Showing posts with label Fiverr. Show all posts
Showing posts with label Fiverr. Show all posts

Monday, August 11, 2014

Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

ඔයාගේ ජිවීතේ පළවෙනි $4 දැනටමත් ඔයා උපයලා ඇති… ඔව් ඔයා අන්තර්ජාලයෙන් උපයපු ගාණගැන තමයි. සමහරවිට ඒ Fiverr වලින් වෙන්නත් පුලුවන්. ඔයා සමහරවිට කලින් කියලාදීපූ උපක්‍රමත් පාවිච්චිකරන්න ඇති, ඒත් දන්නවද … මට Fiverr වල පළවෙනි Sale එක ආවේ ඒ කිසිම දෙයක් නොකර වගේම….
පළවෙනි සතියෙමයි!
Fiverr 1st Sale 1st Week
තවත් දෙයක් තමයි මං අන්තර්ජාලයෙන් මුලින්ම හොයපු $1 එතන තිබුනේ නැහැ. එහෙම කියනකොට ඔයාට හිතෙන්න ඇති ඔයා ඒ හැමදේම කලොත් ඔයාට පළවෙනි සතියේ කොච්චර ලැබෙයිද කියලා.
ඒ ගාණ ගැනනම් මට කියන්න බැහැ ඒත් ඔයාට අනිවාර්යයෙන් Sale එකක් එන එකනම් මට Sure එකටම කියන්න පුලුවන්.
සාර්ථකත්වයේ එක වැදගත් තැනක අත්නොහරින උත්සහය කියලා දෙයක් තියෙනවා, ඉතින් ඒක ඔයා ළඟ තියාගෙන දිගටම උත්සහා කරන්න. ඉතින් කලින් කිව්ව හැමදේම කරලත් ඔයාට තාම ප්‍රථිපළයක් නැතිනම් ඔයාට ඒ දේවල් කරද්දී කොතනද වැරදුනේ කියලා හොයාගෙන එතනටOptimization එකක් දෙන්න.
හරි, ඔයා දැන් කියවන්නේ Ultimate Fiverr Post Series එකනේ, අදත් ඔයාගේ Fiverr Business එක තියෙන තැනින් තව ටිකක් උඩට ගෙනියන්න වැදගත් Strategies ටිකක් දෙන්නම්.
කැමතිද ඔයාගේ Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න? මං ඒක තවත් පැහැදිලි කලොත් SEO කියන අකුරු තුනෙන් කියල…?

මුකුත් කියන්න කලින් දෙයක් පෙන්වන්න කැමතියි ඔයා බලන්න කැමතිනම්.
Fiverr SEO Gig Impressions Boost Proof
හම්….! දවස් 7කින් Impressions 12000ක්.
කැමතිද ඔයාගේ Fiverr Business එකටත් ඒ වගේ Boost එකක් දෙන්න, එහෙනම් දිගටම කියවන්න.

Bit of SEO, Load of Exposure

ඔයාගේ Fiverr Gig එක SEO කරන්න මුලින්ම අවශ්‍ය වෙන්නේ Primary Keyword එක හොයාගන්න එක. මෙහෙම හිතන්නකෝ, ඔයා දෙන සේවය මිලදීගන්න ඕන අය මොනවගේ වචනයක් (හෝ දෙකක්) පාවිච්චි කරයිද ඔයාගේ සේවය ගැන හොයන්න.
Example:
ඔයාට Conversion Rate Optimization ගැන Gig එකක් තියෙනවනම් Primary Keyword එක විදිහට, Conversion Optimization කියන එක ගන්න පුලුවන්.
මේ විදිහට ඔයාගේ Gigs වලටත් Primary keywords තෝරගන්න.

Title, Description, Tags with SEO

Gig Title එක ලියද්දී ඔයා තෝරගත්ත Primary Keyword එකත් ඒකට ඇතුලත් කරන්න ඕනා. ඒ වගේම ඔයාගේ Gig එක Publish(Save) කරපු ගමන් ඒකට Gig URL එකකුත් හැදෙනවා හැබැයි ඔයාට පස්සේ ඒ URL එක වෙනස්කරන්න බැහැ.
මේ Gig URL එක හැදෙන්නේ ඔයාගේ Gig Title එකේ වචන වලින්. පහළ උදාහරණය බලන්නකෝ
Gig Title – I will create highly professional graphic design for $5
Gig URL – http://fiverr.com/leanlifeacademy/create-a-highly-professional-graphic-design
Title in the URL – create-a-highly-professional-graphic-design
කොහොමහරි Gig Title එකෙයි, Gig URL එකෙයි Primary Keyword එක දාගන්න බලන්න.
Gig Description එකේදී මේ Primary Keyword එක උපරිම 2-3 අතර දාන්න ඕනා. සාමාන්‍යයෙන් අකුරු 1200න් ලියන්න පුලුවන් වචන 240ක් වගේ. ඉතින් මේ වචන ගාණට Primary Keyword එක 2-3ක් සඳහන් කරන එක අවුලක් නෑ. මෙතනදි තවත් දෙයක් ගැන සැළකිලිමත් වෙන්න ඕනා ඒ තමයි ඔයා මේ ලියන Description එකේ පළවෙනි වාක්‍ය තමයි Search Result එකේ පෙන්වන්නේ.
ඒ නිසා Primary Keyword එකෙන් පළවෙනි වාක්‍ය පටන්ගන්න පුලුවන් නම් නියමයි.
Gig Tags වලටත් පළවෙනි Tag එක හෝ දෙක විදිහට Primary Keyword එක දාන්න.

Gig Images SEO

Gig Image එකක් SEO කරන්න ක්‍රම 2ක් තියෙනවා, ඒ Image File Name එක වගේම Image Meta Data ටිකයි. මතක ඇතුව ඔයාගේ Primary Keyword එක Gig Images 3නේ File Name එකට දාන්න. ඒක නම් ලේසියි! Image Meta Data දාන්න Photoshop Software එක පාවිච්චි කරන්න පුලුවන්.
තවත් දෙයක් තමයි Image එකේ File Size එක. මේක පුලුවන් උපරිමයෙන් අඩුකරන්න ඒවගේම Photoshop වලින්ම මේ වැඩෙත් කරගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

Gig Video SEO

Gig Video එකක් SEO කරන්නත් කලින් කිව්ව ක්‍රම 2ම තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ ඔයාගේ Primary Keyword එකත් Video File Name එකට දාන්න. Video Meta Data දාන්න මං පාවිච්චි කරන්නේ Camtasia Software එක, ඒකෙන් තමයි මගේ හැම Video වැඩක්ම දැනට කරන්නේ.
කලින් Images වලට කලා වගේ Video එකේ Size එකත් අඩුකරන්න, එතකොට SEO වලට වගේම Gig එක බලන කෙනාටත් කරදරයක් නැහැ මොකද Video එක ඉක්මනට Load වෙනවා. ගොඩක් වෙලාවට Camtasia වලින් හදන 45s Videos වල Size එක 20mb පයින්නේ නැහැ.

Possible Category SEO.

හිතන්නකෝ ඔයාගේ Gig එකෙන් ලබාදෙන්නේ Copywriting Service එකක් කියලා ඉතින් මෙතනදි ඔයාගේ Primary Keyword එක ‘Copywriting’ කියලා ගන්න පුලුවන්. එතකොට ඔයාට Categories විදිහට ගන්න පුලුවන් මේ දෙක.
Main Category – Writing & Translation.
Sub Category – Copywriting.
මේ වගේ ඔයා තෝරගන්න Primary Keyword එක Category එහෙකත් තියෙනවා නම් ඒක Category එක විදිහට තෝරගන්න.

