Showing posts with label Freelancer. Show all posts
Showing posts with label Freelancer. Show all posts

Friday, August 1, 2014

Adsense + Freelancer + affiliate marketing සමග අන්තර්ජාලයෙන් මුදල්




Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල් හොයාගත්ත අයත් ගොඩක් ඉන්නවා ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි internet money කියන එක ඇත්තක්ද ? ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද ? ඔන්න ඔය වගේ ඒවා, ඔව් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් හොයපු අයත් ඉන්නවා ...නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් කියන එකනම් බොරු ...100%ක්ම බොරු කියල කියන්නේ නෑ.....මාස 6-7 ක් විතර මහන්සි වුනාට පස්සේ නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් ඒ ගැන පොඩි සදහනකුත් දෙන්නම් ...මේ ලිපියෙන් මං බලාපොරොත්තු වෙන්නේ අලුත්ම දෙයක් ගැන කියන්න නම් නෙමෙයි ..හැමෝම කියන ඒවා වලින් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කියන්න,
කතාව මෙහෙම පටන් ගන්නම් , අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම කොටස් කිහිපයකට මේ විදිහට වෙන් කරන්නම්
·         Ad publishing
·         Freelancer
·         Affiliate marketing
·         Selling
·         Clicking
·         Forex trading
·          Microwork 

ඔන්න ඔය විදිහට වෙන්න කරන්නම් ..මම මේ කියන ඒවා සමහරුනම් දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්, කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි මේ පොස්ට් එක දාන්නේ... හරි, එක එක මාතෘකාව ගැන වෙන වෙනම බලමු

Ad publishing
නිකන් ඉදල මුදල් හොයනවා කියන එක මේ මාතෘකාව යටතේ තරමක් දුරට සාදාරනීකරනය කරන්න පුළුවන්..Ad publishing කියන්නේ ads ලබාදෙන network එකක් හරහා ads අරගෙන ඒවා අපේ blog/web වල publish කරලා ඒ හරහා මුදල් හොයාගන්න පුළුවන් ක්‍රමයක්. නිකන්ම බ්ලොග් එකක් හදාගෙන එකට ads දැම්මට කිසිම ප්‍රයෝජනයක් නෑ එකට මෙන්න මේ වගේ කරුණු ටිකක් සම්පුර්න වෙන්න ඕනේ, එක මං මේ විදිහට කියල දෙන්නම්

  •  Blog  එකක් හෝ Web එකක් තියෙන්න ඕනේ, top level ඩොමින් එකක් තියෙනවනම වඩා හොදයි (.com .info)
  •  හොද traffic එකක් තියෙන්න ඕනේ (දවසට 500කගේ විතර පැමිණීමක් )
  •  Traffic එකක් ගන්නන නම් web/blog එකේ   හැමෝටම වැදගත් කරුණු තියෙන්න ඕනේ
මෙන්න මේ පහල තියෙන දේවල් ටිකත් කරන්න වෙනවා 
තමන්ගේම web එකක් තියෙනවනම් එක බාවිතයෙන්
Facebook page/group හදාගෙන ඒවා වල publish කිරීමෙන්
Twitter එක හරහා ලින්ක් tweet කිරීමෙන්
Article එකක් ලියල site වලට submit කිරීමෙන්    
වැඩි පිරිසක් බාවිත කරන Forum වල පොස්ට් මගින් හෝ comment මගින්

SEO (search Engine optimize)
Backlink
Social bookmarking
Directory submission
ඔන්න ඔය වගේ දේවල් ටිකක් කරන්න ඕනේ , දවසින් දෙකකින් නම් මේවා ටික කරන්න බෑ, ටිකක් මහන්සි වෙලා වැඩේ කරගත්තොත් මාස 4ක් 5ක් වගේ යනකොට හොද traffic එක හදාගන්න පුළුවන්, traffic හදාගන්න එක තමන්ටම කරගන්න අමාරුනම් fiverr එකෙන් වැඩේ කරගන්න පුළුවන් ඔක්කොම ටික කරගන්න නම් $20 – 25 ක් වගේ ගානක් වියදම් වෙයි..ඒකත් අපිම කරගත්තොත් වැඩේ ලේසියි. Post ලියනකොට keyword ගැන සැලකිලිමත් වෙනවනම් traffic එක හදාගන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ..හොද traffic එකක් තියෙනවනම් හොද අදායමක් ලබා ගන්න පුළුවන් , ලොකු විස්තරයක් නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..පහල තියෙන්නේ ප්‍රසිද්ද Ad publishing සේවාවන් සපයන ආයතන


