Wednesday, March 18, 2015

ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන් - Ayeth monawath liyanne ne nuba wenuwen poem


ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියූ හොරලියුම් අපරාදේ

කුලී ගෙදර තාමත් මට හෙවනයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුනානම් නෑ මේ ලෙඩ දූක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්

ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්

කළඳක්වත් තෙත් නොවූ හිතක් ගැන
කප්පරකට පැතූ උතුම් පැතුම්
ඵලදෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්


No comments:

Post a Comment