All Positive Reviews

ඔයා Gig එකකින් ලබාදෙන සේවය මිලදීගන්න කෙනෙක් Google එකේ Search කරනකොට වාසනාවකට වගේ ඔයාගේ Gig එක පේන්න පුලුවන් මෙතනදි ඒ කෙනාට ඔයාගේ Service එකට ලැබිලා තියෙන Rating එක පේනවා පහළ පින්තූරයේ විදිහට. ඉතින් ඔයාගේ ඔක්කොම Customersලා Gig එකට Positive Rate කරලා තිබුනම ඒ කෙනාට පේන්නේ තරු 5හේ සේවයක් විදිහට.
Fiverr SEO Positive Rating
මේ Rating එක කියන්නෙත් Google එකේ Ranking Factor එකක්.

Social Signals for Fiverr Gig SEO

මේ ගැනනම් සමහර අයට හදුන්වලා දෙන්න දෙයක් නැහැ, මොකද ගොඩක් අය Gig එක විදිහට කරන්නෙත් Social Signals විකුණන එකනේ. Social Media Sites කියන්නේ ලෝකයේ ලොකු විශ්වාසයක් තියෙන වගේම මිනිස්සු ගොඩක් ගැවසෙන තැනක්.
ඉතින් මේ වගේ තැනක ඔයාගේ Services ගැන කතාබහක් වෙනවා කියන්නේ ඒක හොඳ දෙයක් වගේම මේ වගේ තැන්වල ඔයාගේ Fiverr Gigs වලට Links තියනවා කියන්නේ Googleට ටිකක් වැදගත් දෙයක්. හැබැයි ගොඩක් අය කරන විදිහට මේකේන් ගන්න පුලුවන් උපරිම දේවල් ගන්න බැහැ.
ඔයාට නිකං ආතල් එකට වගේ හිතුනනම් මොනාහරි Social Signal Exchange Site එකකට Join වෙලා අම්බානෙට මේවා ටිකක් ගන්න, ඒක හිතින් අයින්කරගන්න එක හොඳයි.
ඒ විදිහට ගන්නකොට ඒක Natural දෙයක් නෙමෙයි, Natural නැති දෙයකට Google කැමති නැහැ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමේකින් මේ දේවල් ගන්න එක තමා හොඳ.
හෙමිහිට ඔයාගේ Social Profiles වලින් එක ගාණේ අරගෙන ඔයාගේ යාලුවොන්ගෙත් උදව් අරගන්න. මං නිතරම Target කරන්නේ Social Media Sites 5කට විතරයි.
1. Google+
2. Youtube
3. Facebook
4. Twitter
5. Pinterest
මෙතනින් Google+ වලට සුවිශේෂී තැනක් තියෙනවා ඒ කොහොමවුනත් මේ 5න් ඔයාට පුලුවන් තරම් Shares අරගන්න බලන්න හිමිහිට වගේම ටිකෙන් ටික.

What Next…!

1. මේ කිව්ව අංග ටික හොඳට Optimize කරලම බලන්නකෝ, අනිවා ඔයාට ලොකු Improvement එකක් දැනේවී. එහෙම දැනෙනකොට මෙහෙටත් කියන්නකෝ.
2. ඔයා හිතන්නේ මේ SEO – Search Engine Optimization වලට පුලුවන්වෙයිද ඔයාට හොඳට Fiverr Orders Lot එකක් ගෙනල්ලා දෙන්න?
3. ඔයා වගේම හැමෝම ආසයිනේ හැමදාම එක Fiverr Order එකක් හරි ගන්න. ඉතින් ලෝභනොවී ඒ හැමෝටම උදව්කරන්න කැමතිනම් මේ ලිපියට Google+ එකකුයි, Facebook වලයි Share කරන්න!

සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න

ගොඩක් අය Fiverr Ultimate Post Series එකේ පළවෙනි Fiverr Introduction ලිපියට හොන්ද Shares ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි.
මං කලින් Fiverr Introduction Post එකේ කිව්වේ Fiverr කියන්නේ මොකක්ද, ඇයි අනිත් Professional Freelancer Sites තියෙද්දිත් ඔයා Fiverr කරන්න ඕන කියලා. ඔයා තාමත් ඒක කියෙව්වේ නැත්නම් ඒක කියවන්න මුලින්.
Fiverr කියන්නේ Online Mini MarketPlace එකක් කියලා මං කලින් කිව්වා. ඉතින් Fiverr පටන් ගන්න කැමති නම් ඔයා මුලින්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හැම දෙයක්ම පටන්ගන්න කලින් හොන්ඳට Plan කරාම ඒකේ Foundation එක ගොඩක් ශක්තිමත්. කිසිම Plan එකක් නැති දෙයක් ලේසියෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මුලින්ම Plan එක, ඊටපස්සේ ඒක Follow කිර්‍රිම කරන්න.
සාමාන්‍යයෙන් ඔයාට Fiverr පටන්ගන්න ඕන වුනාම ඔයා මුලින්ම කරන්නේ ඉක්මනින් ගිහින් Fiverr Account එකක් හදන එකනේ, ඒත් හොන්ඳට Plan කරලා කරද්දී ඒක නෙමෙයි ඔයා ගන්න ඕන පළවෙනි Step එක. Fiverr Account එකක් හැදුවට වැඩක් නැහැ කරන්නේ මොනාද කියලා කිසිම Idea එකක් නැත්නම්..!

