Thursday, March 19, 2015

එකම එක වරක් වත් ආදරෙයි කියන්න - Ekama eka warak wath adarei kiyanna poem


එකම එක වරක් වත් ආදරෙයි කියන්න   
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න   
හිත පිරෙන්නේ නෑ කුමරුණි ඔබ ලග ඉන්න

හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ     
සුනු වැල්ලයි මුදු වෙරළයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළගුවනේ    
පාවෙන සුළගට දැනුනා ඔබ නැති අරුමේ  

එකම එක වරක්වත්..............        

නිදි නැති රෑ යහන පුරා හීනෙන් තනිවී 
ඔබ යන එන මග බල බල සිත තනිවේවි
හෙට හිමිදිරියේ කියන්න තුරුලෙහි තනිවී
සුරතල් පෙම්බස් මුමුණයි දෙතොලෙහි සිරවී

එකම එක වරක්වත්..............        


No comments:

Post a Comment