අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැදෙන්නේ.....
අහසෙ මාළිගා තැනුවට
අපි පොළවෙයි සිටින්නේ
සිමෙන්ති කඳුලින් දියකර
සත්මහලයි තනන්නේ....
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ.....
ලඹ කැටයේ අත් වාරුව
බිත්ති දිගේ නගින්නේ....
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ.....
No comments:
Post a Comment