Monday, July 21, 2014

Java sinhalen

Java Install කිරීම හා path set කිරීම


මම අද Java පලවෙනි පාඩම පටන් ගන්නවා.අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා.ඔයාලාට හරිලේසි Java download කරගන්න.Java download කරගන්න මෙතන click කරන්න.

මම හිතනව ඔයාලා හැමෝම Java install කරගත්ත කියලා.අපි 
Java install කරගත්තට Java Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....
ක්‍රමය
පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න.

පියවර 2. එහි Advanced වෙත යන්න.

පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න.

පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න

පියවර 5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables වෙත යන්න.

පියවර 6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. ඒක select කරලා edit button එක ඔබන්න.

පියවර 7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර.

පියවර 8. එම අවසන් කෙලවරට semicolon එකක් (;) දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර (;) ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin) ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin 1 path 1ක දෙන්න.

පියවර 9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න.

පියවර 10. වෙනස් කිරීම් කලායින් පස්සෙ command prompt එක අරගෙන javac කියලා type කරන්න.
ඒ විට පහත පරිදි දිස්විය යුතුය

ක්‍රමයපියවර 1මෙය Dos command prompt 1කට ගොස් (Dos command prompt 1ක සදහා run 1 කේ cmd ලෙස type කරන්න)
පියවර 2. command prompt 1 කේ path="C:\Program Files\Java\jdk1.6.0\bin"[enter]

පියවර 3. command prompt එක අරගෙන javac කියලා type කරන්න.
ඒ විට පහත පරිදි දිස්විය යුතුය
දැන් Java program ලිවීමට සියල්ල සුදානම්............අපි ඊලග පඩමෙ සිට Java program ලියමු......

1 වන පාඩම

හොදයි අපි අපේ 1st Java program එක ලියන්න පටන් ගම්මු..අපි මුලින්ම Java program ලියන්න notepad 1ක use කරමු..notepad open කරගැනිමට


Start > All Program > Accessories > Note Pad


දැන් අපි program 1 ක ලිවිමට පටන්ගමු.....

සැම විටම Java program 1ක් ලියනු ලබනුයේ class 1ක් තුලය.ඒ කියන්නෙ මේ වගෙයි..............



class MyFirstProgram {
........code.........
}


මෙහි class යන වචනයේ සියලුම අකුරු simple අකුරු වේ.මෙහි ලියන සියලුම commands මෙම {} න් තුල ලිවිම සිදු කරයි..MyFirstProgram යනු program ඒකේ name 1 වන අතර කිසිම විටක space තැබිම සිදුකල නොහැක.notepad 1කේ ලියපු program 1ක save කිරිමේ දී එම නම ඒ ආකාරයෙන්ම යොදා ගත යුතුය..save කිරිමේ දී අනිවාරයෙන් file extension 1ක .java ලෙස save කල යුතුය.
උදා-MyFirstProgram.java


ඔන්න දැන් මම සම්පුර්න program 1ක් ලියනවා ඔයාලගේ name1 printක් විම සදහා.


class MyFirstProgram {
public static void main (String args[]){
System.out.println("My name is kamal");
}
}
මෙහි String සහ System යන වචන හි මුල් අකුරු capital විය යුතුය..
දැන් මේ program 1ක MyFirstProgram.java ලෙසින් කැමති folder 1ක් තුල save කල යුතුය. save කලාට පසුව අපි බලමු program 1ක Run කරන ආකාරය...

Java Program 1ක් Run කිරිමට පෙර Compile කල යුතුය..මම දැන් Compile කර Run කරන ආකාරය පියවරෙන් පියවර කියන්නම්.