Fiverr Language, Get Used To It

හැබැයි ඒක කියන්න කලින් Fiverr පාවිච්චි කරනකොට අහන්න ලැබෙන දේවල් ගැන ටිකක් කියන්නම්. එතකොට අවුලක් නැතුව වැඩේ කරන්න පුලුවන්. Fiverr එකට සම්බන්ධ පාර්ශවයන් 2යි. මේ කට්ටිය හින්ඳා තමයි Fiverr එක ඇතුලේ Business එකක් වෙන්නේ.
1. Buyers – මේ කියන්නේ ඔයාගේ සේවය හෝ භාණ්ඩය අරගෙන සල්ලි දෙන පුද්ගලයා. අනිත්Freelancer Sites වගේ නෙමෙයි Fiverr එකේ Buyersලට Payment එක කරන්න ලේසියි වගේම වැඩේ කරාට පස්සේ සල්ලි නොදී ඉන්න බැහැ, මොකද මුලින්ම Payment එක කරලා ඉන්න ඕනා වැඩේ බලන්න.
2. Sellers – මේ කියන්නේ සේවය හෝ භාණ්ඩය විකුණන පුද්ගලයා, වෙනත් විදිහකින් කිව්වොත් මේ තමයි ඔයා අයත් වෙන පාර්ශවය. ඔයා විකුණන හැම දෙයක්ම $5 නමුත් ඔයාට ලැබෙන්නේ $4 ඉතුරු $1 Fiverr Service Fee එකක් විදිහට එයාලට කැපෙනවා.
දැන් කියන්නම් Fiverr Language එක ගැන, මේවා දැනගෙන Fiverr පාවිච්චි කරනකොට අවුල් සහගත් තැන් එනවා අඩු වෙයි..!!
Gig – ඔයා Fiverr එකේ දෙන භාණ්ඩය හෝ සේවයට තමයි Gig එකක් කියලා කියන්නේ.
Featured Gig – Fiverr එක හොන්දට අලෙවිවෙන Gig වලට කැමතියි. ඉතින් ඒ අය Gig එක Featured කරනවා. එහෙම නැත්නම් අපිට ඉල්ලන්නත් පුලුවන්. මෙහෙම කරාම Gig එක නිතරම වගේ Homepage එකේ පළවෙනි Gig Listing 4න් එකකට එනවා. ඒ වගේම Featured Gig Badge එකකුත් ලැබෙනවා Gig එකට. වෙනත් විදිහකින් කිව්වොත් Fiverr Community Trust එක ලැබෙනවා.
Request Gigs Feature of Fiverr Platform
Fiverr Request Gigs
Request Gigs – මේ කියන්නේ Fiverr එකේ තියෙන තවත් Feature එකක්. මේක නිසා සමහර අයට Punishment හිටන් ලැබිලා ඇති. මටත් එකක් ලැබුනා, ඒවා මේ Post Series එකේ අන්තිම ලිපිය විදිහට කියන්නම්. මේක තියෙන්නේ දකුණු පැත්තේ Fiverr Sidebar එකේ. මේකෙන් ප්‍රදානවම වෙන්නේBuyersලට අවශ්‍ය දේවල් කරගන්න ගැලපෙන Sellersලව හොයාගන්න එක. මේකේ දාන ඕන දෙයක් දාන්න පුලුවන් Buyer කෙනෙක්ට විතරයි. ඔයාගේ Fiverr Gigs ගැන කියලා ඕකේ දැම්මොත් ඔයාට Fiverr එකෙන් ප්‍රශ්ණ වෙයි.(Restrictions, Limitations.!!)
Fiverr Levels – Fiverr එකේ වැඩ කරන එක ටිකක් Fun වෙන්නත් එක්ක තමයි Fiverr Levels තියෙන්නේ. Fiverr එකේ ප්‍රදානව Levels 4ක් තියෙනවා. Level 1, Level 2, Top Rated Seller & Fiverr Super Seller තමයි Levels ටික. මේවා ගැන වැඩි විස්තර වෙනත් ලිපියකින් කියන්නම්.
Gig Extras – කලින් කිව්ව Fiverr Levels ලැබෙනකොට ලැබෙන එක Feature එකක් තමයි Gig Extras කියන්නේ. මේක ලැබුනම ඔයාට පුලුවන් $5ට වඩා ලොකු ගාණකට වැඩකරන්න. $10, $20, $40 වගේම $100 වෙනකනුත් යන්න පුලුවන් උපරිම Levels වලට ගියාම.
Fiverr Revenue Card – මේ කියන්නේ Payoneer MasterCard Debit Card එක ගැනම තමයි.

This Gig, That Service, What Product…!!

Fiverr Language එකත් මතක තියාගෙන පළවෙනි Step එක කරන්න. ඔයා Fiverr එකෙන් මුදල් හොයනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ Step එකෙන්. මෙතනදි ඔයා වැරදි දෙයක් තෝරගත්තොත් ඔයා Fiverr වල සාර්ථක වෙන්නේ නෑ. නමුත් මෙතනදි විතරක් හරියටම නිවැරදි දෙයක් කරලා නිකං බලාගෙන හිටියා කියලත් ඔයා සාර්ථක වෙන්නේ නෑ. ඒක තමයි Challenge එක.
හොන්ද Strong Plan එකක්, Vision එකක් එක්ක, මහන්සි වෙලා වැඩකරන්න පුලුවන් නම් ඔයාට මේක ගින්නක් නෑ.
අද වෙනකොට Fiverr එකේ නැති දෙයක් නැති තරම්, පහළින් තියෙන්නේ දැනට Fiverr එකේGig Category Range එක. කෙටියෙන් කිව්වොත් ඔයාට Gig Idea එකක් එහෙමත් නැත්නම් කරන්න පුලුවන් දෙයක් තෝරගන්න ප්‍රදාන වර්ග(Main Categories) 12ක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදාන වර්ග 12 තවත් උපවර්ග(Sub-Categories) 119ක් බෙදලා තියෙනවා.

Gifts

Greeting Cards.
Video Greetings.
Unusual Gifts.
Arts & Crafts.
Handmade Jewelry.
Gifts for Geeks.
Postcards From..
Recycled Formats.
Other.

Graphics & Design

Cartoons & Caricatures.
Logo Design.
Illustration.
eBook Covers & Packages.
Web Design & UI.
Photography & Photoshopping.
Presentation Design.
Flyers & Brochures.
Business Cards.
Banners & Headers.
Architecture.
Landing Pages.
Other.

Video & Animation

Commercials.
Editing & Post Production.
Animation & 3D.
Testimonials & Reviews by Actors.
Puppets.
Stop Motion.
Intros.
Other.

Online Marketing

Web Analytics.
Article & PR Submission.
Blog Mentions.
Domain Researches.
Fan Pages.
Keywords Research.
SEO.
Bookmarking & Links.
Social Marketing.
Get Traffic.
Video Marketing.
Other.

Writing & Translation

Copywriting.
SEO Keyword Optimization.
Creative Writing & Scripting.
Translations.
Transcripts.
Website Content.
Reviews.
Resumes & Cover Letters.
Speech Writing.
Proofreading & Editing.
Press Releases.
Other.

Advertising

Hold Your Sign.
Flyers & Handouts.
Human Billboards.
Pet Models.
Outdoor Advertising.
Radio.
Music Promotion.
Banner Advertising.
Other.

Business

Business Plans.
Career Advice.
Market Research.
Presentations.
Virtual Assistant.
Business Tips.
Branding Services.
Financial Consulting.
Legal Consulting.
Other.

Programming & Tech

.NET.
C++.
CSS & HTML.
Joomla & Drupal.
Databases.
Java.
Javascript.
PSD to HTML.
WordPress.
iOS, Android & Mobile.
PHP.
QA & Software Testing.
Technology.
Other.

Music & Audio

Audio Editing & Mastering.
Jingle.
SongWriting.
Music Lessons.
Rap Music.
Hip-Pop Music.
Narration & Voice-Over.
Sound Effects & Loops.
Custom Ringtones.
Voicemail Greetings.
Custom Songs.
Other.

Fun & Bizarre

Your Message On..
Extremely Bizarre.
Celebrity Impersonators.
Daredevils & Stunts.
Pranks.
Dancers.
Just For Fun.
Other.

LifeStyle

Animal Care & Pets.
Relationship Advice.
Diet & Weight Loss.
Health & Fitness.
Makeup, Styling & Beauty.
Online Private Lessons.
Astrology & Fortune Telling.
Spiritual & Healing.
Cooking Recipes.
Parenting Tips.
Travel.
Other.

