Showing posts with label File recovery. Show all posts
Showing posts with label File recovery. Show all posts

Monday, September 8, 2014

File Recovery මකපු ෆයිල් නැවත ලබා ගැනීමේ ඇතුළාන්තය

සාමාන්‍යයෙන් ෆයිල් එකක් පෝමැට් කරනකොට හාඩ් එක කොටස් 4කට බෙදෙනවා.

  1. බූට් සෙක්ටර්
  2. ඩිරෙක්ටරි ඒරියා
  3. ඩේටා ස්පේස්
  4. ෆයිල් ඇලොකේසන් ටේබල් 


බූට් සෙක්ටර් කියන්නේ මෙහෙයුම් පද්ධතිය ලෝඩ් විමට අදාලව විධාන සහිත සෙක්ටර් එකයි.
දත්ත තැන්පත් කෙරෙන්නේ ඩේටා ස්පේස් තුලයි. පාටිෂන් එකේ ධාරිතාවෙන් සියයට අනූ නවයක් පමන මේ වෙනුවෙන් වෙන් වේ.
පාටිෂන්  එක මත සේවු කර ඇති ෆයිල් වල ඒවායේ ධාරිතාව යනාදී දත්ත රදවා තැබෙන්නේ ඩිරෙක්ටරි ඒරියා නම් කොටස තුලයි.මෙම ඩිරෙක්ටරියේ කොපී කිහිපයක් බැකප් ලෙස හාඩ් එකේ රැස් වෙනවා.ඊට හේතුව එක් ඩිරෙක්ටරියකට හානියක් සිදු වුවහොත් සම්පූර්න දත්ත ප්‍රමාණයම ලබාගත නොහැකි වීමේ අවදානමෙන් මිදීමටයි.ඒ වගේ වෙලාවට ඔටෝමැටිකලි වෙනත් ඩිරෙක්ටරියකින් දත්ත කියවනු ලබයි. අපි ෆයිල් එකක් පරිගනකයෙන් හෝ උපාංගයකින් මකා දැමූ විට ඇත්තටම සිදු වන්නේ දැනට ක්‍රියාත්මක ඩිරෙක්ටරි ඒරියා එකෙන්  ඒ ෆයිල් එක මකා දැමීම පමනි.එහෙත් තවත් ඩිරෙක්ටරි වල එම දත්ත වල  පිටපත් තිබේ. ඩේටා රිකවරි මෘදුකාංග වලින් කරන්නේ අමතර ඩිරෙක්ටරි කියවලා ඒවා රිකවර් කර දීමයි.

දැන් සිද්ධ වෙන දේ පිලිබද ඔයාලට අවබෝධයක් ඇති නේද@@ මම පල්ලෙන් දෙන ලින්ක් එකෙන් දත්ත සාමාන්‍ය ආකාරයට රිකවර් කර ගන්න බැරි වෙන පරිදි මකලා දාන්න පුලුවන් කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන බලන්න.

http://eraser.heidi.ie/download.php


Eraser v6


මෙම ලිපියේ අයිතිය www.poemlk.blogspot.com  සතුවේ.