Thursday, July 31, 2014

Iplus උපහාර fiverr ලිපිය


මම හිතන්නේ අද වන විට ලංකාවේ E-money කරන ගොඩක් දෙනෙක් දෙනෙක් fiverr ගැන දන්නවා. Fiverr ගැන මුලින්ම මම ඉගෙන ගත්තේ Iplus බ්ලොග් එකේන්.දැන් Fiverr කරන ගොඩක් දෙනෙක් මම හිතන්නේ Iplus නිසා Fiverr කරන්න පටන් ගත්ත අය.ලංකාවේ මිනිස්සු දන්න දේවල් හංගාගෙන තමන් විතරක් ගොඩයන්න හදන වෙලාවේ Iplus තමන් දන්න අනිත් අයට කියලා දුන්නා. Fiverr කරලා වාහන ගත්ත අය ගෙවල් හදන අයත් දැන් ලංකාවෙ ඉන්නවා.
කාලයක් ඇඩ් ක්ලික් කර කර සල්ලි හොයන්න පුළුවන් කියලා හිතපු මට අන්තර්ජාලයෙන් නිවරදිව හොද ගාණක් හොයා ගන්න පුළුවන වුණේ Iplus ගේ Fiverr ලිපි මාලාව නිසා. Fiverr එකේ පාර්ට් ටයිම් වගේ වැඩ කලොත් අනිවාර්යෙන්ම 40000 පන්නලා හොයන්න පුළුවන් ලේසියෙන්ම.හොදට වැඩ කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන් කෙනෙක්ට නම් මාසෙට ලක්ෂයක් කියන්නේ ලේසි ටාර්ගට් එකක්.බොරුවක් නෙවෙයි අත්දුටුවයි සහතිකයි.
ඉතින් මම මේ ලිපිය Iplus වෙනුවෙන් ලියන්න හේතුවුනේ Fiverr වලින් හම්බ කරපු සල්ලි වලින් මම ලැප්ටොප් එකක් ගත්ත නිසා.මම හම්බ කරපු හැම $ එකකටම Iplus ට ස්තුති වන්ත වෙනවා.ලැප්ටොප් එක $800ක් වුණා ඔක්කොම හෙව්වේ ෆයිවර් එකෙන් ටැක්ස් වලට ගෙව්වෙත් Fiverr එකෙන් හම්බ කරපු සල්ලි වලින්. මම තාම ඉගෙන ගන්නවා ඒත් Fiverr එකට පිං සිද්ද වෙන්න මම මගේ වැඩ කරගන්න ගමන් ගෙදරටත් සලකන්න පුළුවන් වුණා.දැන් ඉතින් ජොබ් එකක් සෙට් නොවුණත් Fiverr එකෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා.
මම මේ හැමදේම කිව්වේ e-money වලට පිවිසෙන්න බලාගෙන් ඉන්න අයට පොඩි ආශාවක් ඇති වෙන්න. e-money කියන්නේ බොරුවක් නෙවෙයි.ඇඩ් ක්ලික් කර කර බොරුවට මහන්සි වෙන්න එපා.අනික ලංකාවේ e-money මුදලාලිලාට අහුවෙන්නත් එපා.සිංහල බ්ලොග් සර්ච් කරලා බලන්න ඕනෙතරම් ලිපි ඇති e-money ගැන.
Fiverr පටන් ගන්න කවුරු හරි ආශාවෙන් ඉන්නවා නම් මුලින්ම Iplus blog එක කියවන්න
අනික Fiverr එකෙන් කියලා නිකන් හම්බ කරන්නත් බෑ.උනන්දුව ආශාව වගේම මහන්සි වෙලා වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනෙ.මුලින් මොනව හරි ඉගෙන ගන්න.ග්‍රැෆික් ඩිසයින් මම කරන්නේ ඒ වගේ ඔයාලගෙ හැකියාව අනුව කැමති දෙයක් කරන්න පුළුවන්.
මම හිතන් ඉන්නේ තවත් Fiverr ලිපි දෙක තුනක් ලියන්න. Iplus ගේ ලිපි මාලාව බලන්න.ඒ හොදටම ඇති අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට.
මේ  මම සොප්ට්වෙයා එකක් විකුණලා ගත්ත එකක්.ඩොලර් 5ක් ගත්තා අනිත් එකවුන්ට් එක පෙන්වන්ඩ බැ.ලන්කාවෙ මිනිස්සුන්ට කියලා දෙන්න ගිහින් මගෙ එකවුන්ට් එකක් ක්ලෝස් කරන්න උනා. කැමති කෙනෙක් ඉන්නව නම් ගිහින් අදහසක් ගන්න.
http://www.fiverr.com/nayana12jith/supply-business-card-design-software?funnel=2014080104341472218454520
තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

කොපිස්කේප් කියන්නේ මොකක්ද



එකම වෙබ් අඩවිය නැවත නැවත පිටපත් කර ඇති වෙබ් අඩවි මොනවාදැයි මෙමගින් බැලිය හැකිය.යම් වෙබ් අඩවියක තිබෙන ලියවිලි අයුරින්ම පිටපත් කොට
වෙනත් වෙබ් අඩවියක යොදා ගෙන තිබේ නම් ඒවා සොයාදීම කොපිස්කේප් වෙබ් අඩවියෙන් කරයි.යම් වෙබ් අඩවියක ලිපිනය මෙම සර්ච් බොක්ස් එකෙහි ලියා සර්ච් කල පසු එම ලිපිනය ඇති වෙබ් අඩවියේ තියෙන ලියවිලි ඇති වෙනක් වෙබ් අඩවි මොනවාදැයි පෙන්වයි.
පහත ඇඩ්රස් එක ප්රයෝජනයට ගන්න.
www.copyscape.comතව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

මොකක්ද මේම් විබ්ලි කියන්නේ දැනුම ගන්න මෙහෙට එන්න.