Freelancer
තමන්ගේ දක්ෂතාවය මුදල් බවට හරවන්න තමයි මේවා තියෙන්නේ, හොද අදායමක් ලබන්න පුළුවන් තවත් සාර්ථක ක්‍රමයක් තමයි මේක..ප්‍රදාන වර්ග 3ක් තියෙනවා  

වැඩක් කරගන්න ඕනේ උනාම  මේ web site වලට දානවා ,අපිට කරන්න පුළුවන් job වලට ඉල්ලුම් කරලා ඒවා කරලා මුදල් ලබා ගැනීම
Guru
Elance
Odesk (Odesk ගැන)
Freelancer (ලක්ෂ 5ක් )
අපිට කරන්න පුළුවන් වැඩ දාලා profile එකක් හදාගන්නවා ,වැඩේ කරගන්න ඕනේ කෙනා අපිට order එක දෙනවා අපි වැඩේ කරලා මුදල් ගන්නවා  
fiverr ( fiverr සම්බන්ද උදවු සදහා fb group එක සෙට් වෙන්න)  (Fiverr ගැන මුලසිටම)
gigbucks
මේවා ටිකක් වෙනස් මෙතැනදී වෙන්නේමෙහෙම දෙයක් job දාලා තියෙනවායම් කලසිමක් සමග අපිට කරන්න පුළුවන් job එක කරලා sampleඑකක් ගැනුම් කරුට යවනවා , මේවගේ ගොඩක්අය එකම job එක කරනවා, අන්තිමට කාලසීමාව ඉවර වුනාම ගැනුම්කරු තේරීමක් කරනවා එතනින් අපේ එක තේරුනොත් අපි original එක එයාට යවනවා එයා එකට මුදල් ගෙවනවා ..එකසැරේ ලොකු ගණක හොයාගන්න පුළුවන් $400, $500 වගේ webdesign කරනවානම් $1000 -1500 වගේ ගණන ගෙවනවා
Designcrowd
99designs

Affiliate marketing
විශාල මුදලක් හොයාගන්න පුලවන් ක්‍රමයක් තමයි මේක, කරන්න තියෙන්නේ marketing…ඕනෑතරම් web site තියෙනවා නමුත් clickbank (Clikbank ගැන දැනගන්නහා commission junction ප්‍රදාන තැනක් ගන්නවා..අපිට කරන්න තියෙන්නේ site වල ලියාපදිංචි වෙලා , භාණ්ඩ විකිණීමයි, ක්‍රම ගොඩක් තියෙනවා 
තමන්ට නව අදහස් තියෙනවනම් අලුත් ක්‍රමයක් මගින් වුනත් වැඩේ කරන්න පුළුවන්

Selling
මේකත් ගොඩක් හොද ක්‍රමය, තියෙන ඕනෑම දෙයක් විකුණලා වැඩේ කරන්න පුළුවන් ebay,amazon වගේ site වලින් වැඩේ කරන්න පුළුවන් ,තමන්ගේම නිර්මාණ, හොද වටින e book ටිකක්  ඔන්න ඔය වගේ ඒවා විකුණලා හොද ගණක හොයාගන්න පුලවන්,  විකුනන්න මුකුත්ම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් (මං කරලා නෑ) භාණ්ඩ විකුණන් තව website එකක් හොයාගන්නවා
·         කියන site එකේ තියෙන භාණ්ඩයක් තෝරාගන්නවා (වටිනාකම් $10 කියමුකෝ )
·         Ebay එකේ මේක දාලා $15 ට විකුනනවා, ඒ $15 අපේ paypal එකට යනවා
·         කියන site එකට $10 ක් ගෙවල අදාල address එක දෙනවා එහෙට යවන්න කියල ($5 ක් අපිට )  

Discount දාලා දෙන ඒවාට නම් ඔය වැඩේ ගොඩක් සාර්ථකයි... තව අලුත් අදහස් තියෙනවනම් ඒවා කරලා බලන්න හරියන්න පුළුවන්
(වැඩි විස්තර සදහා මෙන්න මේ FB group එක DOC බලන්න)

Clicking
මේකත් එක ක්‍රමයක් සමහරු නම් කරනවා, මේකට වඩා අනිත් ක්‍රම ඔක්කොම හොදයි කියලයි මගේ අදහස...onbux,neobux, මේ වගේ bux site වලින් දෙන ad click කරන්න තමයි මේකේ කරන්න තියෙන්නේ මේ ගැන ගොඩක් කතා කරන්නේ නෑ , මොකද මේකේ සාර්ථකත්වය ගැන මට ලොකු විස්වාසයක් නෑ

