Sunday, July 27, 2014

රු. ලක්ෂ පහක් ෆ්‍රී-ලාන්සින් හරහා සෙවීමට උර දුන් PHP+MySql

ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මිළට ගැනීමට $50ක් සොයා ගැනීමේ අරමුණින් ෆ්‍රී-ලාන්සින් වෙත යොමුවීම මේ වන විට ඩොලර් 4590 ක් උපයා ගැනීම දක්වා විහිද ගියා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාස නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට අමතරව Dell Streak 5 Android Tablet එකක් සහ,  මීට ඉහතදී ලිපියක් මගින් විස්තර කරපු Syma s32g හෙලිකොප්ටරේ ගන්න පේපෑල් වෙත ෆ්‍රීලාන්ස්  හරහා ලබාගත්ත ඩොලර් 380 එකතු වුනාම ෆීලාන්සිං වලින් හොයපු සම්පූර්ණ $$ ප්‍රමාණය ඩොලර් 4580ක්,  ලංකාවේ මුදලින් නම් රු 500310/= ක්. මේ මුදල ලබාගන්න මාස 08ක් පමණ ගතවුනත් මම ෆ්‍රී-ලාන්සින් වැඩ සදහා ගතකලේ සතියකට දින 03ක් පමණ, එයත් රාත්‍රී කාලයේ දිනකට පැය 4ක් පමණ. ඉතින් මේ විස්තරේ ඵලකලේ ෆ්‍රීලාන්සින් වෙත යොමුවීමට ආසාවෙන් සිටින අය සහ මෙවැනි දේවල් වංචා සහගතයි යන හැගීමෙන් සිටින අයගේ සිත් ධෛර්යයමත් කරන්නයි.


sinhala tutorial
Moneybookers Summary
මේ මුදල් උපයාගත්තේ කුමන ආකාරයේ freelance project හරහාද යන්නත් මා
 විස්තර කරන්නම්. මා නිමකල ව්‍යාපෘති බොහෝමයක්ම PHP සහ MySql යන කාණ්ඩයට
 අයත්. මූලික වශයෙන්ම අන්තර්ජාලය ඔස්සේ දත්ත ගබඩාවකට දත්ත එකතුකිරීමට 
මෙන්ම ඒ දත්ත ආධාරයෙන් යම් වාර්ථාවක් ලබා ගත හැකි ආකාරයේ හෙවත් 
Web Application කියන කාණ්ඩයට අයත් ව්‍යාපෘති. Freelance Project එකකින් 
ලැබෙන අඩුම මුදල $30ක් වුවත් $750ක් මිළ නියම වූ Project 02ක් සහ
 $500 Project එකකුත් යම් යම් අවස්ථාවන්හීදි මා වෙත ලබාගත හැකි වූවා. 

php + mySql programming ඉගෙනගත්තේ කෙදිනක හෝ freelance සදහා 
උපකාරී වේයැයි සිතා නොව වෙබ් පිටුවක් තුළ දත්ත හසුරුවන්නට php ඉතා
 පහසුවෙන් යොදා ගත හැකි වීම හේතුවෙන්. බ්ලොගයට සේම ෆෝරමයට එක
 එක් අංගෝපාංග එක් කිරීමේදී බොහෝ විට සහය වූයේ php සහ mysql. 1
00%ක්ම අන්තර්ජාලය ඔස්සේම php+mysql ඉගෙන ගත්තා යැයි කිවොත්
 එය සම්පූර්ණයෙන්ම නිවැරදියි. VB, Java වැනි භාෂාවන් විටින් විට 
අන්තර්ජාලය හරහාම ප්‍රගුණ කළත් මේ කිසිදු භාෂාවක් අන්තර්ජාලය 
හරහා හැදෑරීමට පෙර ඒ ඒ භාෂාවන්ට අදාලව කිසිදු න්‍යායාත්මක කරුණක් 
සම්බන්ධයෙන් මා දැනුවත්ව සිටියේ නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගත් ජාවා  
project එකක් නිවැරදිව compile කර ජංගම දුරකථනයකට දමා ගැනීම සදහා මාස 
ගණනාවක් ගත වූවා. Net-Beans, Eclipse වැනි මෘදුකාංගයන් ස්ථාපනය කලත්
ඒවා නිවැරදිව හසුරුවන්නට දවස් ගණන් උත්සාහ කළා යැයි කීවොත් වඩාත් 
නිවැරදියි. මාස ගණනාවක් ගත කර අදාල project එක නිවැරදිව compile කර 
ජංගම දුරකථනයට දමාගත් පසුවත් යම් යම් දෝෂ (Bugs) මතුවන්නට වූවා. 
නමුත් ඒවාත් එකින් එක විසදා ගෙන අදාල application 
එක නිවැරදිව 
ක්‍රියාත්මක වෙද්දී Java වලට අදාල න්‍යායාත්මක කරුණු බොහොමයක් 
ප්‍රගුණ කර අවසන්.

බ්ලොග් ලිපි වශයෙන් ඉදිරිපත් කළ GPS Tracker Application එක සහ
 SMS Server Application එක ඉන් සමහරක්. විනෝදාංශයක් ලෙස හැදෑරුවත්
 PHP, Java වැනි භාෂාවන්ට අදාලව දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් හොද
 මිළක් නියම වී තිබෙනවා. මෙවැනි භාෂාවක් ඉගෙනගැනීම සදහා ඔබ තුළත්
 යම් ආශාවක් තිබෙනවා නම් ඒ ආශාව ඔස්සේ ඉදිරියට යන්න. මෙවැනි
 භාෂාවක් අනතර්ජාලය ඔස්සේ ඉගෙනීමට භාවිතා කළ හැකි W3schools 
නම් අඩවිය වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අන්තර්ජාල පාසලක්. 
දවසකින් දෙකකින් නොවුනත් මාස කිහිපයකින් හෝ ඔබ යම් 
භාෂාවක් (Programming Language) ප්‍රගුන කරාවි. මේ සදහා 
කිසිදු මූලික සුදුසුකමක් අව්ශ්‍ය වන්නේ නැහැ.උනන්දුව සහ
 උත්සාහය පමණක් ප්‍රමාණවත්!!

No comments:

Post a Comment