Monday, March 16, 2015

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා - Tika kalaka sitan ma amataka wana bawa danuna poem

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා........
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා..........

දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මාහද පෙළුවේ ඇයි මෙහෙම
සමු ගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොදූරියෙ මේ දූක කෙලෙස

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටී නම්මට සතුටකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
සිහිවෙයිද මගේ සොදූරියෙ බිදූවක් යළි මතක


ගායනය - චන්ද්‍රසේන මහතා
www.poemlk.blogspot.com

No comments:

Post a Comment