Tuesday, March 17, 2015

අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී - Amma sadaki mama a lowa hiruya ridee poem


අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් මුලු ලෝකය එලිය උනී
රැක්මට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී

සිරුරේ දූවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි මගෙ ලේ කිරි නොවුනේ

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.....


No comments:

Post a Comment