Forex trading
මේක ලංකාවේ shear market එක වගේ එකක් ..ලෝකේ shear market ඒකත් එක්ක ගනුදෙනු කිරීමක් වෙන්නේ , මුලින් අපි යම් මුදලක් යොදවන්න ඕනේ...ටිකක් අවදානම් ගන්න ඕනේ ක්‍රමයක් විදිහටයි මං දකින්නේ ...අපි මුදල් හොයන්න මිසක් වියදම් කරන්න ක්‍රමයක් නෙමේ නේ හොයන්නේ, මේගැන post ඕනතරම් තියෙනවා, මේ සම්බන්දව අද්දැකීමක් නැති නිසා වැඩිය කතාකරන්න බලාපොරොත්තුවක් නෑ, විස්තර ටික හොයල බලන්න
Forex ගැන විස්තරයක් 

Maicrowork
පොඩි පොඩි වැඩ කරලා මුදල් හොයන්න පුළුවන්...එක මේ සදහා වැයකරන කාලය අනුව තමයි තීරණය වෙන්නේ ..මේකේ කරන්න තියෙන්නේ form submit,facebook like,server complet ඔන්න ඔය වගේ ඒවා තමයි  $0.1, $0.01 වගේ පොඩි ගණන් තමයි හම්බෙන්නේ..සමහ job තියෙනවා ඒයාල දෙන article අපේ වෙබ් වල දානවට $1, $1.5 වගේ ගෙවීමක් කරනවා , හැබැයි ඉතින් හොද page rank එකක් ඒයාල ඉල්ලනවා..කොහොම වුනත් තරමක් දුරට සාර්ථකයි, නමුත් Ad publishing,Freelancer,Affiliate marketing ,Selling මෙන්න මේවා ඊට වැඩ හොදයි කියන එකයි මගේ අදහස
Minuteworkers (මේ ලිපිය බලන්න )
Microworkers

දැන්නම් ඇති වගේ type කරන්න එක තමයි එපා වෙන වැඩේ...තමන්ට හොදයි කියල හිතෙන ක්‍රමයක් තෝරාගෙන වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ , post එකේ යම් යම් අඩුපාඩු තියෙන්නේ පුළුවන්...ප්‍රශ්න තියෙනවනම් අහන්න, මොකක් හරි වැදගත් කමක් වුනානම් comment එකක් දාන්න මොකද මේකෙන් මට කිසිම වාසියක් නෑ..දීල තියෙන එක link එකක් වත් referral link එහෙම නෙමේ..ලංකාවේ අය අකමැතිම link එකක්නේ :-) ..අලුත් ලිපියකින් හමුවෙමු  හැමෝටම ජය වේවා !!!

Sunday, July 27, 2014

හැකියාවට රැකියාවක්! කව්ද ඔන්ලයින් සල්ලි හයන්න බැහැයි කිව්වේ?

හැකියාවට රැකියාවක්! කව්ද ඔන්ලයින් සල්ලි හයන්න බැහැයි කිව්වේ?



freelancer

මට හිතුන freelancer ගැන පොඩ්ඩක් සදහන් කරන්න. සමහරු දන්නවත් ඇතිනේ. මේක part time ජොබ් එකක්. මේක හරිම ලේසියි. ඕගොල්ලෝ computer ගැන මොකක් හරි ඉගෙන ගෙන ඇතිනේ. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ඉගෙන ගත්තු දේවලින් මොකක් හරි project එකක් කරලා දෙන එක තමයි. උදාහරණයක් විදියට කිව්වොත් ඕයා Graphic නිපුනයෙක් නම් (නිපුනයෙක් වෙන්න ඕනෙම නැහැ) logo එකක් හරි පිට කවරයක් හරි design කරලා දෙන්න පුළුවන්. මේකේ graphic විතරක් නෙවේ Software , web design , copy writing වගේ දේවල් තියනවා. graphic පැත්තෙන් වැඩක් කරලා දුන්නොත් 20$ (Rs .2200) ලැබෙනවා. software වල නම් maxxaaa .... 500$ (Rs . 60000) ක් හොයන්න Software Engineer ලට පුළුවන්. මම කලින් කිව්වා වගේ Software Engineer ස්‌ල වෙන්න ඕනෙම නැහැ. මමනම් හිතන්නේ ඕගොල්ලෝ නොදන්න දෙයක් නම් නැතුව ඇති. මොකද කිව්වොත් ලිපි ලියන එකත් වැඩක්ද? (5$ - 50$) ලැබෙනවනේ.. ඔයාට වැඩක් කියන්නද? මම මේකෙන් පොඩි හොර වැඩක් කරනවා. පුස්තකාලේ ඉංග්‍රීසි පොත් තියනවනේ. ඒවා type කරලා දෙනවා. එකත් ඕගොල්ලන්ට කරන්න බැරි වෙන එකක් නැහැනේ.

