Wednesday, March 18, 2015

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ - Dewram wehere himi wada hiti samaye poem


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්
සමිදූනි ඔබ පිළිසරණ පතා 
මම එමි බවදූරු කතර ගෙවා

සහසක් දොම්නස්  දූක්ගිනි අතරේ    
දැවෙන මහද සිතුවිලි ගින් අතරේ
සමිද ඔබේ පිළිරුව දූටු  පමණින්              
නිවී නිවී යන අරුමය කිමදෝ

ජීව මාන හිමි දැක ගන්නට    
මා නෙත  කළ පිං මද බව වැටහේ
එහෙයින් හිමි අනුරුව අභියස හිඳ
බවුන් වඩමි මෙත් බුදූන් දකින්නට


No comments:

Post a Comment