ඒ සදහා
මුලින්ම
  • DOS Prompt ‍1ක ලබාගැනිමට Run 1කේ cmd ලෙස type කර [enter] කරන්න
  • file 1ක save කර ඇති folder 1කට යාමට cd command 1ක පහත ආකාරයට use කල හැක
  • file 1ක save කර ඇති folder 1කට තුලට ඇවිත් javac MyFristProgram.java [enter]කරන්න.මෙහි දී program 1ක Compile විම සිදුවේ. program 1කේ errors ඇත්නම් මෙතනදී display වේ.
  • ඉන් පසුව program 1ක Run කිරිමට java MyFirstProgram [enter] කරන්න
  • ඉන් පසුව program 1ක පහත පරිදි Run වේ.


  • මේ අකාරයට ඔබට විවිද දේවල් display විමට Java programs ලිවිය හැක.

අපි ඉදිරියේ දී public static void main (String args[]) ලිවිමේ දී psvm ලෙසටත් System.out.println("");යන්න sop ලෙසටත් කිමේ පහසුව සදහා නම්කරන්නෙමු..


Java වල කිසියම් දෙයක් print කිරිමට System.out.print("")යන්න in නැතිවද භාවිතා කල හැක.
ඔබට System.out.println("") සහ System.out.print යන 2 වෙනස පහත හ දුන්වාදී ඇත.

System.out.println("") යන්න print කර cursor 1ක පහල පේලියට යැම සිදුවන අතර System.out.print("") හි දි print කර cursor 1ක ඒතනම නැවතිම සිදුවේ.


ඔබට ඒක දි ගට පහලට පේලි කිපයක් print කරගැනිමට පහත පරිදි /n භාවිත කර program 1ක ලිවිය හැක......



class MyFirstProgram {
public static void main (String args[]){

System.out.println(" kamal silva\n 59 \n Maradhana");

}
}
මෙය පහත පරිදි run වේ............









අද පාඩමෙන් අපි බලමු Java හි Operators මොනවද කියලා සහ ඒවා use කරන ආකාරය..
අපි Java Operators use කරන්නෙ primitive data types වලට පමනි..අපිට Operators ප්‍රදාන වශයෙන් කොටස් 8 කට බෙදා වෙන්කල හැක..ඒවා arithmetic,bitwise, relational,boolean, logical,
assignment, ternary,operator precedence, using parentheses යන ආදි වශයෙනි..

Arithmetic OperatorArithmetic Operator භාවිතා කරනුයේ සංඛ්‍යාත්මක අගයන් සමග සිදුකරන ගනිත කර්ම සදහාය.
+,-,*,/,% සංඛ්‍යාත්මක අගයන් සදහා භාවිතා කරයි..

+ = එකතුව
- = අඩුකිරිම
* = ගුනකිර්ම
/ = බෙදිම
% =බෙදිම මගින් ලැබෙන ඉතිරිය ගැනිමට

අපි මෙය තේරුම් ගැනිමට උදාහරන program කිපයක් ලියමු.....
class MyProgram2 {
public static void main(String args[]){ int x=75; int y=80; int z=90; int total=x+y+z; System.out.println("Total is = "+total); }
}



මෙය Run කල පසු පහත ලෙස print වේ................






අපි දැන් subject 3ක marks වල average ඒක ගැනිමට program 1කක් ලියමු..


class MyProgram2 {
   public static void main(String args[]){  
double x=75; 
double y=80;
   double z=90;
   double avg=(x+y+z)/3;
   System.out.println("Subjet 1 mark is= "+x);
   System.out.println("Subjet 2 mark is= "+y);
   System.out.println("Subjet 3 mark is= "+z);
   System.out.println("Total is = "+avg);
   } }
මෙය Run කල පසු පහත ලෙස print වේ................



කිසියම් value 1කක අගය 1කින් ඉහල දැමිමට X++ හෝ ++X යොදාගනු ලබයි..
තවද කිසියම් value 1කක අගය 1කින් පහල දැමිමට X-- හෝ --X යොදාගනු ලබයි..