www.poemlk.blogspot.com

රු. ලක්ෂ පහක් ෆ්‍රී-ලාන්සින් හරහා සෙවීමට උර දුන් PHP+MySql

ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මිළට ගැනීමට $50ක් සොයා ගැනීමේ අරමුණින් ෆ්‍රී-ලාන්සින් වෙත යොමුවීම මේ වන විට ඩොලර් 4590 ක් උපයා ගැනීම දක්වා විහිද ගියා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාස නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට අමතරව Dell Streak 5 Android Tablet එකක් සහ,  මීට ඉහතදී ලිපියක් මගින් විස්තර කරපු Syma s32g හෙලිකොප්ටරේ ගන්න පේපෑල් වෙත ෆ්‍රීලාන්ස්  හරහා ලබාගත්ත ඩොලර් 380 එකතු වුනාම ෆීලාන්සිං වලින් හොයපු සම්පූර්ණ $$ ප්‍රමාණය ඩොලර් 4580ක්,  ලංකාවේ මුදලින් නම් රු 500310/= ක්. මේ මුදල ලබාගන්න මාස 08ක් පමණ ගතවුනත් මම ෆ්‍රී-ලාන්සින් වැඩ සදහා ගතකලේ සතියකට දින 03ක් පමණ, එයත් රාත්‍රී කාලයේ දිනකට පැය 4ක් පමණ. ඉතින් මේ විස්තරේ ඵලකලේ ෆ්‍රීලාන්සින් වෙත යොමුවීමට ආසාවෙන් සිටින අය සහ මෙවැනි දේවල් වංචා සහගතයි යන හැගීමෙන් සිටින අයගේ සිත් ධෛර්යයමත් කරන්නයි.


sinhala tutorial
Moneybookers Summary
මේ මුදල් උපයාගත්තේ කුමන ආකාරයේ freelance project හරහාද යන්නත් මා
 විස්තර කරන්නම්. මා නිමකල ව්‍යාපෘති බොහෝමයක්ම PHP සහ MySql යන කාණ්ඩයට
 අයත්. මූලික වශයෙන්ම අන්තර්ජාලය ඔස්සේ දත්ත ගබඩාවකට දත්ත එකතුකිරීමට 
මෙන්ම ඒ දත්ත ආධාරයෙන් යම් වාර්ථාවක් ලබා ගත හැකි ආකාරයේ හෙවත් 
Web Application කියන කාණ්ඩයට අයත් ව්‍යාපෘති. Freelance Project එකකින් 
ලැබෙන අඩුම මුදල $30ක් වුවත් $750ක් මිළ නියම වූ Project 02ක් සහ
 $500 Project එකකුත් යම් යම් අවස්ථාවන්හීදි මා වෙත ලබාගත හැකි වූවා. 

php + mySql programming ඉගෙනගත්තේ කෙදිනක හෝ freelance සදහා 
උපකාරී වේයැයි සිතා නොව වෙබ් පිටුවක් තුළ දත්ත හසුරුවන්නට php ඉතා
 පහසුවෙන් යොදා ගත හැකි වීම හේතුවෙන්. බ්ලොගයට සේම ෆෝරමයට එක
 එක් අංගෝපාංග එක් කිරීමේදී බොහෝ විට සහය වූයේ php සහ mysql. 1
00%ක්ම අන්තර්ජාලය ඔස්සේම php+mysql ඉගෙන ගත්තා යැයි කිවොත්
 එය සම්පූර්ණයෙන්ම නිවැරදියි. VB, Java වැනි භාෂාවන් විටින් විට 
අන්තර්ජාලය හරහාම ප්‍රගුණ කළත් මේ කිසිදු භාෂාවක් අන්තර්ජාලය 
හරහා හැදෑරීමට පෙර ඒ ඒ භාෂාවන්ට අදාලව කිසිදු න්‍යායාත්මක කරුණක් 
සම්බන්ධයෙන් මා දැනුවත්ව සිටියේ නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගත් ජාවා  
project එකක් නිවැරදිව compile කර ජංගම දුරකථනයකට දමා ගැනීම සදහා මාස 
ගණනාවක් ගත වූවා. Net-Beans, Eclipse වැනි මෘදුකාංගයන් ස්ථාපනය කලත්
ඒවා නිවැරදිව හසුරුවන්නට දවස් ගණන් උත්සාහ කළා යැයි කීවොත් වඩාත් 
නිවැරදියි. මාස ගණනාවක් ගත කර අදාල project එක නිවැරදිව compile කර 
ජංගම දුරකථනයට දමාගත් පසුවත් යම් යම් දෝෂ (Bugs) මතුවන්නට වූවා. 
නමුත් ඒවාත් එකින් එක විසදා ගෙන අදාල application 
එක නිවැරදිව 
ක්‍රියාත්මක වෙද්දී Java වලට අදාල න්‍යායාත්මක කරුණු බොහොමයක් 
ප්‍රගුණ කර අවසන්.

