Thursday, July 31, 2014

ODESK රැකියා එජන්සිය







මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොද අවබොධයක් ඇතිව කල යුත්තක්. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඩේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම ඩේටා එන්ටි‍්‍ර රැකියා කරන්න පුලූවන්. ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ්‍ය නැති, ලොකයේ හොදම රැකියා සපයන ආයතන කිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
ODESK, ELANCE කියන්නේ ඒ අතර ප‍්‍රධානම අයතන දෙකක්. මෙම ආයතන වල නිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.
ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත් තියෙනවා. එහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම් ලබනවා. සමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි. කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබනේ.
ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒ මෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබට ඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.
මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. ඉතින්, මට මේ වැඩය කරගන්න අවශ්‍යයි කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවා. එහිදි සුදුසු එක් අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.
තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඩේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. ODESK වැනි ආයතන සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. එනිසා කාටවත් බොරු කරන්න බෑ. අපි පැය 5ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න ඕන. හැබැයි අපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.
මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඩෙබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඩෙබිට් කාඞ් ලබා නොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඩෙබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්.
අනිත් එක මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි. එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගන්න. ඔබ ඔබට අවංක වෙන්න. ඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ඔබට කිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයි. එහෙනම් තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.
මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්. ODESK, ELANCE

තව අලුත් දේවල් කියන්න තියනවා නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට මෙතෙන්ට ඇවිත් දැනුම අරන් යන්න. ජයවේවා සියලුම දෙනාටම පොයම් එල් කේ බ්ලොග් අඩවිය හා දිගටම රැදීසිටින්න.ඔයාලා ලිපි ලියනවා නම් ඔයාලගේ නමින් පල කරන්න ranrna@gmail.com ලිපිනයට යොමු කරන්න.
www.poemlk.blogspot.com
යාලුවන් සමග ලිපි ශෙයා කරගන්න.

No comments:

Post a Comment