Other

Anything else falls here.
ඉතින් මේ ලෝකේ ඕනම කෙනෙකුට මොනවම හරි කරන්න පුලුවන් දෙයක් ඔය Fiverr Gig Category 131ක ඇතුලේ තියෙනවා. බැලූ බැල්මට ඔයාට පේන්න පුලුවන් ඔයාට කරන්න පුලුවන් දෙයක් නැහැ වගේ, නමුත් හොන්ඳට හිතුවොත් ඕනම කෙනෙකුට කරන්න පුලුවන් දේවල් 10වත් එනවා.
ඔයාට හොන්ඳට Brainstorm කරන්න ලේසි වෙන්නත් එක්ක තමයි ඔක්කොම Fiverr Gig Categories ටික උඩ දාලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් හොඳ ප්‍රයෝජනක් ගන්න. සමහරවිට ඔයා තවත් කෙනෙක් කරන දෙයක් කරන්න යන්න ඇති, ඒත් ඔයාට ඒක ගැන හොඳ අවබෝධයක් නැතුව දිගටම කරගන්න බැරුව, ඔයා නවත්වන්නත් ඇති. ඔයාට ගැළපෙන Fiverr Category එක එහෙම නැත්නම් Niche එක හොයාගන්න මෙහෙම කරන්න.
1. උඩ දීලා තියෙන Fiverr Category 131න් ඔයාට දැනටම Knowledge එකක් තියෙන, ඔයා ගොඩක් ආසකරන(Passion) ඒවා 20ක් විතර වෙනම ලියාගන්න.
2. දැන් ඔය ලියාගත්තු 20න් එකක් අරගෙන, $5ට දෙන්න පුලුවන් පුන්චි පුන්චි සේවාවන්(Services or Gig Ideas) ටිකක් ලියන්න. උදාහරණයක් විදිහට Online Marketing යටතේ එන Fan Page කියන Category එක ගමුකෝ. මං මෙන්න මේ විදිහේ Services List එකක් ලියනවා මේ Category එකෙන්.
I will Create a Professional Timeline Cover for $5.
I will Create a Business Fan Page for your Company, Website for $5.
I will Design a Custom Opt-In Tab in your Facebook page for $5.
and the list goes on….
මං හිතන්නේ දැන් ඔයාට තේරෙනවා කොහොමද කරන්න ඕන කියලා. ඔය විදිහටම අර වෙනම ලියලා තොරගත්තු Fiverr Category 19නුත් Gig Ideas List එකක් ලියන්න. අඩුම තරමේ එක Fiverr Category එකකට 10වත් ලියන්න උත්සහා කරන්න. දැන් ඔයා Category 20න්ම 10 ගානේ ලිව්වනම් ඔක්කොම Gig Ideas 200 තියෙන්න ඕනා. ඔයාට Fiverr Account එකේ දාන්න පුලුවන් Gigs 20යි, ඉතින් ඔය 200ම දාන්න බෑනේ. ඒ නිසා දැන් ඔයා ඒවා ටික Filter කරගන්න ඕනා. ඒක කරන්නේ මෙහෙමයි.

Awesome Gig Filtering Formula

 Gig Filter කරද්දී මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ Official Fiverr Pages ටික කියවන එක. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ, ඒත් කියවන්න ඕනා.
→ Fiverr TOS
→ Fiverr Privacy Policy
ඔය දෙකේ සිංහළ Version එක වෙනත් ලිපියකින් දාන්නම්, ඒත් ඉතින් English Knowledge එක දියුණු කරගත්තේ නැත්නම් ඔයාටම තමයි පාඩුව වෙන්නේ. හරි, දැන් ඔය දෙකම සම්පූර්ණයෙන් කියෙව්වම ඔයා ලියලා තියෙන Gig Ideas or Services 200න් Terms of Service or Privacy Policy Violate වෙන Gig Ideas or Services කෙලින්ම කපලා දාන්න.
මේ Step එක අනිවාර්යයෙන් කරන්න ඕනා, සමහරවිට මේකේදි අයින් කරන්න පුලුවන් Gig Ideas නැතිවෙන්නත් පුලුවන්, තියෙන්නත් පුලුවන්. කොහොමවුනත් තියෙන ඒවා අයින්කරන එක අනාගතයට හොඳයි.!
 පැය 10, 12 වගේ යන ඒවා තියෙනවනම් ඒවත් අයින් කරන්න. මොකද $5ට ඒ වගේ ලොකු වෙලාවක් ගන්නවා කියන්නේ එතන Sales තිබුනට සාර්ථකත්වයක් නැහැ. “Time Is Money” කියලත් තියෙනවනේ, ඉතින් කාලය වැඩියෙන් යොදවන තරමට මුදල් වැඩියෙන් ලැබෙන්න ඕනා. නැතුව $5ට දවසෙම වැඩක් කරන එක නෙමෙයි.
ඒවගේම මේකත් මතක තියාගන්න, මුලින්ම පටන්ගත්තු ගමන් මේ කිව්ව සාර්ථකත්වය හොයන්න යන්න එපා, පටන්ගනිද්දි වැඩි අවධානය තියෙන්න ඕන මුදල් නෙමෙයි, ලැබෙන Sales ගාණ. ඔයාට ලාභ නැතිවුනත් කමක් නෑ, Gigs 3,4ක වැඩක් වුනත් කමක් නෑ. මොකද ඉස්සරහට ඒවත් අල්ලන්න පුලුවන් තරම් Sales එනවා.
 සාමාන්‍යයෙන් ඉල්ලුම තියෙන්නේ මොනවටද? සමහරවිට ඔයා කියයි Graphic Designing කියලා, ඔව් Graphic Designing වලට ලොකු ඉල්ලුමක් තියෙනවා, නමුත් ඒක නෙමෙයි ඉල්ලුම තියෙන එකම Industry එක. ඒ වගේම ඒක නෙමෙයි ලොකුම ඉල්ලුම තියෙන Industry එක.
Online Marketing Category එකේ Gigs වලට තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ, උදාහරණයක් විදිහට Writing, Web Designing & Developing, SEO, Social Media Marketing වගේ තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. මෙතනදි වෙන්න ඕන Highest Demanded Category එකේ Services දෙන එක නෙමෙයි, ඔයා ලියලා තියෙන Gig Ideas 200න් මොන ඒවටද වැඩිම Demand එක තියෙන්නේ කියලා හොයාගන්න එක. ඊට පස්සේ Demand එක අඩු ඒවා අයින්කරලා දාන්න.
Demand එක වැඩි ඒවා හොයාගන්න පුලුවන් Fiverr එකේම චුට්ටක් Surf කරානම්. Order Queue එක එහෙමත් නැත්නම් Gig එකට බලන වෙලාවේ ඇවිල්ලා තියෙන Orders ලිස්ට් එක බැලුවම බලාගන්න පුලුවන්. ඒ වගේම Demand එක තියෙන Category වලම තමයි එක වගේ Gigs ගොඩක් තියෙන්නේ එහෙමත් නැත්නම් Competition එක වැඩිවෙන්නේ Demand එක තියෙන පැත්තේ.
දැන් ඉතින් Competition එක වැඩියි, මට Order එකක් වත් එන එකක් නැති වෙයි කියලා වැඩේ අතාරින්න එපා. Smart මොලයක් තියෙනවා නම් Competition එක ගැන භය වෙන්න දෙයක් නැහැ.
දැන් ඔය Steps 3ම දාලා Gig Filter කරාම, ඔයාට Gig Ideas ටිකක් ඉතුරු වෙයි. ඒවා තමයි Fiverr එකේ ඔයා දෙන්න යන Services වෙන්නේ.
ඔයාටත් පහළ රූපයේ වගේ ටික කාලයක් යද්දී Direct PayPal or Payoneer Orders ගන්න පුලුවන්, මේ Post Series එකේ කියන දේවල් ඒ විදිහටම කලොත්. Direct Orders ගනිද්දී $1 එකට කැපෙන්නේ නෑ(ඒත් PayPal Business Fee එක කැපෙනවා. $10 ගත්තොත් ලැබෙන්නේ $9.31, ඒත් පාඩු නැහැ..!). ඒ කියන්නේ ඔයා $70 Project එකක් Fiverr එකෙන් අරගෙන කලොත් ඔයාට $14 නැති වෙනවා, නමුත් Direct PayPal or Payoneer ගත්තම $14ත් ලැබෙනවා. ඒ වගේම මේ Revenue Proofs දාන්නේ මේවා දකිනකොට ලොකු Motivation, Self Confidence එකක් එන නිසා.
Direct Order Projects on May
May Direct Sales Proof
දැන් මං එහෙම කිව්වා කියලා ඔය විදිහට Direct ගන්න යන්න එපා. හැමදේටම System එකක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට.!
හරි දැන් එහෙනම් ඔය කිව්ව විදිහට කරලා Filtered Gig Ideas ලිස්ට් එකක් හදාගෙන ඉන්න. ඊළඟ ලිපියෙන් Fiverr Business එක පටන්ගන්න හැටි කියන්නම්. තවත් දෙයක් තියෙනවා, කලින් ලිපියේ වගේම මේකටත් ඔයාගේ උදව් අවශ්‍යයි. ඉතින් මේකට කලින් ලිපියට වඩා Google +1, Facebook Shares දාන්න කියලා ඉල්ලනවා.
ඒ වගේම ඔයා මොකද හිතන්නේ මේ ලිපිය ගැන? මං කියන්න ඕනම දෙයක් මග ඇරියද මේ මාතෘකාව සම්බන්ධව..? දැන් ඉතින් Comments ලියන්න තියෙන්නේ ඔයාටයි…! :)
උපුටා ගැනීම http://www.slmarketer.com/brainstorming-fiverr-gig-ideas/

