවල්
                     Google traffic සිංහල බ්ලොග් වලට වැදගත් වෙන්නේ අයි කියන එක ගැන පොඩි අයිඩියා එකක් එන්න ඇති.මම කලිනුත් කිව්වනේ English බ්ලොග් එකක වගේ seo කරලා Google traffic ගන්න ලේසි උනාට සිංහල බ්ලොග් එකක ඒක ටිකක් අමාරු වැඩක් කියලා.මොකද සිංහල කතා කරන තවත් රටක් මේ ලෝකේ නෑනේ තියෙන්නේ අපේ රට විතරයි.ඉතින් අපි ටාගට් කරන්නේ ලාංකික අන්තර්ජාල භාවිතා කරන්නන්.එහෙමයි කියලා හිතන්න එපා මේ කරන්න යන දේ වැඩක් නැතුව ඇති කියලා.මතකනේ අපේ අය sex කියන එක search කරලා Google නමක් ගත්තා කියන එක.ඒ නිසා මේ වැඩේ 100% ක් සාර්ථකයි.හරි එහෙනම් වැඩේට බහිමු

කොහොමද Google traffic ගන්නේ?

                                  Google traffic  ඔයාගේ  සිංහල බ්ලොග් එකට ගෙන්න ගන්න නම් ඒකට කරන්න තියෙන වැඩකොටසත් ඔයාටමයි කරන්න තියෙන්නේ.
                                 මෙහෙමයි අපි බ්ලොග් පෝස්ට් එක ලියන කොට ඒකට අදාල වෙන ඉංග්‍රීසි වචන තියනවනේ.ඒ කියන්නේ සිංහලෙන් ලියන්න බැරිඒවා.ඒ කියන්නේ මෙහෙමයි අපි හිතමු ඇඩ්සෙන්ස් ගැන පෝස්ට් එකක් ලියන්න යනවා කියලා.එතනදි ඇඩ්සෙන්ස් කියන වචනේ පෝස්ට් එක පුරාම වැටෙනවනේ.ඉතින් අපි කරන්න ඕනේ මේ වගේ වචන සිංග්ලිෂ් වලින් දාන්නේ නැතිව ඉංග්ලිෂ් වලින් දානවා.ඒ කියන්නේ "ඇඩ්සෙන්ස් " විදිහට නැතුව "adsense" විදිහට.

එතකොට කොහොමද අපේ බ්ලොග් එකට Google traffic  හැදෙන්නේ???
                                ඒක වෙන ක්‍රියාවලිය මෙහෙමයි.අපි හිතමු ඇමරිකාවේ කෙනෙක් adsense කියලා Google search කලා කියලා ඒ search list එකේ result වලින් 100,000ටවත් අපිට ලංවෙන්න බෑ.මොකද කියනවනම් adsense ගැන ලියවුනු බ්ලොග් තියනවා ලක්ෂ ගානක්.ඒත් මෙහෙම හිතමු ලංකාවේ කෙනෙක් adsense කියලා Google search කරනවා කියලා.Google වල රිසල්ට් පෙන්වද්දි country specified result පෙන්වන්නේ.ඒ කියන්නේ අපි මොකක් හරි සර්ච් කලොත් ලංකාවේ වෙබ් සයිට් හරි බ්ලොග් හරි තියනවනම් ඒ රිසල්ට් එකට ඒ ටික මුලින් පෙන්වනවා.අපි ප්‍රයෝජනයට ගන්නෙත් ඔය දේ.
                     අර මම කලින් කියපු උදාහරණය අනුව එතකොට එයාගේ සර්ච් ලිස්ට් එකේ මුලින් පෙන්වන්නේ
adsense ගැන තියන ලංකාවේ බ්ලොග්/වෙබ් සයිට් ටික.ඔය අස්සට අපේ සිංහල බ්ලොග් එක දාගන්නයි අපි අර විදිහට කරන්නේ.
           සිංහලෙන් ටයිප් කරන අස්සේ ඔය විදිහට ඉංග්‍රීසි වචන ටයිප් කරන පොඩ්ඩක් අමාරු වැඩක් තමා.හැබැයි පොඩි වෙලාවක් වැය කරාට ඒකේ ප්‍රතිඵල තියනවනම්.ඒ විදිහට ටයිප් කරන්න ලේසි වෙන විදිහේ ticks දෙකක් කියන්නම්
  • පෝස්ට් එක තුල බහුලව භාවිතා වේ යයි සිතෙන වචනය ctrl+c යතුරු භාවිතයෙන් කොපි කරගැනීම.අදාල ස්ථාන වලදී ctrl+v යොදා එම වචනය paste කිරීම
  • පරිඝනකයේ භාෂා ක්ෂණිකව වෙනස් කරගැනීමට Shift+Alt යතුරු භාවිතය
                      මේ වැඩේ සාරථකද කියලා බලන්න ඕනේ නම් පහලින් තියෙන මගේ බ්ලොග් එකේ alexa rank පිටුවේ screenshot එක බලන්න.අර විදිහට කීවර්ඩ් වැඩියෙන් දානකොට අපේ බ්ලොග් එකේ keyword density එක වැඩි වෙනවා.ඒක seo වලට ඩිරෙක්ට් බලපානවා.ඒ කියන්නේ search list එකේ උඩට යන්න ඒ දේ බලපානවා
                            පේනවනේ  search වෙලා තියෙන Keyword ටික නේද?

BLOG එක TOP SEARCH ENGINE 15 කට දාගමු

 SEO ගැන කියලා දෙන මුල්ම පෝස්ට් එක හැටියට මම හිතුවා බ්ලොග් එක search  engine වලට දාගන්න විදිහ ගැන ලියන්න.search  engine හරහා අපේ බ්ලොග් එකට විසිට් තියෙන්න නම් අපේ බ්ලොග් එක ඒ search  engine වල submit කරලා තියෙන්න ඕනේ.
          search  engine 50 කට 60 කට එකපාර බ්ලොග් එක submit කරන්න පුළුවන් විදිහේ online tool ඕනතරම් තිබුනත් ඒ එකක්වත් manual submit කරන එක තරම් effective නෑ.මේ වැඩේට උපරිම යන්නේ විනාඩි 20ක් විතර.
              මම පහලින් දීලා තියෙන්නේ දැනට තියෙන් search  engine අතරින් හොඳම රෑන්ක් අරගෙන ඉස්සරහින්ම තියෙන search  engine 15 ලිස්ට් එක.SEO ගැන හිතද්දි අපි Google විතරක් ටාගට් කරන එක මෝඩ වැඩක්.දැනට Number 1 search  engine එක හැටියට ඉන්නේ Google උනත් අනිත් ඒවා ගැනත් අවධානය යොමු කරන එක වැදගත්.

            පහතින් දාලා තියෙන අදාල search  engine වල අපේ බ්ලොග් එක සබ්මිට් කරන තැනේ URL .ඒ ලින්ක් වලින් ගිහින් ඔයාලගේ බ්ලොග් එකත් සබ්මිට් කරන්න.description,keywords ඉල්ලුවොත් ඒවා නිවැරදිව දෙන්න.



             


Top 15
Search Engines
Alexa Rank
Google page Rank
1
1
10
2
4
9
3
24
8
4
22k
7
5
Scrub the web
2.8k
6
6
3.7k
6
7
29k
6
8
2.7k
5
9
Search Sight
7k
5
10
18k
5
11
70k
5
12
66k
4
13
SonicRun
20k
3
14
75k
3
15
140k
3

   ගැටළුවක් තියනවනම් කමෙන්ට් එකකින් අහන්න.නැවත හමුවෙමු!!!!!