මෙය තෙරුම් ගැනිමට පහත උදාහරනය මගින් බලමු.

class New{ public static void main(String args[]){ int A=10; int B=20; System.out.println("value of A is ="+A ); System.out.println("value of B is ="+B ); ++A;//value 1කක අගය 1කින් ඉහල දැමිම --B;//value 1කක අගය 1කින් පහල දැමිම System.out.println("value of ++A is ="+A ); System.out.println("value of --B is ="+B); } }
මෙය Run කල පසු පහත ලෙස print වේ................ සිදු කරනා ගනිතකර්මය sop (System.out.println) 1ක තුලදී සිදුකල හැක. පහත උදාහරනය මගින් බලමු..
class New{ public static void main(String args[]){ int A=10; int B=20; System.out.println("value of A is ="+A ); System.out.println("value of B is ="+B ); System.out.println("value of ++A is ="+(++A)); System.out.println("value of --B is ="+(--B)); } }
මෙම පහත උදාහරනය බලන්න...
class New{ public static void main(String args[]){ int A=10; int B=20; System.out.println("value of B is ="+B ); System.out.println("value of B++ is ="+B++); System.out.println("value of B is ="+B ); } }
මෙහිදී B සදහා අගයක් ආදේශ වනුයේ 2 වන SOP 1ක තුලදී වන අතර නමුත් ඒය 2වන Sop 1ක තුලදී Print නොවේ ඒ යට හේතුව program 1ක් run වනුයේ වමේ සිට දකුනටය.B++ හිදී B අගය 1කින් ඉහල දැමිමට සිදුවනුයේ;ලකුනෙන් පසුව වේ.ඒ නිසා next line 1කේ දී ඉහල දැමිමට සිදුවු B print වේ.
class MyProgram{ public static void main(String args[]){ int a=50; int b=20; System.out.println("Value of a = " + a ); System.out.println("Value of b = " + b ); System.out.println("a + b = " + String.valueOf(a+b) ); System.out.println("a - b = " + String.valueOf(a-b) ); System.out.println("a * b = " + String.valueOf(a*b) ); System.out.println("a / b = " + String.valueOf(a/b) ); System.out.println("a % b = " + String.valueOf(a%b) ); System.out.println("a ++ = " + String.valueOf(a++) ); System.out.println("Value of a = " + a ); System.out.println("b -- = " + String.valueOf(b--) ); System.out.println("Value of b = " + b ); } }
Bitwise logical Operator
අපි අද ඉගනගමු if statement 1ක භාවිත කරන ආකාරය.if statement ඒක සරලව විස්තර කරනවනම් if statement 1ක් භාවිතා කරන්නේ කිසියම් java program 1ක යම්කිසි condition 1ක් සත්‍ය නම් හෝ අසත්‍ය නම් program 1ක ආකර 2කට සිදුකිරිමටය.ඒය සිදුවනුයේ පහත ආකාරයට වේ....