නොමිලේ වෙබ් අඩවි සහ බ්ලොග් තනා දෙන වීබ්ලි බෙහෙවින් ජනප්රිය වෙබ් අඩවියකි.මෙමගින් ගිණුමක් ලබා ගත් විට තමන් කැමති ටෙම්ප්ලේට් එකක් තෝරාගෙන වෙබ් අඩවියක් නොමිලේ දියත් කළ හැකිය. ලෙහෙසියෙන් පහසුවෙන් ඔබේම වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න.පහත ලිංක් එකෙන් විබ්ලි වෙත පිවිසිය හැකිය.

www.weebly.comතව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

විද්‍යුත් තැපැවල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම



අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම
සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි. මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි.
එය ක්‍රියා කරන්නේ කෙසේද?
"කියවීමට ගෙවීම" (paid to read) සේවාවන් මගින් දැන්වීම්කරුවන් සහ තමන්ගේ පෞද්ගලික පරිඝනක භාවිතයෙන් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් සම්බන්ධ කරයි.තමන්ගේ වෙළඳ පණිවුඩ සඳහා ඉක්මන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දැන්වීම්කරුවන් කැමැත්තක් දක්වනවා. ප්‍රසිද්ධ කරවීම් සහ කියවීම් කාලය වෙනුවෙන් භාවිතා කරන්නන්ට ප්‍රතිඵල හා ත්‍යාග ලැබෙනවා.
මූල්‍යමය තෑගි වෙනුවෙන් සෙවුම්කරුවන් spam කිරීමට ලක්වීමට කැමති වන අවස්ථාවලදී, මූලිකවම මෙම පද්ධතිය අඩු හෝ වැඩි වශයෙන් අනුමැතිය පාදක කරගත් spam කිරීම් (“permission-based spam” )ලෙස ක්‍රියා කරයි. මක්නිසාද යත් දැනට ඇති පෞද්ගලික Inbox එක වෙනුවට සියලු අනවශ්‍ය පණිවුඩ යන Gmail, hotmail, Yahoo වැනි මුදල් ගෙවීමට අවශ්‍ය නැති අන්තර්ජාල සේවාවක් මගින් නවතම mailbox එකක් විවෘත කිරීම නුවණට හුරු නිසයි.
දිනකදී කොපමණ E-mail ප්‍රමාණයක් ඒවිද?
සරල පිළිතුරක් නැත.
එය සමාගමෙන් සමාගමට වෙනස් වන අතර ඔබේ user profile එකෙහි අන්තර්ගත කරන පෞද්ගලික තේරීම් මත එය රඳවා පවතී.
ඇත්තෙන්ම කොපමණ ඉපයිය හැකිද?
එය විවිධ හේතුන් මත රඳා පවතී.
ඔබ සම්බන්ධ වන කියවන ලද E-mail වලට ගෙවන වෙබ් අඩවි වැඩි වන තරමට (ඔබ sign-up වන සේවාවන් වැඩිවන තරමට) වැඩි මුදලක් ඔබට ඉපයිය හැකියි.
දැන්වීම්කරුවන්ගේ අනුග්‍රාහක E-mail කියවමින් ඔබ ඔබේ පෞද්ගලික පරිඝනකයේ ගත කරන කාලය.
සෑම E-mail එකක් සඳහාම දන්වීම්කරුවා විසින් ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවනවාද යන්න.
ඔබ භාවිතා කරන සේවාවට යහළුවන් කීදෙනෙක් අදාළ වෙනවාද යන්න. ඔබට බොහෝ දෙනෙක් අදාළ කරගත හැකි නම් නිසැකවම ඔබේ ඉපයීම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි.
සාමාන්‍යයෙන් ඔබ කියවන සෑම E-mail එකකටම ඩොලර් 0.01-0.05 ක් පමණ ඔබට ලැබෙන නමුත් සමහරු ඊට වැඩියෙන් ගෙවනවා. භාවිතා කරන්නන්ගෙන් 95%ක් මාසයකට ඩොලර් 75-150 කට වඩා උපයන්නේ නෑ. (මහන්සි වී වැඩ කරන) ඉතිරි 5% දෙනා වැඩියෙන් උපයනවා.
මෙම ක්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් 95% ක් පමණ එසේ කරන්නේ නෑ.මුදල් ගෙවන E-mail වැඩසටහනකට සහභාගී වීමෙන් අතිරේක මුදලක් උපයා ගැනීමට හැකි වුවත් එය පූර්ණ කාලීන ආදායමකට සමාන කළ නොහැකියි.
කොහොමද මුදල් ලබාගන්නේ?
සාමාන්‍යයෙන්,චෙක් පතක් හෝ paypal එකක් හරහා ඔබට ගෙවීම් කරනවා.
වියදම් වෙනවාද?
නැහැ, කිසිවකට ගෙවීමට සිදු වන්නේ නෑ.
කියවන ලද E-mail වලට මුදල් ගෙවන වෙබ් අඩවිවලට උදාහරණ:-
ඔබට ආරම්භ කළ හැකි (paid to read) සමාගම් කිහිපයකට උදාහරණ පහත දැක්වේ.ඒවා පරීක්ෂා කිරීමටත්,එය ඔබට ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඔබට බලය දෙනවා.
සියලු පිරිනැමීම් 100% ක් නොමිලේ.
http://www.sendearnings.com/