බ්ලොග් ලිපි වශයෙන් ඉදිරිපත් කළ GPS Tracker Application එක සහ
 SMS Server Application එක ඉන් සමහරක්. විනෝදාංශයක් ලෙස හැදෑරුවත්
 PHP, Java වැනි භාෂාවන්ට අදාලව දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් හොද
 මිළක් නියම වී තිබෙනවා. මෙවැනි භාෂාවක් ඉගෙනගැනීම සදහා ඔබ තුළත්
 යම් ආශාවක් තිබෙනවා නම් ඒ ආශාව ඔස්සේ ඉදිරියට යන්න. මෙවැනි
 භාෂාවක් අනතර්ජාලය ඔස්සේ ඉගෙනීමට භාවිතා කළ හැකි W3schools 
නම් අඩවිය වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අන්තර්ජාල පාසලක්. 
දවසකින් දෙකකින් නොවුනත් මාස කිහිපයකින් හෝ ඔබ යම් 
භාෂාවක් (Programming Language) ප්‍රගුන කරාවි. මේ සදහා 
කිසිදු මූලික සුදුසුකමක් අව්ශ්‍ය වන්නේ නැහැ.උනන්දුව සහ
 උත්සාහය පමණක් ප්‍රමාණවත්!!

ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම

ෆ්‍රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම | How to start freelancing

ඔන්න මට හිතුනා හැමෝම කථා කරන ෆ්‍රීලාන්සින් ගැන පොඩි පෝස්ට් එකක් දාන්න. ඉතින් ශ්‍රීලංකාවාසී හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරන ගමන්ම වැඩේ පටන් ගමු.

කෙටියෙන්ම සහ සරලවම කියන්නම් ෆ්‍රීලාන්ස් වැඩ කරලා ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි නෙවෙයි මාසෙකට රුපියල් 100,000/= වගේ ගාණක් හොයන එක නිදිමරාගෙන කට්ට කාගෙන කරන්න ඕනි වැඩක් නම් නෙවෙයි. හැබැයි හැම මාසෙම ලක්ෂයක් හොයන්න නම් උනන්දුවක් සහ කැප වීමක් තියෙන්නම ඕනි. ඒ වගේම තමයි මම දන්න ප්‍රධාන සයිට් දෙකේම මේ වැඩෙන් තමන්ගේ අතට ගානක් එනකම් සත පහක් වත් ගෙවන්න ඕනිත් නැහැ. තමන්ට ගානක් ලැබෙන්න කලින් මොකක් හරි සයිට් එකකින් සල්ලි ඉල්ලනවා නම් ඒ සයිට් එක පැත්ත පලාතේ වත් යන්න එපා කියලයි සහ සුද්දෙන්ම කියන්නේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, තමන්ට ජොබ් එකක් හම්බවෙලා ඒ ජොබ් එක සාර්ථකව නිම කලායින් පස්සේ ඒ ජොබ් එකේ එකෙන් 10% වගේ අදාල සයිට් එකේ සේවා ගාස්තුව වශයෙන් අපිට අපේ සේවා දායකයා එව්ව මුදලින් අය කර ගැනීමක් නම් සිද්ද වෙනවා. උදාහරණයක් විදියට අපිට නිමා කරපු ප්‍රොජෙක්ට් එකට ඩොලර් 100ක් හම්බවුනොත් එයාල ඒකෙන් ඩොලර් 10ක් අඩු කරගෙන ඩොලර් 90යි අපේ පේපෑල් එකට දාන්නේ.