if (condition) { // Task 1 // Task 2 // Task 3 ----- ----- }
පහත උදාහරනය බලමු..
class MyProgram{ public static void main(String args[]){ int a=50; if(a>=20){ System.out.println("Value of a = " + a ); } } }
මෙහිදී a සදහා අගය 50 ක් අදේශ කර ඇත..මෙහිදී a 20 ට වඩ විශාලයි හෝ සමානයි නම් පමනක් statement 1ක print විම සිදුවේ..ඒ සේ නොවුන හොත් කිසිවක් print නොවේ.ඉහත program 1ක පහත පරිදි run වේ.. If -else if Statement 1කක condition 1ක් සත්‍යනොවුන හොත් යම්කිසි දෙයක් කරගැනිමට if සමග else භවිතා කරයි. ඒය භවිතාවනුයේ පහත ආකාරයට වේ....
if (condition) { // Task 1 -----} else { // Task 2 }
පහත උදාහරනය බලමු...
class MyProgram{ public static void main(String args[]){ int a=15; if(a>=20){ System.out.println("a is greater than 20 " ); } else{ System.out.println("a is less than 20 " ); } } }
මෙහිදී a සදහා අගය 15 ක් අදේශ කර ඇත. ඒමනිසා (a>=20) condition 1ක අසත්‍ය වේ.ඒමනිසා else තුල ඇති statement 1ක print වේ..ඉහත program 1ක පහත පරිදි run වේ.. පහත උදාහරනය බලමු.මෙහිදි if සහ else කිහිපවතවක් යොදාගෙන subject 3ක Marks වල මධ්‍යන්ය අනුව "A,B,C,S,F" ලෙස Grade කිරිම සදහා program 1ක් ලියමු.
class MyProgram{ public static void main(String args[]){ double mark1=70; double mark2=58; double mark3=60; //calculate average double avg=(mark1+mark2+mark3)/3; System.out.println("Average Mark is ="+avg); //Grade "A,B,C,S,F" using if-else if(avg>=75){ System.out.println("Your grade is = A "); } else if(avg>=65){ System.out.println("Your grade is = B " ); } else if(avg>=50){ System.out.println("Your grade is = C " ); } else if(avg>=35){ System.out.println("Your grade is = S" ); } else{ System.out.println("Your grade is = F " ); } } }
ඉහත program 1ක පහත පරිදි run වේ.. පහත උදාහරනයෙන් සංඛ්‍යා 3නකින් විශාලම සංඛ්‍යාව සෙවිම සදහා ලිය ඈති program 1ක බලන්න.එම program 1ක තෙරුම් ගැනිමට එම program 1කට අදාල flow chart (flow chart යනු ගැලිම් සටහන් වන අතර එම flow chart 1කක program 1ක් සිදුවන පිලිවෙල සටහන් කර ඇත.අපි ඉදිරියේදි flow chart ඇසුරෙන් විශාල Java program ප්‍රමනයක් පැහැදිලි කිරිමට බලාපොරොත්තු වෙමි) flow chart 1කද පහතින් දක්වා ඇත.
class MyProgram{ public static void main(String args[]){ int x=10; int y=4; int z=4; if(x>y){ if(z>x){ System.out.println("z is maximum"); } else{ System.out.println("x is maximum"); } } else if(z>y){ System.out.println("z is maximum"); } else{ System.out.println("y is maximum"); } } }
ඉහත program 1ක පහත පරිදි run වේ.....


අපි අද Java program තුල Loop භාවිතා කර්න අකාරය ගැන ඉගනගනිමු..Java Program වලදී loop භාවිතා කිරිම ඉතාම වැදගත්වේ.අපිට program එකකදී එකම ක්‍රියාව නැවත නැවත සිදුකිරිම සදහා loop ඉතාමත් වැදගත්වේ.
උදාහරනයක් ලෙස

  • අපිට 1 කේ සිට 100000 ඉලක්කම් කර ගැනිමට අවශයයි සිතන්න. ඒ සදහා loop භාවිතා කල හැක.
  • ඔබට කිසියම් statement එකක් කිපවාරයක් එකදිගට print කරගැනිමට loop භාවිතා කල හැක.
  •  අපිට කිසියම් දත්ත සමූහයක් විශ්ලේෂණය කිරීමේදී loop භාවිතා කල හැක.
  •  විවිද ඇල්ගොරිතම් නිර්මාණයේදී loop භාවිතා කල හැක.


while Loop

while loop එක පහත ආකාරයට ලියනු ලබයි..



while(condition){ //body of loop }




මෙහිදී condition එක true ලෙස පවතින තාක් loop එක ක්‍රියාත්මක වීම සිදුවේ .condition එක true නම් while loop එක ඇතුලේ ඇති statement execute ක‍ර අවසානයේ නැවත condition එක පරීක්ෂා ක‍රනවා.එය නැවත true නම් while loop එක ඇතුලේ ඇති statement නැවත execute ක‍ර අවසානයේ නැවත condition එක පරීක්ෂා ක‍රනවා.එය false නම් පමනක් while එක ඇතුලේ ඇති statement එක execute කිරීම සිදුනොක‍ර කෙලින්ම loop එකෙන් පිටතට යාම සිදුක‍රනවා. එය true නම් මේ ආකාරයට දිගින් දිගටම මෙය සිදුවනවා.

