Thursday, July 31, 2014

Iplus උපහාර fiverr ලිපිය


මම හිතන්නේ අද වන විට ලංකාවේ E-money කරන ගොඩක් දෙනෙක් දෙනෙක් fiverr ගැන දන්නවා. Fiverr ගැන මුලින්ම මම ඉගෙන ගත්තේ Iplus බ්ලොග් එකේන්.දැන් Fiverr කරන ගොඩක් දෙනෙක් මම හිතන්නේ Iplus නිසා Fiverr කරන්න පටන් ගත්ත අය.ලංකාවේ මිනිස්සු දන්න දේවල් හංගාගෙන තමන් විතරක් ගොඩයන්න හදන වෙලාවේ Iplus තමන් දන්න අනිත් අයට කියලා දුන්නා. Fiverr කරලා වාහන ගත්ත අය ගෙවල් හදන අයත් දැන් ලංකාවෙ ඉන්නවා.
කාලයක් ඇඩ් ක්ලික් කර කර සල්ලි හොයන්න පුළුවන් කියලා හිතපු මට අන්තර්ජාලයෙන් නිවරදිව හොද ගාණක් හොයා ගන්න පුළුවන වුණේ Iplus ගේ Fiverr ලිපි මාලාව නිසා. Fiverr එකේ පාර්ට් ටයිම් වගේ වැඩ කලොත් අනිවාර්යෙන්ම 40000 පන්නලා හොයන්න පුළුවන් ලේසියෙන්ම.හොදට වැඩ කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන් කෙනෙක්ට නම් මාසෙට ලක්ෂයක් කියන්නේ ලේසි ටාර්ගට් එකක්.බොරුවක් නෙවෙයි අත්දුටුවයි සහතිකයි.
ඉතින් මම මේ ලිපිය Iplus වෙනුවෙන් ලියන්න හේතුවුනේ Fiverr වලින් හම්බ කරපු සල්ලි වලින් මම ලැප්ටොප් එකක් ගත්ත නිසා.මම හම්බ කරපු හැම $ එකකටම Iplus ට ස්තුති වන්ත වෙනවා.ලැප්ටොප් එක $800ක් වුණා ඔක්කොම හෙව්වේ ෆයිවර් එකෙන් ටැක්ස් වලට ගෙව්වෙත් Fiverr එකෙන් හම්බ කරපු සල්ලි වලින්. මම තාම ඉගෙන ගන්නවා ඒත් Fiverr එකට පිං සිද්ද වෙන්න මම මගේ වැඩ කරගන්න ගමන් ගෙදරටත් සලකන්න පුළුවන් වුණා.දැන් ඉතින් ජොබ් එකක් සෙට් නොවුණත් Fiverr එකෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා.
මම මේ හැමදේම කිව්වේ e-money වලට පිවිසෙන්න බලාගෙන් ඉන්න අයට පොඩි ආශාවක් ඇති වෙන්න. e-money කියන්නේ බොරුවක් නෙවෙයි.ඇඩ් ක්ලික් කර කර බොරුවට මහන්සි වෙන්න එපා.අනික ලංකාවේ e-money මුදලාලිලාට අහුවෙන්නත් එපා.සිංහල බ්ලොග් සර්ච් කරලා බලන්න ඕනෙතරම් ලිපි ඇති e-money ගැන.
Fiverr පටන් ගන්න කවුරු හරි ආශාවෙන් ඉන්නවා නම් මුලින්ම Iplus blog එක කියවන්න
අනික Fiverr එකෙන් කියලා නිකන් හම්බ කරන්නත් බෑ.උනන්දුව ආශාව වගේම මහන්සි වෙලා වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනෙ.මුලින් මොනව හරි ඉගෙන ගන්න.ග්‍රැෆික් ඩිසයින් මම කරන්නේ ඒ වගේ ඔයාලගෙ හැකියාව අනුව කැමති දෙයක් කරන්න පුළුවන්.
මම හිතන් ඉන්නේ තවත් Fiverr ලිපි දෙක තුනක් ලියන්න. Iplus ගේ ලිපි මාලාව බලන්න.ඒ හොදටම ඇති අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට.
මේ  මම සොප්ට්වෙයා එකක් විකුණලා ගත්ත එකක්.ඩොලර් 5ක් ගත්තා අනිත් එකවුන්ට් එක පෙන්වන්ඩ බැ.ලන්කාවෙ මිනිස්සුන්ට කියලා දෙන්න ගිහින් මගෙ එකවුන්ට් එකක් ක්ලෝස් කරන්න උනා. කැමති කෙනෙක් ඉන්නව නම් ගිහින් අදහසක් ගන්න.
http://www.fiverr.com/nayana12jith/supply-business-card-design-software?funnel=2014080104341472218454520
තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com

No comments:

Post a Comment