Friday, August 1, 2014

SEO (Search Engine Optimization) Tutorial #1

SEO පළවෙනි tutorial එකේදී අපේ web page වල වෙන්න ඕනි changes මොනවද කියල බලමු.


1) Keywords
2) Title Tag
3) Meta Description
4) Meta Keywords
5) URL
6) h1, h2, h3 Tags
7) alt & title Attributes

මුලින්ම කියන්න තියෙන්නේ Google වගේ Search Engine දැන් හොයල බලන්නේ ඔයාගේ page එකේ content එක ගැන. එක හින්ද අලුත්, තමන්ගේම කියල contentතිබ්බොත් SEO සෑහෙන හොඳට වෙයි.

1) Keywords


මුලින්ම අපේ page එකේ තියෙන්නේ මොනවද කියල බලන්න ඕනි. ඊට පස්සේ අපේ page එකේ තියෙන එව්වා කට්ටිය කොහොම search කරයිද කියල ඩිංගක් හිතල බලන්න ඕනි. උදාහරණයක් විදිහට මේ SEO Article එකට සුදුසු Keywords,
SEO
Search Engine Optimization
Sinhala SEO
Learn SEO
Sinhalen SEO
SEO Sinhalen
Sinhala SEO Tutorials
SEO in Sinhala
Increase my website rank
website traffic

ඊලගට කරන්න තියෙන්නේ මේ keywords ගැලපෙන තැන්වලදී (tags වලට) පාවිච්චි කරන එක තමයි.

2) Title Tag


 <title> Learn SEO - Search Engine Optimization in Sinhala </title> 

මෙන්න මේ වගේ title එකක් අපේ page එකට ආවොත් හොඳයි. title එකට අකුරු 70කට වැඩියෙන් දාන්න එපා.

3) Meta Description


 <meta name="description" content="Learn SEO (Search Engine Optimization) step by step in Sinhala" /> 

description එකටත් අපේ page content ගැලපෙන, මීට වැඩිය විස්තරාත්මක description එකක් ආවොත් තමා හොඳ.

4) Meta Keywords


 <meta name="keywords" content="අපි හදාගත්ත Keyword list එක" />  

මේක නම් දැන් එච්චර වැඳගත් නෑ Google වගේ Search Engine වලදී නම්.

5) URL


ඔයාලගේ page එකේ URL එකටත් මේ keyword වැටෙන්න ඕනි.
ex:- http://sch.neucly.com/SEO-Sinhala.html

6) h1, h2, h3 Tags


මේ h tags ටිකත් හරිම වැඳගත්. h1 tag එක page එකට එක පාරකට වැඩිය දාන්න එපා. ප්‍රධානම මාතෘකාවට h1 දාල sub topics වලට h2, h3 දාන්න.

7) alt & title Attributes


ඔයාලගේ page එකට image මොනවා හරි දානවා නම් ඒ image එකට ගැලපෙන alt එක දාන්න ඕනි.
 <img src="seo.jpg" alt="SEO - Search Engine Optimization" />  


link එකක් දානවා නම් ගැලපෙන title එකකුත් දාන්න.
 <a href="seo.html" title="SEO - Search Engine Optimization"> SEO </a>  

No comments:

Post a Comment