http://www.cash4offers.com/
http://www.sunshinerewards.com/

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

අන්තර්ජාල බැංකූ ගිණුම්


bank sinhala


අන්තර්ජාල බැංකූ ගිණුම්

අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම රුකියාවක් කල පසු එහි මුදල් ගෙන්වා ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු වෙනවා .
අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට අදාල මුදල ගෙන්වා ගැනීමටනෙ . එක් එක් ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
උදාහරණයක් විදියට ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ ඒවායින් ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්, එම චෙක්පත් ලංකාවෙ අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින් මාරු කරගන්න පුලුවන්.
ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල් ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම් හරහා පමණයි . Paypal , Payza (Alert pay) , Money booker කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.
බොහෝ ආයතන කරන්නේ තම ආයතනයෙන් යමෙකුට ගෙවිය යුතු මුදල් ඔහුගේ නමට ඇති මෙවැනි අන්තර්ජාල බැංකු ගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..
එනිසා දැන් බොහෝ දෙනෙක් කරන්නේ තම ක්‍රෙඩිට් ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩ් එකෙන් මුදල් කෙලින්ම ගෙවීම වෙනුවට මෙම අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට ඒ හරහා ගෙවීමයි . ඔබටත් අන්තර්ජාලයේදී යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට්, ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩි පතකින් නොගෙවා එය Money booker, Paypal , Payza (Alert Pay) වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන් බේරිමට හැකිවෙයි.
HNB හෝ කොමර්ශල් බැන්කුවේ සාමාන්‍ය ගිණුම් වලට දෙන වීසා ඩෙබිට් කාඩ් මෙම අන්තර්ජාල බැංකු ගිණුම් වලට සම්බන්ධ කරන්න පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩ් එකත් සම්බන්ධ කරන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ කරන්නත් පුලුවන්.
Money booker එකෙන් නම් දවස් දෙකෙන් තමන්ගේ ලංකාවේ බැංකු ගිණුමට මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඇත්තටම මෙය තමයි ලංකාවට මුදල් ගෙන්න ගන්න තියෙන පහසුම ක්‍රමය.
Pay Pal වලින් තවම මුදල් ලංකාවට ගෙන්න ගන්න බැ කියලා කවුරුත් දන්නවනෙ. ඒත් අපිට Pay Pal වලින් සල්ලි ගෙවන්න නම් පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩි එකක් අර ගෙන එකට ලින්ක් කලාට පස්සෙ ඒ හරහා ඔබට අවශ්‍ය අයට මුදල් ගෙවන්න පූලුවන්. Pay Pal වලින් මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයකුත් තියෙනව, ඒක ඔබට දක්ෂිණ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයෙන්යේ සමාජිකත්වය ලබාගත්තම දැනගන්න පුලුවන්.
Alert Pay(payza) එකෙන් නම් ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. වීසා ඩෙබිට් කාඩ් එකක් Alert Pay ගිණුමට ලින්ක් කිරීමෙන් එය කරන්න පුලුවන්.
PTC වෙබි අඩවි බොහෝමයක්ම වාගේ ඔබට ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert Pay (Payza) ගිණුමක් තබා ගැනිම ඉතාම වට්නව.

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

ODESK රැකියා එජන්සිය







මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොද අවබොධයක් ඇතිව කල යුත්තක්. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඩේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම ඩේටා එන්ටි‍්‍ර රැකියා කරන්න පුලූවන්. ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ්‍ය නැති, ලොකයේ හොදම රැකියා සපයන ආයතන කිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
ODESK, ELANCE කියන්නේ ඒ අතර ප‍්‍රධානම අයතන දෙකක්. මෙම ආයතන වල නිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.
ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත් තියෙනවා. එහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම් ලබනවා. සමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි. කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබනේ.
ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒ මෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබට ඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.
මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. ඉතින්, මට මේ වැඩය කරගන්න අවශ්‍යයි කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවා. එහිදි සුදුසු එක් අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.
තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඩේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. ODESK වැනි ආයතන සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. එනිසා කාටවත් බොරු කරන්න බෑ. අපි පැය 5ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න ඕන. හැබැයි අපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.
මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඩෙබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඩෙබිට් කාඞ් ලබා නොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඩෙබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්.
අනිත් එක මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි. එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගන්න. ඔබ ඔබට අවංක වෙන්න. ඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ඔබට කිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයි. එහෙනම් තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.
මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්. ODESK, ELANCE

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

සීෂාප් සිංහලෙන් (C#)


දැයේ දූ පුතුන්ගේ දැනුම වර්ධනය උදෙසා සීෂාප් සිංහලෙන් ඉදිරිපත් කර ඇති මෙම පාඩම් මාලාවෙන් ඔබගේ දැනුම වර්ධනයට කර ගනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.මෙය විජය පරිගනක සගරාවෙන් උපුටා ගන්නා ලදී.සී සාප් තුල වර්ණ භාවිතා කරන ආකාරය මැනවින් විස්තර කොට ඇති මෙම පාඩම මගින් උපරිම ප්රයෝජනයක් ලබා ගන්න.




sinhala c#

c# sinhala tutorial


තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.