මෙය තෙරුම් ගැනිමට පහත උදාහරන බලමු.

අපගේ web අඩවිය address 1ක 19වතාවක් විමට program 1k 1ක් ලියමු.


මෙහිදී a සදහා 1 යන අගය ආරම්භයේදී ආදේශ කර ඇත.condition එක true වේ so statement execute වි අවසනයේ දී හි අගය 1කින් ඉහල දැමිම සිදුවේ.ඉන්පසු නැවත condition එක true වේ.නැවත statement execute වි අවසනයේ දී හි අගය 1කින් ඉහල දැමිම සිදුවේ.මේ ආකාරයට a හි අගය 19 වන තෙක් while loop එක ඇතුල execute වේ.a හි අගය 20 ට සමන වු විට condition එක false වේ.ඉන් පසු තවදුරටත් while loop එක ඇතුල execute නොවේ. ඉහත program එක පහත ආකරයට run වේ.



0 සිට 10000 දක්වා සංඛ්‍යා print විමට program 1ක් ලියමු..


?
1
2
3
4
5
6
class New{
public static void main(String args[]){
int A=0;
while(A<=10000){      System.out.println(A);      A++;       }      }  }


Do-while Loop


Do-while Loop එකේ සහ while එකේ වෙනස වන්නේ while දී 
condition එක false උනොත් while loop එකේ body එක තුල ඇති කිසිවක් execute නොවේ.නමුත් do-while Loop එකේ condition එක false උනොත් body එක තුල ඇති දේ එක සැරයක් පමනක් execute වේ.do while loop එක පහත ආකාරයට ලියනු ලබයි..
do{
//body of loop
}while(condition) 

මෙය තෙරුම් ගැනිමට පහත උදාහරන බලමු.


?
1
2
3
4
5
6
7
8
9
10
11
class New{
public static void main(String args[]){
int A=1;
do{ System.out.println("www.javaclss.tk");
A++;
}while(A>=10);
}
}

මෙහිදී A සදහා 1 යන අගය ආරම්භයේදී ආදේශ කර ඇත.Statement 1ක print වේ.ඉන් පසු Aහි අගය 2කක් වේ.while loop එකේ condition එක false වේ.එමනිසා loopඑකෙන් ඉවත්ව යාම සිදුවේ. නමුත් statement එක 1 සැරයක් පමනක් print වී පවතී.program එක පහත ආකරයට run වේ.ඉහත program එකේ condition එක true උනොත් loop එක දිගටම ක්‍රියත්මක විම සිදුවේ.එවිට program එක පහත ආකරයට run වේ.for Loop



for loop එක සහ do-while loop එක යන දෙකම එක සමානවේ.for loop එකේ ඇති වාසිය වනුයේ do-while loop එක ට වඩා පහසුවෙන් ලිවිය හැකි විමයි.for loop එක විශාල java program වලදී බහුලව භාවිතා කරයි.for loop එක අපි හිතන්නැති ආකාටයට use කරන්න පුලුවන්.for loop එක පහත ආකාරයට ලියනු ලබයි..

for(initialization;condition;iteration){ //body }








මෙය තෙරුම් ගැනිමට පහත උදාහරන බලමු.



?
1
2
3
4
5
class New{
public static void main(String args[]){
for(int A=1;A<=10;A++){   System.out.println(A+"www.javaclss.tk");  }  } }


එවිට program එක පහත ආකරයට run වේ.



පහත program එක මගින් for loop එක දෙවරක් යොදා ඇති ආකාරය බලන්න.







පහත උදාහරන බලමු.

?
1
2
3
4
public class  ForLoop1{
public static void main(String[] args){
for(int i = 1;i <= 9;i++){       for(int j = 1;j <= i;j++){         System.out.print(i);       }       System.out.println();     }   } }


program එක පහත ආකරයට run වේ.


No comments:

Post a Comment