Monday, August 4, 2014

උණු උණු Gig එකක් හදමු ---fiver 2 කොටස

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ    http://sitemoneylot.blogspot.com/2014/05/gig-fiver-2.html      මගිනි. මෙහි කිසිදු හිමි කමක් www.poemlk.blogspot.com    සතු නොවේ.

(fiver ගැන පලමු ලිපිය මෙතනින් කියවන්න) කලින් දාපු ලිපයෙ විදියට Fiverr account එකක් හදා ගන්න ඇතිනේ.එහෙනම් මේ ලිපියෙන් නියම Gig එකක් දාන හැටි බලමු.ඊට කලින් ඔයාල දැනගන්න එපැයි මොනවද Gig එකට දාන්නෙ කියල..මෙන්න මේ වගේ දේවල් ටිකක්...(දැන් ඔයා Fiverr වල වැඩ කරන්නෙ Seller කෙනෙක් විදියට...ඒ කියන්නෙ ඔයා තමයි වෙළෙන්ඳා.)

  • තමාගේ විශේෂ දක්ශතා තියෙනවානම් ඒවා විකුනන්න පුලුවන්, සින්දු කියන්න, සංගීත භාන්ඩ වාදනය, ‍රැප් කිරීම, ලිවීම වගේ දේවල්.
  • Graphic Designing වැඩ.

  • Social Marketing (Facebook Likes 500ක්,  Twitter Follower 500 ක්, LinkedIn Connectors, Google + friends)

  • Programming  වැඩ .

  • Net එකෙන්ම හොයාගත්ත eBooks, Video lessons, Learning Essentials.

  • ඒ වගේම තමන්ට හොඳයි කියල හිතෙන ඕනෑම දෙයක්. එක ගිනුමකට ගිග් 20ක් හදන්න පුලුවන්නේ. ගිනුමුත් ඕනෑතරම් හදන්න පුලුවන්. හිත හිත ඉන්න එපා.
එහෙනම් Fiverr Tabs වලින් Start Selling තෝරන්න

1. Gig Title එක

fiverr

 

   ඔයා කරල දෙන්නෙ මොකක්ද කියල කෙලින්ම කියන්නෙ Title එකෙන්.ඒක නිසා Title එක මීට කලින් කවුරුවත් දාලා නැති ඕන කෙනෙකුට කියවන්න හිතෙන විදියට දාන්න.

Title එක  යොදනකොට ඔයාල කරන දේ කැපිටල් වලින් ලියන්න.ඵක ඔයාගෙ ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට යන්න ගොඩක් බලපානව.ඵ් වගේම තමා Title එක වෙනස් ඵකක් වෙන්න ඕන ඵ් කියන්නේ ක්‍රෙය්ටිව්.ඒ වගේම ඉතා ඉක්මනින් වැඩේ කරල දෙනව නම් ඒ Time period එකත් Title එකට ඇතුල් කරන්න. 

උදාහරණ: I will give you 1000 real TWITTER followers in 48hrs for $5


2. Category

fiverrGift Ideas
Fun & Bizarre
Graphics
Video
Social Marketing
Travel
Writing
Postcards
Advertising
Music & Audio
Tips & Advice
Business
Technology
Programming
Other

    මේකෙදි ඔයාල කරන්න යන වැඩේට අදාල කන්ඩය තෝරන්න.ඉහත උදාහරනයට අනුවනම් “Online Marketing >> Social Marketing” තමා ගැලපෙන්නේ.ඵ් වගේ ඔයාලත් අදාල කැටගරි ඵක තෝර ගන්න

 

3.Gig Gallery

fiverr

Gig එකක Gallery එකට අපි හදාගත්ත High Quality Images තුනක් දාගමු.. මුලින්ම දාන image එක අපි දෙන serivce එකට අදාලව Fiverr ගැනත් සඳහන් වෙන්න ඕනෙ..මොකද එතකොට Gig එක Search result එකෙන් උඩට ගන්න හරිම ලේසියි.උදාහරණයක් විදියට මෙන්න මේ වගේ


fiverr

                      (හැබැයි මේකම බාගෙන දැම්මට ORDERS ගන්න බැහැ හොඳේ ..!)


ඉතුරු දෙකට ඔයාගේ Work Samples දෙකක් දැම්මත් කමක් නෑ..

682*459 කියන size එකේ High quality Images තුනක්ම දාන්න කියල මම ආයෙත් කියනවා.

4. Description එක

fiverr


  අලුත් Fiverr V2 එකේ තියෙනවා Description එක ලස්සනට ලියන්න පුළුවන් tools ටිකක්.මේවා දීල තියෙන්න Gig එකේ Quality එක වැඩි කරගන්න.ඒ නිසා මතක ඇතුව ඔයාම ලියන Description එක ටිකක් ලස්සනට පැහැදිලිව ලියන්න.ඔයා ගැන පොඩි බටර් පාරක් ගාල ඔයා කරන්නේ මොකක්ද කියල දාන්න."කාර්යය කිරීමට ඔබට තියෙන සුදුසුකම්,මෙම කාර්යයෙහි තිබෙන වැදගත්කම,අවශ්‍ය,කාල පරාසය,Buyer ගෙන් මොනවාද මේ සදහා අවශ්‍ය" කියන කරුනු මේ සදහා ඇතුලත් කරන්නත් ඕනෑ.අන්තිමේදි ෆිවර් ඵකට පොඩි බටර් පාරක් ගාන්න "Get good service only fiverr"

උදාහරණ: 
"As a Social Media Marketing Expert I know what I am doing, and I will give you 1000+ Twitter followers in 48hrs. I will have to follow this targeted twitter users, and will require your password. Check my feedback"

"Get good service only fiverr"

 

5.Tags (Keywords)

fiverr

Tags වලින් තමයි ඔයාගෙ Gig එක ප්‍රධානවම search එකක පෙන්වන්නෙ. V2 එකේ දාන්න පුළුවන් උපරිම tags 5යි.ඔයා කරන දේට අදාල ටැග්ස් දාන්න .ඔයා හිතන්න ඔයා බයර් කියල ඔයා ඔය දේ කරගන්න ඕන උනාහම ෆයිවර් ඵකේ සර්ච් කරන්නේ මොකක් ගහලද? අන්න ඵ් ගහන ටික දාන්න ටැග්ස් වලට.