තමන් විසින් ලියන විවිධ නෝට් ආරක්ෂා කර තබා ගන්නා එවර් නෝට්






තමන්ගේ විවිධ අදහස් හා නිර්මාන සටහහන් කොට නෝට් වශයෙන් මෙම වෙබ් අඩවියේ තැබිය හැක.ඉන්පසු ඉන්ටර්නෙට් ඇති ඔ්නෑම තැනකින් පිවිස එම නෝට් ප්රයෝජනයට ගන්නට පුලුවන.

ලින්ක් එක පහතින් දක්වා ඇත.



තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.


Wednesday, July 30, 2014

ඔන් ලයින් හාඩ් එකක් ඕනිද හාඩ් එකේ ඉඩ මදිද"

ඔන්ලයින් හාඩ් ඩිස්ක් එකක් ලබා දෙන ජංගල් ඩිස්ක්
මෙහිදී හරියටම පරිගනකයේ  තිබෙන හාඩ් ඩ්‍රයිව් එකට  සමාන ඔන්ලයින් ඩ්‍රයිව් එකක් ලබාදෙයි. මෙම ඔන්ලයින් ඩ්‍රයිව් එක සමග සාමාන්‍ය ඩ්‍රයිව් එකකදී මෙන් ෆයිල්ස් හුවමාරු කිරීමට කොපි පේස්ට් කිරීමට පුලුවන් ඒවා අවශ්‍ය කල් සුරැකිව තබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂ වාසියක් වේ.
www.jungledisk.com

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ  බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

චැටින්.ඉ මේල් නොටිපිකේසන් සහ සෝසල් නෙට්වර්කින් කල හැකි ඩිබස්බි

digsby

චැටින්.ඉ මේල් නොටිපිකේසන් සහ  සෝසල් නෙට්වර්කින් කල හැකි ඩිබස්බි
මෙම ඩිග්ස්බි වෙතින් ලබා දෙන ටූලය ඩවුන්ලෝඩ් කර ගත්  විට ලැබෙන බොහෝ අලූත් පීචර්ස් ඇති චැටින ක්ලයන්ස් සහ සෝෂල් නෙට්වර්කින් ටුල්ස් ලැබේ ඕනෑ නම්  තමන්ට් ලැබෙන ඉමේල් එසැණින් දැන්වීමේ  සේවාවද ලබා ගත හැකි මේ සදහා පහත ලිංක් එක භාවිතා කරන්න.

http://www.digsby.com/


තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ  බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.

Monday, July 28, 2014

පිට ඔපේද ඇතුලද ඇවිත් බලන්න.

මම අද කියන්න යන්නේ මගේ විස්තර ටිකක් මම මෙහෙම පටන් ගන්නම්.මම මුලින්ම කොම්පියුටරයක් ගත්තේ 2006 අවුරුද්දෙදී. මට ඒකට ගියේ රුපියල් 7000ක ් විතර ඔ්කෙන් තමා මම කොම්පියුටරයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ ඉස්කෝලේ කොම්පීතර් තියනවා ඒ උනාට ඒවා අල්ලන්න බයයි ඒ දවස් වල.මම රීට පස්සේ කොම්පීතර් පොත් ගෙනත් කියවා ඒවා කරලා තනියම ඉගන ගත්තා මෙහෙම ඉදලා ඒලෙවෙල් ඉවර උනාම කොම්පීතර කෝස් එකක් කරා.හයර් ඩිප්ලෝමා එකක් ඒකෙන් මට මූලික ෆවුන්ඩේසන් එක වැටුනා.ඉන්ටර්ානට් එක ගැන ඉගන ගත්තා වෙබ් සයිට් එකක් හදා ගන්නේ කොහොමද කියල් ඉගන ගත්තා

යාලුවෙකුටත් වෙබ් එකක් හදලා දුන්නා. 2009 අවුරුද්දේ විතර රී මනී ගැන මට අහන්න ලැබුනා. මම හොයලා බැලුවා ඒ දවස්වල රී මනී හම්බ කරපු කවුරු හරි ඉන්නවාද කියලා ඒත් හිටියෙනෑ. මට ඒ ගැන විස්තර කීවෙ මල්ලි කෙනෙක් එයා ෆීල්ඩ් එකට බැස්සා මම මුකුත් කරේ නෑ ජොබ් එකක් කරා ඒකත් අයිටී පීල්ඩ් එකේ එකක් නෙවේ.2011දී මම කියපු මල්ලී ඇඩ්සෙන්ස් වලින් චෙක් එකක් ගෙදරට ගෙන්නා ගත්තා.රීට පස්සේ මමත් රී මනී පීල්ඩ් එකට බැස්සා. ඒ 2011 දී . ඇඩ්සෙන්ස් ගන්න සෑහෙන ට්‍රයි කරා ගන්න බැරි උනා.රිට පස්සේ හදපු බ්ලොග් එකෙන් මොනවා කරන්නද මෙහෙම ඉන්න කොට බිඩ්වටයිසර සෙට් උනා

