Tuesday, March 17, 2015

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන- Ahasai oba mata nim him nopenena poem


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉනිමං බදිනු බැරි.....
පොලවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි.....

ගගේ වතුර නෑ ඉහලට ගලා ගියේ....
අසිරි හඩින් නෑ කදු බිම් සසල වුනේ
ගග කවදාහෝ මුව දොර හමුවෙනවා
ලොව කැලබුන දා කදු බිම් හැකිලෙනවා.....

අනන්ත සයුරට වැසි දිය දෝත ඔබයි
අගාද අදුරට දුල රන් සිළුව ඔබයි.....
ඔබ මට ලග බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පව්රට මහ දුරකි

No comments:

Post a Comment