Thursday, July 24, 2014

Paypal ගිණුමක් සකස් කර ගැනීම 1 (අන්තර්ජාල බැංකු ගිණුම්)

මෙහිදී මා මූලිකව බලාපොරොත්තු වන්නේ Paypal ගිණුමක් සාදන අකාරය ඔබට කියා දෙන්නයි.වැදගත් කරුනු රැසක් ඔබට මෙමගින් දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත. එම නිසා මෙය ඉතා හොදින් කියවා තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා

විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වන කරුණු.

  • Paypal නීති හදුනාගැනීම.
  • Paypal සමග ගණුදෙනු කරන ආකාරය.
  • Paypal ගිණුමක් වෙරිෆයි කිරීම.
  • Paypal හි ඇති මුදල් ලංකාවේ බැංකු ගිනුමකට ලබා ගැනීම.
  • Paypal හි ඇති මුදල් චෙක් මගින් ලබාගන්නා ආකාරය.
Paypal නීති සමහරක්.
1.    එක් පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් Paypal (Personal Account) ගිනුමක් පමනයි.වෙනත් පේපැල් ගිනුම් මුදල් සමග අවලංගු කරනවා. ව්‍යාපාරය සදහා  තවත් එක් Paypal(Business Account) ගිනුමක් තබා ගත හැකියි.
2.    වෙරිෆයි කිරීමෙන් අනතුරුව පමණක් මුදල් භාවිතා කිරීමේ සීමාව ඉවත් වේමුදල් සීමාව වන්නේ $100-$500)
3.    වෙරිෆයි කිරීම සදහා බැංකු ගිනුමක් ඇතුලත් කල යුතුයි. විසා කාඩ් හෝ එවැනි කාඩ් එකක් මගින් ද වෙරිෆයි කළ හැකියි.
4.    එක් Paypal ගිනුමක් තව කෙනෙකුට පැවරීමේ අයිතියක් නෑ.
ඉහත සදහන් කර ඇත්තේ අපට වැදගත් වන නීති රීති කීපයකිතව නීති රාසියක් ඇත.ඒවා ගැන ඉදිරියේදී ඔබට දැනුමක් ලැබෙනු ඇත.

Paypal ලංකාවට බලපාන ආකාරය

ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැඑ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයිවෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායිPaypal පහසුකම සෑම වෙබ් අඩවියකමවාගේ ඇතවෙනත් අන්තර්ජාල ගිණුම් තිබනත් එවා බොහෝ වෙබ් අඩවි වල භාවිතා වන්නේ නැතඑම නිසා අපටත් Paypal ගිණුමක් තිබේන එක වටිනවා කියා මා සිතනවා.
නමුත් ලංකාවේ අපට Paypal භාවිතා කිරීමේදි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වනවාඑ තමයි අපේ රට Paypal හි send only කණ්ඩායමේ සිටීමනමුත් පුංචි හොර වැඩක් කරලා මෙකට අපි විසදුමක් හොයා ගමු.

ඊළග ලිපියෙන් ලගදීම හමුවෙමු..........
www.poemlk.blogspot.com

No comments:

Post a Comment