ඒක හොදා මම ඒකෙන් ඇඩ් ගත්තා.ඒවාගේ ක්ලික් එකකට ගෙවන ගනන රුපියල් 2ක් විතර වෙනවා.නිකන් තියන බ්ලොග් එකනෙ කියලා ඒක දැම්මා.තව දෙයක් කරා ඇඩ්ප්ලයි පටන් ගත්තා.ඔඩෙස්ක් කරා.ෆයිවර් කරා මේ සේරගෙන්ම කිසි ප්‍රශ්නයක් නැතිව මුදල් ගෙන්න ගන්න පුළුවන් .මූලිකම දේ තමා මේ පිල්ඩ් එකට එනව නම් කැපවීම ඉවසීම තියෙන්න ඔ්නා.සමහර විට  දවසෙන් දෙදෙන් ඔයාලට සල්ලි හොයන්න පුලුවන් වෙයි.තවත් සමහර විට අවුරුදු 2ක් විතර යයි. ඒක තීරනය වෙන්නේ ඔයාලගේ ලක් එක අනුවයි. ටිකක් කට්ට කන්න කවදා හරි දවසක හරි යයි.

මම ගොඩක් විශ්වාසෙකින් කියන්ගේ ෆයිවර් කියන්නේ සල්ලි උල්පතක්.වැඩ දන්නවා නම් ගොඩම තමා .මෙම පොයම් එල් කේ  වෙබ් එකේ ඔයාලට වැදගත් වෙන මට වැදගත් උන ලිපි මම දාලා තියනවා පිලිවෙලක් නැතිව අච්චාරුවක් වගේ ඇති. ගනන් ගන්න එපා පිට ඔපේ ගැන හිතන් නැතිව  මේ බ්ලොග් එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න.
ස්තුතියි.
පොයම් එල් කේ ඇඩ්මිනිස්ටේටර්

පහසුවෙන් වීඩියෝ ක්ලිප් සාදා ගත හැකි ස්ටූප්ෆ්ලික්ස්








යම් මාතෘකාවක් යටතේ තමා සතු වන වීඩියෝ පොටෝ සහ වීඩියෝ ක්ලිප් මෙම වෙබ් සයිට් එකට අප්ලෝඩ් කර මනරම් වීඩියෝක්ලිපයක් සාදා ගැනීමට ඔබට පුළුවන්.


වැඩි විස්තර සයිට් එකට ගිහිල්ලම බලන්නකෝ. විශේෂ වාසියක් වශයෙන් කියන්න පුලුවන් වීඩියෝ එඩිටින් ගැන නොදන්නා අයටත් ලේසියෙන්ම තම නිර්මාණය කරන්න පුලුවන් කම තියෙනවා .වැදගත් නම් ශෙයා කරන්න.කමෙන්ට් කරන්න.අඩුපාඩු කියන්න.
තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ  බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.

හනි හනිකට ලොගෝ එකක් හදා ගන්න මේ පැත්තට ඇවිත් යන්න.







මම අද අදුන්වලා දෙන්න යන්නේ අලුත් වෙබ් සේවාවක් ගැන.මේක ගැන ඔයාලා සහහර විට දන්නවත් ඇති නොදන්න කට්ටියට දැන ගැනී ම සඳහා මම කියන්නම්කෝ. මේකෙ නම තමා ලොගෝ යර්ස් කියලා. පල්ලේ තියන ලින්ක් එකෙන යන්න පුලුවන් මේ සයිට් එකේ තියන මෙවලම් භාවිතා කරලා ඔයාලාට කැමති විදියට ලොගෝ එකක් නිර්මානය කරන්න පුලුවන්

www.logoyes.com

වැදගත් වෙයි කියලා හිතනව නම් යාලුවෝ අතර බෙදා ගන්න ලින්ක් එක ශෙයා කරන්න අලුත් දේවල් ඉගෙන ගන්න පොයම් එල් කේ වෙබ් බ්ලොග් එකට හැමදාම එන්න අදහස් දක්වන්න
www.poemlk.blogspot.com

Sunday, July 27, 2014

හැකියාවට රැකියාවක්! කව්ද ඔන්ලයින් සල්ලි හයන්න බැහැයි කිව්වේ?

හැකියාවට රැකියාවක්! කව්ද ඔන්ලයින් සල්ලි හයන්න බැහැයි කිව්වේ?



freelancer

මට හිතුන freelancer ගැන පොඩ්ඩක් සදහන් කරන්න. සමහරු දන්නවත් ඇතිනේ. මේක part time ජොබ් එකක්. මේක හරිම ලේසියි. ඕගොල්ලෝ computer ගැන මොකක් හරි ඉගෙන ගෙන ඇතිනේ. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ඉගෙන ගත්තු දේවලින් මොකක් හරි project එකක් කරලා දෙන එක තමයි. උදාහරණයක් විදියට කිව්වොත් ඕයා Graphic නිපුනයෙක් නම් (නිපුනයෙක් වෙන්න ඕනෙම නැහැ) logo එකක් හරි පිට කවරයක් හරි design කරලා දෙන්න පුළුවන්. මේකේ graphic විතරක් නෙවේ Software , web design , copy writing වගේ දේවල් තියනවා. graphic පැත්තෙන් වැඩක් කරලා දුන්නොත් 20$ (Rs .2200) ලැබෙනවා. software වල නම් maxxaaa .... 500$ (Rs . 60000) ක් හොයන්න Software Engineer ලට පුළුවන්. මම කලින් කිව්වා වගේ Software Engineer ස්‌ල වෙන්න ඕනෙම නැහැ. මමනම් හිතන්නේ ඕගොල්ලෝ නොදන්න දෙයක් නම් නැතුව ඇති. මොකද කිව්වොත් ලිපි ලියන එකත් වැඩක්ද? (5$ - 50$) ලැබෙනවනේ.. ඔයාට වැඩක් කියන්නද? මම මේකෙන් පොඩි හොර වැඩක් කරනවා. පුස්තකාලේ ඉංග්‍රීසි පොත් තියනවනේ. ඒවා type කරලා දෙනවා. එකත් ඕගොල්ලන්ට කරන්න බැරි වෙන එකක් නැහැනේ.