ඉහත උදාහරණයට අනුව:twitter,real, followers, social, marketing


6. Duration

  මේකෙදි කියන්නෙ ඔයාල මේක දින කියක් ඇතුලත කම්ප්ලීට් කරනවද කියන ඵක ගැන මුල් දවස් වල දාන්න පුලුවන් අඩුම දින ගාන දාන්න මොකද ඕනම කෙනෙක් කැමති ටක්ගාල වැඩේ කරගන්න නේ ඵක නිසා දවස් 1 හෝ 2ක් දාන්න.

 

7. Instructions To Buyer

fiverr

ඔයාලට Buyerගෙන් ගන්න ඕන දේවල් ලියන්න. උදාහරණයක් විදියට මම Twitter Followers අරන් දෙන නිසා මට Buyrගෙ එක Username,Password දැනගන්න අවශ්‍යයි.ඒක නිසා මම ඒවා Instructions වල දානව.දැන් ඵ්කත්හරි නේ.

උදාහරණ:
"I need your username and password"

 

ඔන්න ඔය ටික ලස්සනට කළානම් දැන් Save & Continue දෙන්න .... ඊට කලින් ආයෙ බලන්න ඔයා උපරිමයෙන්ම Gig එක හැදුවද කියලා.

fiverr

Save & Continue කළාට පස්සෙ මෙහෙම Screen එකක් ඒවි.දැන් තමයි සිරාම වැඩේ තියෙන්නෙ.

8. Vedio එකක් හදලා upload කරන්න


fiverr

ඔයාල කරන දේට අදාල Super වීඩියෝ ඵකක් යොදන්න.හැබැයි ඔයාම හදපු ඵකක් දාන්න.ඒක ඔයාගෙ Gig එක වෙනම search  වෙන්නත් බලපානවා.අපි වීඩියෝව හදන්න ඕන ෆට්ටම විදියට ඔය ඉස්සර කලා වගේ ඉමෙජ් ගොඩාක් ප්ලේ කරලා වැඩක් නෑ . හොද ඉෆෙක්ට් ටිකක් එක්ක හොද වීඩියෝවක් හදන්න.ටයිම් එක තත්පර 40ක විතර වීඩියෝ එකක් දමන්න නැත්තන් ෆේල් කරනවා. තවම Video එකක් හදාගත්තෙ නැත්නම් skip දීල දාන්න.

 Gig Extras දැමීම පස්සෙ කරගමු.ඒක දැන්ම අවශ්‍ය නෑ

fiverr

Skip දීල ඉස්සරහට යන්න.

ඊට පස්සෙ එන window එකෙන් No Thanks දෙන්න

fiverr


අවසානෙට Publish Gig දීල ඊට පස්සෙ Finish කරන්න

fiverr

හොඳයි ඔන්න ඔය විදියට තමයි Fiverr එකේ සුපිරියට Gig එකක් හදාගන්නෙ.

සැලකිය යුතුයි: ඔබ සෑදු Gig එකට Orders ලැබීමට නම් එය Search List එකක උඩට ආ යුතුය.Search List එකක උඩට ඒමට නම් ඔබේ Gig එක ඔබ උපරිමයෙන් කළ බව Fiverr team එකට පෙන්විය යුතුය.ඒ සඳහා Gig Video භාවිත කිරීම වඩාත් සුදුසුය.


www.poemlk.blogspot.com

Thursday, July 31, 2014

Iplus උපහාර fiverr ලිපිය


මම හිතන්නේ අද වන විට ලංකාවේ E-money කරන ගොඩක් දෙනෙක් දෙනෙක් fiverr ගැන දන්නවා. Fiverr ගැන මුලින්ම මම ඉගෙන ගත්තේ Iplus බ්ලොග් එකේන්.දැන් Fiverr කරන ගොඩක් දෙනෙක් මම හිතන්නේ Iplus නිසා Fiverr කරන්න පටන් ගත්ත අය.ලංකාවේ මිනිස්සු දන්න දේවල් හංගාගෙන තමන් විතරක් ගොඩයන්න හදන වෙලාවේ Iplus තමන් දන්න අනිත් අයට කියලා දුන්නා. Fiverr කරලා වාහන ගත්ත අය ගෙවල් හදන අයත් දැන් ලංකාවෙ ඉන්නවා.
කාලයක් ඇඩ් ක්ලික් කර කර සල්ලි හොයන්න පුළුවන් කියලා හිතපු මට අන්තර්ජාලයෙන් නිවරදිව හොද ගාණක් හොයා ගන්න පුළුවන වුණේ Iplus ගේ Fiverr ලිපි මාලාව නිසා. Fiverr එකේ පාර්ට් ටයිම් වගේ වැඩ කලොත් අනිවාර්යෙන්ම 40000 පන්නලා හොයන්න පුළුවන් ලේසියෙන්ම.හොදට වැඩ කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන් කෙනෙක්ට නම් මාසෙට ලක්ෂයක් කියන්නේ ලේසි ටාර්ගට් එකක්.බොරුවක් නෙවෙයි අත්දුටුවයි සහතිකයි.
ඉතින් මම මේ ලිපිය Iplus වෙනුවෙන් ලියන්න හේතුවුනේ Fiverr වලින් හම්බ කරපු සල්ලි වලින් මම ලැප්ටොප් එකක් ගත්ත නිසා.මම හම්බ කරපු හැම $ එකකටම Iplus ට ස්තුති වන්ත වෙනවා.ලැප්ටොප් එක $800ක් වුණා ඔක්කොම හෙව්වේ ෆයිවර් එකෙන් ටැක්ස් වලට ගෙව්වෙත් Fiverr එකෙන් හම්බ කරපු සල්ලි වලින්. මම තාම ඉගෙන ගන්නවා ඒත් Fiverr එකට පිං සිද්ද වෙන්න මම මගේ වැඩ කරගන්න ගමන් ගෙදරටත් සලකන්න පුළුවන් වුණා.දැන් ඉතින් ජොබ් එකක් සෙට් නොවුණත් Fiverr එකෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා.
මම මේ හැමදේම කිව්වේ e-money වලට පිවිසෙන්න බලාගෙන් ඉන්න අයට පොඩි ආශාවක් ඇති වෙන්න. e-money කියන්නේ බොරුවක් නෙවෙයි.ඇඩ් ක්ලික් කර කර බොරුවට මහන්සි වෙන්න එපා.අනික ලංකාවේ e-money මුදලාලිලාට අහුවෙන්නත් එපා.සිංහල බ්ලොග් සර්ච් කරලා බලන්න ඕනෙතරම් ලිපි ඇති e-money ගැන.
Fiverr පටන් ගන්න කවුරු හරි ආශාවෙන් ඉන්නවා නම් මුලින්ම Iplus blog එක කියවන්න
අනික Fiverr එකෙන් කියලා නිකන් හම්බ කරන්නත් බෑ.උනන්දුව ආශාව වගේම මහන්සි වෙලා වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනෙ.මුලින් මොනව හරි ඉගෙන ගන්න.ග්‍රැෆික් ඩිසයින් මම කරන්නේ ඒ වගේ ඔයාලගෙ හැකියාව අනුව කැමති දෙයක් කරන්න පුළුවන්.
මම හිතන් ඉන්නේ තවත් Fiverr ලිපි දෙක තුනක් ලියන්න. Iplus ගේ ලිපි මාලාව බලන්න.ඒ හොදටම ඇති අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට.
මේ  මම සොප්ට්වෙයා එකක් විකුණලා ගත්ත එකක්.ඩොලර් 5ක් ගත්තා අනිත් එකවුන්ට් එක පෙන්වන්ඩ බැ.ලන්කාවෙ මිනිස්සුන්ට කියලා දෙන්න ගිහින් මගෙ එකවුන්ට් එකක් ක්ලෝස් කරන්න උනා. කැමති කෙනෙක් ඉන්නව නම් ගිහින් අදහසක් ගන්න.
http://www.fiverr.com/nayana12jith/supply-business-card-design-software?funnel=2014080104341472218454520
තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

