Tuesday, March 17, 2015

ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ නුඹ පියමැන්නා - Ahala mal pipena dewata dige nuba piyamanna poem


ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝයදාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කෙතැනක හෝ කවුරුත් නොයනා
වැට ලග හිදිමින් මං එබී බලන්නම්

වත්සුනු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා//
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැවේවි

ඇහැළ මල් පිපෙනා............

බහක් නොදී ගියත් අහක බලා සිනාසී
මටම හිමී යැයි මගෙ සිත නිතර කියාවී//
මග බලමින් සැමදා ඉඳි වැට ළග ඉන්නම්

ඇහැළ මල් පිපෙනා..........


No comments:

Post a Comment