Thursday, March 19, 2015

සිහිල් පිනි සිපින - Sihil pini sipina poem


සිහිල්  පිනි සිපින        
හොරෙන් ඇසිපිය සලන    
උදුල මුව සඳවන් වන        
කෝල මල් සුවඳින         
මල්සර හී විදින වෑහෙන
රුහින්  නෑවෙන         
රෑ අනංගයා විය නුඹ...       
හී මුවින් වා හිඩසකුදු නොහැර...           
ඇතිවන තුරු බැණ රිදවා   
සැනෙකින් රුහිරු
පවසද නිවාගෙන... දුකිනද...
මැදියම් ගෙවී අලුයමට       
පහන්වන සඳ    
කැඩපතින් දිටිමි           
මාද රුදුරුව          
නුඹ වන්ව


No comments:

Post a Comment