Wednesday, July 23, 2014

ඕඩර් එකක් ආවෝ...දැන් මොකද කරන්නේ????

ඕඩර් එකක් ආවෝ...දැන් මොකද කරන්නේ????

                 
fiverr sinhala
ෆයිවර් කරන අය දකින්න  කැමතිම වචනේ තමයි "order" අලුතින් ෆයිවර් රෙජිස්ටර් වෙලා ගිග් එකක් හදලා ඕඩර් එකක් ආවහම තියන සතුට කියලා නිම කරන්න බෑ නේ.මමත් ඔය අත්දැකීම ඒ විදිහටම විඳලා තියනවා.රෙජිස්ටර් වෙලා මාසෙකින් විතර තමා මට පලවෙනි ඕඩර් එක ආවේ.ඒ ලැබුනු ඩොලර් හතරේ  දැනුනු වටිනාකම කියලා නිම කරන්න බෑ.කාටත් ඔහොම නේ ඉතින්.
      අද අපි බලමු ඕඩර් එකක් ආවට පස්සේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියන එක.ඒ ගැන ලිපිය ලියන්නේ උනාට ඒත් එක්කම ගිග් එකක් සාර්ථකව හැදුවට පස්සේ අපි කලයුත්තේ මොකද්ද කියන එක ගැනත් සම්පූර්ණ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

කලින් ලිපි :

හරි එහෙනම් පටන් ගමු...........
 ෆයිවර් වලදි අපි සෙලර් කෙනෙක් නම් අපිට ලැබෙන්න පුළුවන් දේවල් මෙහෙමයි

1.Orders
2.messages
3.order updates
4.Order Modifications
5.Request for cancellation
6. Feed-backs



1.Orders
       කවුරු හරි අපේ ගිග් එක දැකලා අපේ සර්විස් එක ලබාගන්න $5 ක් ගෙවලා ඕඩර් එකක් දානවා.බයර් කම්ප්ලීට් විදිහට ඕඩර් කරාට පස්සේ අපි ඩිලිවර් කරන්න  දාලා තියෙන කාලයට අනුව ෆයිවර් countdown clock එක පටන් ගන්නවා.

2.messages
           සාමාන්‍යයෙන් අපේ ඕඩර් එකක් ගැන වැඩි දුරට දැන ගන්න ඕනේ උනාම කස්ටමර් කෙනෙක් අපිට මැසේජ් එකක් දාලා අහනවා මේ වගේ වැඩක් තියනවා ඔයාට කරන්න පුලුවන් ද කියලා.ඔන්න ඔතනදි ක්ෂණික රිප්ලයි දෙන එක මාරම වැදගත්.මොකද සමහරවිට එයා අපිත් එක්ක තව සෙලර්ස්ලා කීප දෙනෙක්ටම මැසේජ් දානවා වෙන්න පූලුවන්.සමහර ඉන්දියන් කාරයෝ(ඇමෙරිකන් කාරයෝ නම් මෙහෙම කරන අය අඩුයි) හැම එකාටම මැසේජ් දාලා කුණු කොල්ලෙට තමා වැඩ කරවගන්නේ.ඉතින් අපි ඉක්මනින්
                Hi,Definitely I can do it.Make the order to start your work.
                Thanks
            වගේ රිප්ලයි එකක් දුන්නොත් ඕඩර් එක අපිට ලැබේවි.ඒකට ඊ මේල් ෆෝන් එකට මැසේජ් විදිහට එන්න හදාගෙන තියන එක වැදගත්.ඒ ගැන දන්නේ නැත්තම් අහන්න

 3.order updates
        ඕඩර් එකක් ආවට පස්සේ බයර් අදාල ඕඩර් එක ගැන තව දුරටත් කතා කරනකොට ඒවා අපිට ලැබෙන්නේ order updates විදිහට.සමහරවිට අපේ ඩිලිවර් එකේ සංශෝධන ඕනේ කරන කොට වගේ  order updates  එනවාත.

4.Order Modifications
            අපි ඕඩර් එකක් ඩිලිවර් කරාට පස්සේ අපේ ඩිලිවර් එක ගැන බයර් සෑහීමකට පත් නොවුනම එයාට වෙනස් කිරිම් ඕනේ උනහම ඕඩර් එක රිජෙක්ට් කරනවා.මේක දැක්කහම බය වෙන්න එපා.පුළුවන් තරම් ඉක්මනට අඩුපාඩු ටික හදලා ආයේ ඩිලිවර් කරන්න.

5.Request for cancellation
             ඔන්න අවුලක් එන තැනක්.සමහරවිට නියමිත කාලයට ඩිලිවර් කරන්න බැරි වීම නිසා බයර් ඕඩර් එක කැන්සල් කරන්න කියලා ඉල්ලනවා.නැත්තම් සමහර හේතු මත අපිට කැන්සල් කිරීමක් බයර්ගෙන් ඉල්ලන්න වෙනවා.මේකෙන් ඔයාගේ රේටින්ග් අඩු වෙන්නේ නෑ.හැබැයි බයර් අපිට දීපු සල්ලි සේරම ආපහු එයාට දෙනවා.

6. Feed-backs
             මේ අනිත් වැදගත් දේ.අපි ඩිලිවර් එකක් දුන්නට පස්සේ අපේ සේවාව ගැන බයර් කියන දේ.ගොඩක් බයර්ස්ලා ෆීඩ්බැක් එකක් දාන්නේ නැතු ව යනවා.සමහර වෙලාවට ඕඩර් එක කම්ප්ලීට් කරන්නෙවත් නෑ.ඔටෝ කම්ප්ලීට් වෙන්න දවස් තුනක් යනවා.ඒකට විසඳුමක් විදිහට කරන්න තියෙන්නේ ඩිලිවර් කරද්දි අපි දාන මැසේජ් එකේ
               I will appreciate if you leave me a positive feedback with telling others how satisfied you with my service 
                 කියලා බටර් පාරක් ගාලා ෆීඩ්බැක් එකක් කටින්ම ඉල්ලන එක.එහෙම ඉල්ලඅවත් පාඩු නෑ මොකද positive feedback එකක් කියන්නේ පට්ටම වැදගත් දෙයක්.ඒකෙන් අපේ gig rating සහ overall rating දෙකම වැඩිවෙනවා..gig එකකට තියන positive feedback වැඩි වෙන්න වැඩ් වෙන්න ඒ ගිග් එක ලිස්ට් වල උඩට වැටෙනවා.කවුරුත් කැමති වැඩියෙන් හොඳ අහලා තියන තැනකින් වැඩක් කරවගන්නනේ
       ඒ වගේම එක negative feedback එකකින් පුළුවන් අපේ කිරි කලේට ගොම දාන්න.පුළුවන් තරම් negative feedback  නොදාගන්න කටයුතු කරන්න.එහෙම එකක් තියේ නම් $4 ගැන බලන්නේ නැතුව බයර්ට request for cancellation එකක් යවන්න.gig rate එක කෙසේ වෙතත් overall rate ඒ කියන්නේ අපේ එකවුන්ට් එකේ රේට් එක 100% තියාගන්න එක වටිනවා.