කවුද මේ එයාලා කිවුවේ?Freelancer සහ oDesk කියන සයිට් දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ෆ්‍රීලාන්සින් වලට ප්‍රසිද්ද. Fiverrකියන සයිට් එකෙනුත් 5$ වගේ මුදලක් ලැබෙන පොඩි පොඩි වැඩ (Gigs) කරන්න පුලුවන් වුනත් මම ඒක ගැන ඒ තරම් උනන්දු නොවුනේ තෝරු මෝරු අල්ල ගන්න පුලුවන් කොට හාල්මැස්සෝ පස්සේ මොකටද කියලා හිතුන නිසයි (Fiverr කරන අය තරහා නොවෙත්වා). මට හිතෙන විදියට දැනටමත් අන්තර්ජාලය භාවිතා කරන තරුණ වයසේ අයගෙන් සෑහෙන පිරිසක් මේ සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නේ. මම එහෙම කියන්නේ මේ වෙනකොට(1330 hrs on 11/04/2014) freelancer.com සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න 
usersලා ගාන 10,788,698 ක් වන නිසාත් තව පැයකින් විතර බැලුවොත් අලුතින් usersලා 1000ක් විතර වැඩි වෙලා තියෙන නිසාත්.

ඕනි කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් මොකක්ද ප්‍රශ්නේ?හුගක් අය කියන කථාවක් තමයි අනේ මාත් අවුරුදු දෙක තුනක ඉදන් ඔය සයිට් දෙකේම රෙජිස්ටර් වෙලා ජොබ් වලට ඇප්ලයි කර කර ඉන්නේ. ඒත් මේ වෙනකන් සත පහක් වත් හොයාගන්න නම් පුළුවන් වුනේ නැහැයි කියන එක. ෆ්‍රීලාන්සින් වලට විතරක් නෙවෙයි මේ ලෝකයේ ඕනිම දේක එහෙම තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද කියන එක හොයාගත්ත දාක අපිටත් පුළුවන් ඒ බැරියර් එක තරණය කරගන්න. මම මුලින්ම කියලා දෙන්නේ ඒ බැරියර් එක පැන ගන්නේ කොහොමද කියන එකයි.

හොදයි මෙහෙම හිතමු අපි ෆෘට් සැලඩ් එකක් හදන්න පළතුරු ටිකක් ගන්න මාර්කට් එකට ගියා කියල හිතමු. හැම තැනම පළතුරු කඩ තියෙනවා. අපි හම්බවෙන මුල්ම කඩෙන් පළතුරු ටික අරගෙන ගෙදර එනවද? ඔව්, එහෙම කරන අයත් ඉන්නවා, අන්තිම හදිස්සි වෙලාවක නම් තෝර තෝර ඉන්න වෙලාවක් නැහැ, හම්බවෙන මුල්ම කඩෙන් බඩු ටික අරගෙන ගෙදර ගිහින් බඩු සවුත්තු නම් ආයිත් ඒ කඩෙන් බඩු ගන්නේ නැහැයි කියලා තීරණයකට එන අයත් ඉන්නවා. ඒ වගේම තව සමහරු ඉන්නවා කඩවල් කීපයකට ගිහින් පළතුරු වල සුවද එහෙම බලලා ටිකක් ඔබල බලලා එහෙමත් මිළට ගන්න අය. තව සමහරු ඉන්නවා පළතුරු සාම්පල් එකක් කාල බලලම ගන්නවාද නැද්ද කියලා තීරණයකට එලෙබෙන අය. ඒ වගේම පළතුරු කඩේ හොද පොෂ් විදියට තියෙනවා නම් එතන තමයි නියම ප්ලේස් එක කියලා හිතන අයත් ඉන්නවා.

පළතුරු මිළට ගන්න එකයි ෆ්‍රීලාන්සින් කරන එකයි සමාන වෙන්නේ කොහොමද?ෆ්‍රීලාන්සින් කරන්න ගියාම පළතුරු වෙලෙන්දා වෙන්නේ ෆ්‍රීලාන්සින් කරන අපිනේ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එකකට අදාලව බිඩ් එකක් දාන කොට ඒ බිඩ් එක බලන කෙනාට "මූ තමයි සිරාම පොර" කියලා හිතෙන විදියට වැඩේ කරන්න ඕනි. නවකයෙක් බිඩ් කරන කොට එයාට රිපුටේෂන්, වර්කින් හිස්ටර් මොනවත් නැති නිසා සේවා දායකයා ලේසියෙන් නවකයෙක්ව තෝරා ගන්නේ නැහැ තමන්ගේ ප්‍රොජෙක්ට් එකට.

