Tuesday, March 17, 2015

අජානීය ස්කූටර් තුරගාපිට වඩිනා - Ajaneeya skuter thuraga pita wadina poem


අජානීය ස්කූටර් තුරගාපිට වඩිනා
කුමාරියනි වාතවේගයෙන් ඉගිලෙනු කොතෙනා
බදා හිමිගෙ උර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරළ බිම වැටෙයිද සිතුනා

සූසැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා
මා ගත ඩා බිඳූ හඳූනා ගදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදූම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් වැකෙනා
කාට අහිමි උනත් සාදූ මල් පිපියන් සැමදා



No comments:

Post a Comment