Monday, August 11, 2014

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්

අන්තර්ජාලය පවිච්චි කරන ගොඩක් දෙනා දැන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් කියලා අහළා ඇති, සමහර විට ඔයා විශ්වාස කරන්නේත් නැතුව ඇති පුලුවන් කියලා, ඔයාට විශ්වාස නැත්නම් ඒක පුලුවන් කියලා මං ඔප්පු කරපු ලිපිය කියවන්න. අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියන්නේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කරනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරන්න පුලුවන් ක්‍රම ගැනයි දැන් කියවන්න යන්නේ.

අන්තර්ජාලයේ ගොඩක් ලොකුම දේ තමා “දැන්වීම්”. මිනිස්සු දැන්වීම් දාන්නේ මොනා හරි දෙයක් ප්‍රසිද්ධ කරවන්න. එයාලගේ නිශ්පාදන වල හා සේවාවන් වල අලෙවිය ඉහළ දාගන්න. ඒකත් මතක තියාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම මොනාද කියලා බලමු. මේක මතක තියාගන්න කිව්වේ ඔයා දැන් මේ අවශ්‍යතාවය ඉටු කරලා තමා මුදල් හොයන්න යන්නේ. මේ අවශ්‍යතාවය ඉටු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා, හොදට හිතලා බැලුවොත් ඔයාටත් පුලුවන් වෙයි, මේක ඉටු කරන්න පුලුවන් අලුත්ම අදහස්, අනන්‍ය ක්‍රම වගේ දේවල් හොයාගන්න.

1. Blog එකක් මඟින්.

වෙබ්සයිට් එකකයි බ්ලොග් එකකයි අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි බ්ලොග් එක නිතරම අලුත් වෙන දෙයක්. පත්තර නිතරම අලුත් දේවල් දාන නිසා තමයි, පත්තර විකිනෙන්නේ, ඒ පත්තර වල කියවීම, අලෙවිය වැඩි වෙද්දී දැන්වීම වැඩිපුර ලැබෙනවා. ඒවගේම දැන්වීමකට ගන්න ගාස්තුවද වැඩි වෙනවා.
Ways To Make Money Online
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න සාර්ථක ක්‍රම 3ක්
ඒ සංසිද්ධියම බ්ලොග් එකට අදාල කරගන්න පුලුවන්. නිතරම අලුත් වෙන නිසා, කියවන්න කට්ටිය එනවා, කලින් කිව්වා වගේ මිනිස්සු රැස්වෙන තැනක අලෙවිවීමේ හැකියාව ගොඩක් වැඩියි. ඉතින් දැන්වීම් දාන්න ඉල්ලුම ලැබෙනවා. ඔයාගේ බ්ලොග් එකට එන ප්‍රේක්ෂක ගණන වැඩිවෙන කොට ඔයාට දැන්වීම් වල ගාස්තුව වැඩි කරන්න පුලුවන්.
බ්ලොග් එකක් මඟින් මුදල් සේවීමේදි මූලික සිද්ධාන්තය තමයි ඕක. බ්ලොග් එකක් මඟින් මුදල් හොයන්න පුලුවන් ක්‍රම තවත් ගොඩක් තියෙනවා, ඒවා වෙනත් ලිපියකින් දාන්නම්.

2. Freelance Projects කරලා.

මේ කියන්නේ ඔයා දන්න මොකක් හරි වෘත්තිමය දැනුමකින්, වෘත්තිමය අත්දැකීම් වලින් කාගේහරි වැඩ කරලා මුදල් හොයන එක. මෙතනදි වෙන්නේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට උදව් කරන එක.
ඔයා මුකුත් දන්නේ නැහැ කියලා හිතන්න එපා එහෙම කිව්වම. ඔයා දන්න මොකක්ම හරි දෙයකින් මේක කරන්න පුලුවන්. ඔයාට වෙබ්සයිට් හදන්න පුලුවන් නම් ඒක දන්නේ නැති, ඒත් වෙබ්සයිට් එකක් අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේ කරලා දීලා මුදල් හොයන්න පුලුවන්.
ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, වෙබ් අඩවි දියුණු කිරීම, වීඩියො සංස්කරණය කිරීම, මොනාහරි දෙයක් සම්බන්ධ උපදෙස් ලබාදීම, ලිපි ලිවීම වගේම තව ගොඩක් දේවල් කරලා මුදල් හොයන්න පුලුවන්. මේ වගේ වැඩ අරගෙන කරන්න පුලුවන් සයිට් ටිකක් පහලින් දාන්නම්.

3. ඔයාගේම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා ලබා දීම.

ඔය හැමෝම මේ දේ කරන්නේ නෑ. ඔයාට පුලුවන් ඔයාගෙම eBook එකක් ලියලා විකුණන්න. මේකට eBooks විතරක්ම නෙමෙයි අයත් වෙන්නේ විඩියෝ මගපෙන්වීම්, ලිපි මඟින් මග පෙන්වීම්, ඕඩියෝ මග පෙන්වීම්, සොෆ්ට්වෙයා ආදිය ඔනෑම දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කිව්වේ මේ වගේ දෙයක් හදන්න පුලුවන් නම් ගොඩක් ලොකු මාර්කට් එකක් උනත් ඔයා වටේ හදාගන්න පුලුවන්.
මේ වගේ තමන්ගේම දෙයක් විකුණනකොට සම්පූර්ණ ලාභය එන්නේ ඔයාට. ඒ වගේම ඔයා දෙන සේවයේ, නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගන්න පුලුවන් ක්‍රමත් තියෙනවා. මේ ක්‍රම උපයෝගි කරගන්න කොට ඔයාට ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. තවත් දෙයක් තමයි, ඔයා එකක් වීඩියෝ මගපෙන්වීම් වගේ දෙයක් නම් විකුණන්නේ, ඒක නිර්මාණය කරන්න තමයි ඔයාට වැඩි කාලයක් යන්නේ, ඊට පස්සේ ඔයාට ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ.
දැන් එහෙම කිව්වා කියලා, නිකන් ඉන්නම ලෑස්ති වෙන්න එපා. අර ක්‍රම, උපායවල් මොනාද කියලා ඉස්සරහට ලියන්නම්.
උපුටා ගැනීම http://www.slmarketer.com/3-successful-ways-to-make-money-online/

No comments:

Post a Comment