ඒ වුනාට අපි ප්‍රොජෙක්ට් එකට අදාලව ඒ හා සමාන වැඩ මීට කලින් කරලා තියෙනවා නම් අපිට ඒවායේ ලින්ක්ස් සබ්මිට් කරන්න පුළුවන් වගේම එහෙම ලින්ක්ස් නැත්නම් අපි කරපු ප්‍රොජෙක්ට් එකක Reports වගේම screen shot වුනත් ඇටෑච් කරලා යවන්න පුළුවන්.ඒ වගේම තමයි bid එකට අදාලව හොද බ්‍රීෆ් එකක් දෙන එකක් වැදගත්. මොකද එහෙම වුනොත් තමයි සේවා දායකයා දැනගන්නේ තමන් දාපු project description එක හරි‍යට කියවලා බලලා තමයි මේකා බිඩ් කරලා තියෙන්නේ කියන එක.ඒ වගේම ප්‍රොජෙක්ට් එකකත බිඩ් කරද්දී "I can do this perfectly" වගේ ලගින් නවලා බිඩ් එකක් දාන්නේ නැතිව ටිකක් විස්තර ඇතුව බිඩ් එක සබ්මිට් කරන්න.

English grammar වගේ දේවල් නම් ලා බලන්නේ නැති වුනාට අපි කියන දේ එයාලට තේරෙන්නවත් ඕනි නිසා අඩුම ගානේ ලග ඉන්න කෙනෙක්ට පෙන්නලා මේ කියන දේ තේරෙනවද කියලා අහලම බිඩ් එක සබ්මිට් කරන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි දැනුම යම් තරමකින් හෝ අව්ශ්‍ය වෙන බවත් කියන්නම ඕනි. මොකද 
අපිට ඒ වැඩේ තිතටම කරන්න පුලුවන් කියන එක 100% ක්ම ශුවර් වුනත් අපි ඒ දේ අපේ සේවාදායකයාට ඒත්තු ගන්වන්න වෙන්නේ එයා දන්න භාෂාවෙන්. ඉතින් ෆ්‍රීලාංසින් කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් ටිකක් වර්ධනය කරගත්තොත් හොදයි.

freelancer

මේ තියෙන්නේ මීට අවුරුදු 3 කට කලින් ෆ්‍රීලාන්ස් වල මගේ මුල්ම ප්‍රොජෙක්ට් එකේ සුද්දා සහ මා අතර අදහස් share වුනා ආකාරයයි.

ලිවීමේ කලාවෙන් සල්ලි හෙවීමේ කලාව


ඉංග්‍රීසි කියන්නෙ අපි ලාංකිකයන්ගේ දෙවනි බස. ඒත් අන්තර්ජාතික වශයෙන් ඒ බස තමයි වැඩියෙන්ම භාවිතාවන්නේ. ශ්‍රි ලංකාවෙ අපේ කොල්ලොන්ට තියෙන ලොකුම අවුල ඔය ඉංග්‍රීසි. හැබැයි ඉතින් ඉංග්‍රීසි ටිකක් හොදට දැන ගත්තනම් ගොඩම තමයි. අපේ කොල්ලොන්ට හොද අදහස් තිබ්බට ඇඩ්සෙන්ස් එහෙමත් හෙනේට හිටින්නේ ඔය ඉංග්‍රීසි හින්දනේ.

             මම අද ඔයගොල්ල්න්ට ඉංග්‍රීසි උගන්නන්න නෙමෙයි මේ ආවෙ, අලුතෙන් සයිට් එකක් ගැන කියලා දෙන්න. සමහර අයනම් දන්නවත් ඇති මේ ගැන , මේ සයිට් එකේ නම iWriter මේකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලියලා මුදල් ගරන්න. වැඩේ කොහොමද වෙන්නෙ කියලා මම කියලා දෙන්නම්කෝ.


iWriter



 iWriter  හි  වැඩ  සිදුවන  පිළිවෙල

               iWriter සයිට් එක කියන්නෙ Freelancer සයිට් එකක්. ඒකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලිවීමයි. මේකෙදි සිද්දවෙන්න, කට්ටියක් ඉන්නවා ලිපි අවශ්‍ය. ඒගොල්ලන්ගේ සයිට් වල පල කරගන්න. ඉතින් අපි තමයි ලිපි ලියන්නෙ. ලිපි අවශ්ය අය මේ සයිට් එකෙන් අපිව හොයාගෙන අපිට කියන්වා මෙච්චර ගානක් ගෙවනවා මේ වෙලාව ඇතුලත මට මේ ලිපිය ලියලදුන්නොත් කියලා. ඉතින් අපිත් ඒක කරාම සල්ලි මිටිය සාක්කුවේ. එක ලිපියකට ඒගොල්ලො $ 2 - $ 25  හෝ ඊටත් වැඩියෙන් ගෙවනවා. මේ සයිට් එකෙන් මුදල් ගන්න පුලුවන් පෙයිපෑල් හරහා. හැමදාම කියනවා වගේ පෙය්ප්පේල් ගිනුමක් ලංකාවට සල්ලි ගන්න විදියට හදන්න දන්නෙ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Paypal in Sinhala