www.poemlk.blogspot.com

රු. ලක්ෂ පහක් ෆ්‍රී-ලාන්සින් හරහා සෙවීමට උර දුන් PHP+MySql

ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මිළට ගැනීමට $50ක් සොයා ගැනීමේ අරමුණින් ෆ්‍රී-ලාන්සින් වෙත යොමුවීම මේ වන විට ඩොලර් 4590 ක් උපයා ගැනීම දක්වා විහිද ගියා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාස නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට අමතරව Dell Streak 5 Android Tablet එකක් සහ,  මීට ඉහතදී ලිපියක් මගින් විස්තර කරපු Syma s32g හෙලිකොප්ටරේ ගන්න පේපෑල් වෙත ෆ්‍රීලාන්ස්  හරහා ලබාගත්ත ඩොලර් 380 එකතු වුනාම ෆීලාන්සිං වලින් හොයපු සම්පූර්ණ $$ ප්‍රමාණය ඩොලර් 4580ක්,  ලංකාවේ මුදලින් නම් රු 500310/= ක්. මේ මුදල ලබාගන්න මාස 08ක් පමණ ගතවුනත් මම ෆ්‍රී-ලාන්සින් වැඩ සදහා ගතකලේ සතියකට දින 03ක් පමණ, එයත් රාත්‍රී කාලයේ දිනකට පැය 4ක් පමණ. ඉතින් මේ විස්තරේ ඵලකලේ ෆ්‍රීලාන්සින් වෙත යොමුවීමට ආසාවෙන් සිටින අය සහ මෙවැනි දේවල් වංචා සහගතයි යන හැගීමෙන් සිටින අයගේ සිත් ධෛර්යයමත් කරන්නයි.


sinhala tutorial
Moneybookers Summary
මේ මුදල් උපයාගත්තේ කුමන ආකාරයේ freelance project හරහාද යන්නත් මා
 විස්තර කරන්නම්. මා නිමකල ව්‍යාපෘති බොහෝමයක්ම PHP සහ MySql යන කාණ්ඩයට
 අයත්. මූලික වශයෙන්ම අන්තර්ජාලය ඔස්සේ දත්ත ගබඩාවකට දත්ත එකතුකිරීමට 
මෙන්ම ඒ දත්ත ආධාරයෙන් යම් වාර්ථාවක් ලබා ගත හැකි ආකාරයේ හෙවත් 
Web Application කියන කාණ්ඩයට අයත් ව්‍යාපෘති. Freelance Project එකකින් 
ලැබෙන අඩුම මුදල $30ක් වුවත් $750ක් මිළ නියම වූ Project 02ක් සහ
 $500 Project එකකුත් යම් යම් අවස්ථාවන්හීදි මා වෙත ලබාගත හැකි වූවා. 

php + mySql programming ඉගෙනගත්තේ කෙදිනක හෝ freelance සදහා 
උපකාරී වේයැයි සිතා නොව වෙබ් පිටුවක් තුළ දත්ත හසුරුවන්නට php ඉතා
 පහසුවෙන් යොදා ගත හැකි වීම හේතුවෙන්. බ්ලොගයට සේම ෆෝරමයට එක
 එක් අංගෝපාංග එක් කිරීමේදී බොහෝ විට සහය වූයේ php සහ mysql. 1
00%ක්ම අන්තර්ජාලය ඔස්සේම php+mysql ඉගෙන ගත්තා යැයි කිවොත්
 එය සම්පූර්ණයෙන්ම නිවැරදියි. VB, Java වැනි භාෂාවන් විටින් විට 
අන්තර්ජාලය හරහාම ප්‍රගුණ කළත් මේ කිසිදු භාෂාවක් අන්තර්ජාලය 
හරහා හැදෑරීමට පෙර ඒ ඒ භාෂාවන්ට අදාලව කිසිදු න්‍යායාත්මක කරුණක් 
සම්බන්ධයෙන් මා දැනුවත්ව සිටියේ නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගත් ජාවා  
project එකක් නිවැරදිව compile කර ජංගම දුරකථනයකට දමා ගැනීම සදහා මාස 
ගණනාවක් ගත වූවා. Net-Beans, Eclipse වැනි මෘදුකාංගයන් ස්ථාපනය කලත්
ඒවා නිවැරදිව හසුරුවන්නට දවස් ගණන් උත්සාහ කළා යැයි කීවොත් වඩාත් 
නිවැරදියි. මාස ගණනාවක් ගත කර අදාල project එක නිවැරදිව compile කර 
ජංගම දුරකථනයට දමාගත් පසුවත් යම් යම් දෝෂ (Bugs) මතුවන්නට වූවා. 
නමුත් ඒවාත් එකින් එක විසදා ගෙන අදාල application 
එක නිවැරදිව 
ක්‍රියාත්මක වෙද්දී Java වලට අදාල න්‍යායාත්මක කරුණු බොහොමයක් 
ප්‍රගුණ කර අවසන්.

