Thursday, July 31, 2014

අන්තර්ජාල බැංකූ ගිණුම්


bank sinhala


අන්තර්ජාල බැංකූ ගිණුම්

අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම රුකියාවක් කල පසු එහි මුදල් ගෙන්වා ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු වෙනවා .
අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට අදාල මුදල ගෙන්වා ගැනීමටනෙ . එක් එක් ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
උදාහරණයක් විදියට ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ ඒවායින් ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්, එම චෙක්පත් ලංකාවෙ අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින් මාරු කරගන්න පුලුවන්.
ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල් ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම් හරහා පමණයි . Paypal , Payza (Alert pay) , Money booker කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.
බොහෝ ආයතන කරන්නේ තම ආයතනයෙන් යමෙකුට ගෙවිය යුතු මුදල් ඔහුගේ නමට ඇති මෙවැනි අන්තර්ජාල බැංකු ගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..
එනිසා දැන් බොහෝ දෙනෙක් කරන්නේ තම ක්‍රෙඩිට් ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩ් එකෙන් මුදල් කෙලින්ම ගෙවීම වෙනුවට මෙම අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට ඒ හරහා ගෙවීමයි . ඔබටත් අන්තර්ජාලයේදී යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට්, ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩි පතකින් නොගෙවා එය Money booker, Paypal , Payza (Alert Pay) වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන් බේරිමට හැකිවෙයි.
HNB හෝ කොමර්ශල් බැන්කුවේ සාමාන්‍ය ගිණුම් වලට දෙන වීසා ඩෙබිට් කාඩ් මෙම අන්තර්ජාල බැංකු ගිණුම් වලට සම්බන්ධ කරන්න පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩ් එකත් සම්බන්ධ කරන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ කරන්නත් පුලුවන්.
Money booker එකෙන් නම් දවස් දෙකෙන් තමන්ගේ ලංකාවේ බැංකු ගිණුමට මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඇත්තටම මෙය තමයි ලංකාවට මුදල් ගෙන්න ගන්න තියෙන පහසුම ක්‍රමය.
Pay Pal වලින් තවම මුදල් ලංකාවට ගෙන්න ගන්න බැ කියලා කවුරුත් දන්නවනෙ. ඒත් අපිට Pay Pal වලින් සල්ලි ගෙවන්න නම් පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩි එකක් අර ගෙන එකට ලින්ක් කලාට පස්සෙ ඒ හරහා ඔබට අවශ්‍ය අයට මුදල් ගෙවන්න පූලුවන්. Pay Pal වලින් මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයකුත් තියෙනව, ඒක ඔබට දක්ෂිණ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයෙන්යේ සමාජිකත්වය ලබාගත්තම දැනගන්න පුලුවන්.
Alert Pay(payza) එකෙන් නම් ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. වීසා ඩෙබිට් කාඩ් එකක් Alert Pay ගිණුමට ලින්ක් කිරීමෙන් එය කරන්න පුලුවන්.
PTC වෙබි අඩවි බොහෝමයක්ම වාගේ ඔබට ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert Pay (Payza) ගිණුමක් තබා ගැනිම ඉතාම වට්නව.

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

No comments:

Post a Comment