                              ඔන්න ඔය ටික තමයි අපිට දකින්න පුළුවන් අපේ සේල්ස් සම්බන්ධව.order updates හැර අනිත් සේරම අපි ෆයිවර් ලොග් උනාට පස්සේ to do tab එකේ පෙන්වනවා.ඒ මේ විදිහට

Fiverr සිංහලෙන්
පැහැදිලි නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න
       
        ඔය කොල පාටින් 1 ඉලක්කම වැටිලා තියෙන්නේ.order updates වලදි මෙහෙම වෙන්නේ නෑ.ඒක බලන්න නම් අනිවා ඊ මේල් inbox එක එක්ක ටච් එකේ ඉන්න වෙනවා.email to phone as a message වැදගත් වෙන දෙවෙනි තැන ඔතන.
            අපි to do tab එක උඩ ක්ලික් කරලා ගියාට පස්සේ එන්නේ මේ වගේ පේජ් එකක්

Fiverr සිංහලෙන්
පැහැදිලි නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න
             දැන් ඔය අංක කරලා තියෙන විදිහට එකින් එක බලමු.

  1. මේ ගැන මම කලින් කිව්වා වගේ order updates හැර අනිත් පහම මෙතන පෙන්වනවා notification විදිහට.order updates බලන්න පුළුවන් මීට එහා පැත්තෙන් තියන කොලපාට මැසේජ් අයිකන් එක ක්ලික් කරලා
  2. අපිට ඕඩර් එකක් හා සම්බන්ධ නොවන මැසේජ් එකක් ආවහම පෙන්වන්නේ මේ විදිහට.කොලපාට බට්න් එකෙන් මැසේජ් එකට යන්නමේ
  3. ඩිලිවර් කරන්න තියෙන ඕඩර් එකක්.පැය දෙකෙන් කියවෙන්නේ ඩිලිවර් කරන්න තියෙන dead line එකට තියෙන්නේ තව පැය දෙකයි කියන එක (පැහැදිලි නැතත් මීට යටින් තියෙන How was your experience with the buyer කියලා වැටිලා තියෙන්නේ බයර් දාපු Feedback එකකට අපිට re-feedback එකක් දෙන්න තියන එකක්.ඒක අපැහැදිලිව තියෙන්නේ මම ඒකට response කරලා තියන නිසා)
  4. අදාල මාසය තුලදි අපි උපයගත්ත $ ගාන
  5. අපේ overall rating (කලින් විස්තර කරන ලද)
  6. responsiveness මේක ගොඩක් වැදගත් අපිට ලැබෙන මැසේජ් ඕඩර් අප්ඩේට්ස් වලට රිප්ලයි දෙන්න අපි ගන්න කාලය average එකක් විදිහට මෙතන තියෙන්නේ.මේක පැය 3 ක් හෝ ඊට උඩින් තියාගන්න එක වැදගත්
  7. මේතනින් කියවෙන්නේ අපි මිලදී ගන්න ඒව ගැන.ඔයා සෙලර් කෙනෙක් විතරක් නම් මේ ටික වැදගත් නෑ
  8. දැනට අපිට අතට ගන්න පුළුවන් විදිහට තිය $ ගාන.සල්ලි ගන්න නම් මේ ගාන $20 ට වැඩි වෙන්න ඕනේ.ඕඩර් එකක් කම්ප්ලීට් කරාට පස්සේ  (බයර් කම්ප්ලීට් කලේ නැත්තම් දවස් 3 කින් ඔටෝ කම්ප්ලීට් වෙනවා)  දවස් 14 කින් සල්ලි revenue විදිහට එනවා.
         ඕඩර් එකක් ආවට පස්සේ..............
                    දැන් තමයි අද මාතෘකාවට ආවේ.ඒත් උඩින් කියපුවත් කියන්න ම ඕනේ වැදගත් දේවල්.හරි ඕඩර් එකක් ආවා කියමුකෝ.ඊට පස්සේ මේ දේවල් ගැන ඔලුවේ තියාගන්න

  1. පුළුවන් තරම් ඉක්මනට නියමිත කාලයට කලින් ඩිලිවර් කරන්න.express gig විදිහට තියාගන්නවනම් තවත් හොඳයි.ඒ කියන්නේ අපි පැය  24 ක් ඇතුලත් ඕඩර් කරහම අපි ෆයිවර් ගිග් එකට දෙන නම්බුනාමයක්.
  2. එක පාරින්ම බයර්ගෙන් පොසිටිව් ෆීඩ්බැක් එකක් ගන්න හැකිවෙන විදිහට ඕඩර් කරන්න.ඒකට ඕනේ කරන සියලු දේවල් බයර්ගෙන් ඉල්ලන්න.බයර් දෙනකම් බලන් ඉන්න එපා ලේට් උනොත් ඩිලිවර් එක අපිටමයි පාඩු
  3. ග්‍රැෆික් වගේ කරනවනම් (logo/business card/banner/header/cartoon/illustrator....) live portfolio on කරලා තියන එක ගොඩක් වැදගත්.ඒහෙම ඒවා ඩිලිවර් කරන්න හොඳම විදිහ තමයි 700x493 සයිස් එකෙන් අර ලොගෝ එක හරි බැනර් එක හරි අදාල එක දාලා ලස්සනට තවත් ගිග් පික්චර් එකක් විදිහට හදාගන්න fiverr නම එහෙම දාලා.ඒ කරලා ඒක අප්ලෝඩ් කරන්න ෆයිවර් හරහා.බයර්ට අවශ්‍ය දේවල් ටික dropbox හරි mediafire හරි අප්ලෝඩ් කරලා එතනින් ඩවුන්ලෝඩ් කරගන්න කියන්න.අර කලින් ඔයා ලස්සනට හදලා ෆයිවර් අප්ලෝඩ් කරපු පික්චර් එක ඔයාගේ වැඩ ගැන බලන අයට හොඳ නිදර්ශකයක් වෙයි අනිවාර්යෙන්ම 
  4. ඩිලිවර් මැසේජ් එක යවද්දි ගිග් එක සේව් කරගන්න සහ positive feedback දෙකම ඉල්ලන්න.(කලින් කියූ පරිදි)බයර් සතුටු වෙන විදිහේ මැසේජ් එකක් friendly විදිහට යවන්න  “මෙන්න වැඩේ ඉවරයි .හොඳඳ බලපන්“ කියන්නේ නැතුව.
                               උදා:  Hi,I just want to say that your logo has been designed.Check it and let me know if you need any changes on it.I will appreciate if you save my gig for future references and leave me a positive feedback with telling others how you satisfied with my service.
Regards
our name
ඊළඟ  පෝස්ට් එකෙන් හමු වෙමු.ජය!!!!!