බ්ලොග් ලිපි වශයෙන් ඉදිරිපත් කළ GPS Tracker Application එක සහ
 SMS Server Application එක ඉන් සමහරක්. විනෝදාංශයක් ලෙස හැදෑරුවත්
 PHP, Java වැනි භාෂාවන්ට අදාලව දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් හොද
 මිළක් නියම වී තිබෙනවා. මෙවැනි භාෂාවක් ඉගෙනගැනීම සදහා ඔබ තුළත්
 යම් ආශාවක් තිබෙනවා නම් ඒ ආශාව ඔස්සේ ඉදිරියට යන්න. මෙවැනි
 භාෂාවක් අනතර්ජාලය ඔස්සේ ඉගෙනීමට භාවිතා කළ හැකි W3schools 
නම් අඩවිය වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අන්තර්ජාල පාසලක්. 
දවසකින් දෙකකින් නොවුනත් මාස කිහිපයකින් හෝ ඔබ යම් 
භාෂාවක් (Programming Language) ප්‍රගුන කරාවි. මේ සදහා 
කිසිදු මූලික සුදුසුකමක් අව්ශ්‍ය වන්නේ නැහැ.උනන්දුව සහ
 උත්සාහය පමණක් ප්‍රමාණවත්!!

ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම

ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම | How to start freelancing

ඔන්න මට හිතුනා හැමෝම කථා කරන ෆ්‍රීලාන්සින් ගැන පොඩි පෝස්ට් එකක් දාන්න. ඉතින් ශ්‍රීලංකාවාසී හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරන ගමන්ම වැඩේ පටන් ගමු.

කෙටියෙන්ම සහ සරලවම කියන්නම් ෆ්‍රීලාන්ස් වැඩ කරලා ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි නෙවෙයි මාසෙකට රුපියල් 100,000/= වගේ ගාණක් හොයන එක නිදිමරාගෙන කට්ට කාගෙන කරන්න ඕනි වැඩක් නම් නෙවෙයි. හැබැයි හැම මාසෙම ලක්ෂයක් හොයන්න නම් උනන්දුවක් සහ කැප වීමක් තියෙන්නම ඕනි. ඒ වගේම තමයි මම දන්න ප්‍රධාන සයිට් දෙකේම මේ වැඩෙන් තමන්ගේ අතට ගානක් එනකම් සත පහක් වත් ගෙවන්න ඕනිත් නැහැ. තමන්ට ගානක් ලැබෙන්න කලින් මොකක් හරි සයිට් එකකින් සල්ලි ඉල්ලනවා නම් ඒ සයිට් එක පැත්ත පලාතේ වත් යන්න එපා කියලයි සහ සුද්දෙන්ම කියන්නේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, තමන්ට ජොබ් එකක් හම්බවෙලා ඒ ජොබ් එක සාර්ථකව නිම කලායින් පස්සේ ඒ ජොබ් එකේ එකෙන් 10% වගේ අදාල සයිට් එකේ සේවා ගාස්තුව වශයෙන් අපිට අපේ සේවා දායකයා එව්ව මුදලින් අය කර ගැනීමක් නම් සිද්ද වෙනවා. උදාහරණයක් විදියට අපිට නිමා කරපු ප්‍රොජෙක්ට් එකට ඩොලර් 100ක් හම්බවුනොත් එයාල ඒකෙන් ඩොලර් 10ක් අඩු කරගෙන ඩොලර් 90යි අපේ පේපෑල් එකට දාන්නේ.

කවුද මේ එයාලා කිවුවේ?Freelancer සහ oDesk කියන සයිට් දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ෆ්‍රීලාන්සින් වලට ප්‍රසිද්ද. Fiverrකියන සයිට් එකෙනුත් 5$ වගේ මුදලක් ලැබෙන පොඩි පොඩි වැඩ (Gigs) කරන්න පුලුවන් වුනත් මම ඒක ගැන ඒ තරම් උනන්දු නොවුනේ තෝරු මෝරු අල්ල ගන්න පුලුවන් කොට හාල්මැස්සෝ පස්සේ මොකටද කියලා හිතුන නිසයි (Fiverr කරන අය තරහා නොවෙත්වා). මට හිතෙන විදියට දැනටමත් අන්තර්ජාලය භාවිතා කරන තරුණ වයසේ අයගෙන් සෑහෙන පිරිසක් මේ සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම එහෙම කියන්නේ මේ වෙනකොට(1330 hrs on 11/04/2014) freelancer.com සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න 
usersලා ගාන 10,788,698 ක් වන නිසාත් තව පැයකින් විතර බැලුවොත් අලුතින් usersලා 1000ක් විතර වැඩි වෙලා තියෙන නිසාත්.