 ලිපි  ලිවීමේදී  සැලකිලිමත්  වියයුතු  කරුණු



ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නෙ, 


  1. Elite
  2. Premium
  3. Standard


ඒ කාණ්ඩ තුනයි. Elite අයට ගොඩක් මුදල් ගෙවන ලිපි ලියන්න අවස්තාව හම්බෙන්වා.

ලිපි ලියද්දී ලියන්න ඕන වචන ගනන්ක් තිබෙනවා. ඒ වචන ගන්නට හෝ එය මදක් පන්න ලිවිය හැක. ඒ වගේමයි ලිපිය ලියනකොට දීලාතියෙන Keywords පාවිච්චි කරන්න ඕන.  Keywords  කිව්වට අලි ලොකු දෙයක් නෙමේ. ඒක පොඩ්ඩක් පේන විදියට පස් හය පාරක් පෝස්ට් එකේ පාවිච්චි කරන්න.

          ලිපියක් ලියන්න නිශ්චිත වේලාවක් දීලාතියෙනවා. ඒ වේලාව ඇතුලත ලිපිය ලිඅයන්න ඕන. බය වෙන්න එපා වෙලාව ඉහටත් උඩින් ඇති අපිට ඕක ලියන්න. අන්තිම කරුණ තමයි කොයි වෙලාවකවත් වෙන කොහෙන්හරි ලිපි කොපි කරන්න එපා. සයිට් වලින් හෝ කොහෙන්වත්. ඔයාගෙම අදහස් ලියන්න. නැත්නම් Copyscape ෆේල් උනොත් සොරිම තමයි.  ලිපි ඕන කියලා ජොබ් එක දාපු කෙනාට පුලුවන් අපි ලිව්ව ලිපි හොද නැත්නම් රිජෙක්ට් කරන්න. එතකොටත් ඉතින් සොරිම තමයි. අනික මතක තියාගන්නCopyscape තුන් පාරක් ෆේල් වුනොත් ගිනුම අත්හිටුවනවා. හැබැයි එතකොට සොරි නෙමෙයි සොරි.com

එහෙනම් වැඩේට පොඩ්ඩක් ඔලුව දාල බලමුද ?


  • සයිට් එකට ගිහින්  රෙජිස්ට වෙන්න,  මෙන්න  iWriter

  • ඊලගට ලොගින් වෙලා  යූසර් නේම් එක ක්ලික් කරාම සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඒ සෙට්ටින්ග්ස් වල ඔයාගෙ පෙයිපෑල් ලිපිනය එහෙමත් දෙන්න.

  • ලිපිය ලියන්න 'Write Article' ක්ලික් කරන්න


    sinhala tutorial

  • ඊලගට  කැමති මාතෘකාවක්, කරන්න පුලුවන් දෙයක් තෝරගෙන ඒකෙ වම් පැත්තේ තියෙන එකතු කිරීමේ ලකුන ඔබන්න. එතකොට ඩ්‍රොප් ඩව්න් මෙනු වක් ඇදෙයි. මම කලින් කියපු කාරණ ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි. කලින් කියපු දේවල් අනුව කටයුතු කරන්න. 


    freelance

  • Write Article කියන එක ඔබලා ලියන පිටුවට ගියාම ඒ කෙ වෙලාව යනවා පෙනෙයි. ඒ වගේමයි අපි ලියන වචන ගනනත් කවුන්ට් වෙනවා. ඔක්කොටම කලින් එතන දීලා තියෙන ' Project instructions ' කියවන්න. ඒකතමයි වැදගත්ම.

  • ඔක්කොම කරලා,කියවලා , ලිව්වට පස්සෙ සෑහීමකට පත්වෙනවනම් 'Submit' ඔබන්න.

මේ සයිට් එක ගැන බයවෙන්න දෙයක් නෑ, මොකද මේක ගෙවන සයිට් එකක්. තව දෙයක් ඔයගොන්ට ගූගල් එකේ සර්ච් කරල ඒවගේම තව සයිට් වලත් සර්ච් කරලා ලිපිය ලියන්න කරුණු ගන්න පුලුවන්, ඒත් ඒක එහෙම්මම ලියන්න එපා. අදහස විතරක් අරන් නිර්මාණශීලීවෙන්න.