ඕනි කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් මොකක්ද ප්‍රශ්නේ?හුගක් අය කියන කථාවක් තමයි අනේ මාත් අවුරුදු දෙක තුනක ඉදන් ඔය සයිට් දෙකේම රෙජිස්ටර් වෙලා ජොබ් වලට ඇප්ලයි කර කර ඉන්නේ. ඒත් මේ වෙනකන් සත පහක් වත් හොයාගන්න නම් පුළුවන් වුනේ නැහැයි කියන එක. ෆ්‍රීලාන්සින් වලට විතරක් නෙවෙයි මේ ලෝකයේ ඕනිම දේක එහෙම තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද කියන එක හොයාගත්ත දාක අපිටත් පුළුවන් ඒ බැරියර් එක තරණය කරගන්න. මම මුලින්ම කියලා දෙන්නේ ඒ බැරියර් එක පැන ගන්නේ කොහොමද කියන එකයි.

හොදයි මෙහෙම හිතමු අපි ෆෘට් සැලඩ් එකක් හදන්න පළතුරු ටිකක් ගන්න මාර්කට් එකට ගියා කියල හිතමු. හැම තැනම පළතුරු කඩ තියෙනවා. අපි හම්බවෙන මුල්ම කඩෙන් පළතුරු ටික අරගෙන ගෙදර එනවද? ඔව්, එහෙම කරන අයත් ඉන්නවා, අන්තිම හදිස්සි වෙලාවක නම් තෝර තෝර ඉන්න වෙලාවක් නැහැ, හම්බවෙන මුල්ම කඩෙන් බඩු ටික අරගෙන ගෙදර ගිහින් බඩු සවුත්තු නම් ආයිත් ඒ කඩෙන් බඩු ගන්නේ නැහැයි කියලා තීරණයකට එන අයත් ඉන්නවා. ඒ වගේම තව සමහරු ඉන්නවා කඩවල් කීපයකට ගිහින් පළතුරු වල සුවද එහෙම බලලා ටිකක් ඔබල බලලා එහෙමත් මිළට ගන්න අය. තව සමහරු ඉන්නවා පළතුරු සාම්පල් එකක් කාල බලලම ගන්නවාද නැද්ද කියලා තීරණයකට එලෙබෙන අය. ඒ වගේම පළතුරු කඩේ හොද පොෂ් විදියට තියෙනවා නම් එතන තමයි නියම ප්ලේස් එක කියලා හිතන අයත් ඉන්නවා.

පළතුරු මිළට ගන්න එකයි ෆ්‍රීලාන්සින් කරන එකයි සමාන වෙන්නේ කොහොමද?ෆ්‍රීලාන්සින් කරන්න ගියාම පළතුරු වෙලෙන්දා වෙන්නේ ෆ්‍රීලාන්සින් කරන අපිනේ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එකකට අදාලව බිඩ් එකක් දාන කොට ඒ බිඩ් එක බලන කෙනාට "මූ තමයි සිරාම පොර" කියලා හිතෙන විදියට වැඩේ කරන්න ඕනි. නවකයෙක් බිඩ් කරන කොට එයාට රිපුටේෂන්, වර්කින් හිස්ටර් මොනවත් නැති නිසා සේවා දායකයා ලේසියෙන් නවකයෙක්ව තෝරා ගන්නේ නැහැ තමන්ගේ ප්‍රොජෙක්ට් එකට.

ඒ වුනාට අපි ප්‍රොජෙක්ට් එකට අදාලව ඒ හා සමාන වැඩ මීට කලින් කරලා තියෙනවා නම් අපිට ඒවායේ ලින්ක්ස් සබ්මිට් කරන්න පුළුවන් වගේම එහෙම ලින්ක්ස් නැත්නම් අපි කරපු ප්‍රොජෙක්ට් එකක Reports වගේම screen shot වුනත් ඇටෑච් කරලා යවන්න පුළුවන්.ඒ වගේම තමයි bid එකට අදාලව හොද බ්‍රීෆ් එකක් දෙන එකක් වැදගත්. මොකද එහෙම වුනොත් තමයි සේවා දායකයා දැනගන්නේ තමන් දාපු project description එක හරි‍යට කියවලා බලලා තමයි මේකා බිඩ් කරලා තියෙන්නේ කියන එක.ඒ වගේම ප්‍රොජෙක්ට් එකකත බිඩ් කරද්දී "I can do this perfectly" වගේ ලගින් නවලා බිඩ් එකක් දාන්නේ නැතිව ටිකක් විස්තර ඇතුව බිඩ් එක සබ්මිට් කරන්න.

English grammar වගේ දේවල් නම් ලා බලන්නේ නැති වුනාට අපි කියන දේ එයාලට තේරෙන්නවත් ඕනි නිසා අඩුම ගානේ ලග ඉන්න කෙනෙක්ට පෙන්නලා මේ කියන දේ තේරෙනවද කියලා අහලම බිඩ් එක සබ්මිට් කරන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි දැනුම යම් තරමකින් හෝ අව්ශ්‍ය වෙන බවත් කියන්නම ඕනි. මොකද 
අපිට ඒ වැඩේ තිතටම කරන්න පුලුවන් කියන එක 100% ක්ම ශුවර් වුනත් අපි ඒ දේ අපේ සේවාදායකයාට ඒත්තු ගන්වන්න වෙන්නේ එයා දන්න භාෂාවෙන්. ඉතින් ෆ්‍රීලාංසින් කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් ටිකක් වර්ධනය කරගත්තොත් හොදයි.

freelancer

මේ තියෙන්නේ මීට අවුරුදු 3 කට කලින් ෆ්‍රීලාන්ස් වල මගේ මුල්ම ප්‍රොජෙක්ට් එකේ සුද්දා සහ මා අතර අදහස් share වුනා ආකාරයයි.