Thursday, August 14, 2014

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex


මේ ලිපියේ සම්පූර්ණ අයිතියhttp://sriexpresslanka.blogspot.com/ සතුවේ.

21. Account Balance, Equity, Margin, Free margin හා Margin level - (Money management Lesson - 1)

අද අපි කරන්න යන්නේ තවත් ඉතාමත් වැදගත් පාඩමක්. මේ පාඩම කෙලින්ම සම්බන්ද වෙන්නේ Money management එහෙමත් නැතිනම් අපි කොහොමද Forex වලදී අපේ මුදල් පාලනය  කරන්නේ කියන පාඩමට. Forex trader කෙනෙක් Forex වලින් සාර්ථක වෙනවද නැද්ද කියන එකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ Money management කියන්නේ.


අපි trade එකක් open කරලම වැඩේ පටන්ගමු. ඔයාලගේ Metatrader එකේ open කරපු trades තියෙනවා නම්, ආයෙත් trades open කරන්න අවශ්‍ය නෑ. හැබැයි trades 1කට වඩා open කරලා තියෙනවා නම් එක trade එකක් විතරක් ඉතුරු කරලා අනිත් ඒවා ඔයාලා පාවිච්චි කරන Strategy එකේ rules වලට අදාලව close කරන්න. එක trade එකක් විතරක් ඉතුරු කරගන්න කිව්වේ එතකොට ගණන් හදාගන්න ලේසි හින්දා.


දැන් ඉතින් ඔයාලට trades open කරන්නේ කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාලට පුළුවන් trade එකක් open කරන්නේ කොහොමද කියලා මටත් කියලා දෙන්න.


Currency pair එක EUR/USD, Lots ගණන 0.1, Buy හෝ Sell ඔයාලා අදාල විදිහට කරන්න. ඊට පස්සේ කෙලින්ම බලන්න Chart එකට පහලින් තියෙන Terminal කියන කො‍ටුවේ Trade කියන tab එක.
අපිට පැහැදිලිව බලන්න පුළුවන් ආකාරයට මම මේ රූපසටහන කොටස් 2කට පහලින් දක්වලා තියෙනවා.




forex

forex sinhala



Balance කියන්නේ මොකක්ද කියලා ඔයාලට පේනවා ඇති. Balance කියලා කියන්නේ අපේ account එකේ දැනට තියෙන balance එක. හැබැයි මතක තියාගන්න අපි දැනට open කරලා තියෙන order එක මේකට ඇතුලත් වෙලා නෑ. ඒ order එක close කලාම තමයි Balance එක update වෙන්නේ. මගේ රූපසටහනේ විදිහට නම් මගේ balance එක USD 3007.00.


Equity කියන්නේ මොකක්ද? Equity කියන්නේ අපි දැන් කරගෙන යන trade එකේ profit හෝ loss එකත් ඇතුලත්ව අපේ account balance එක. අපි බලමු ඒක එහෙමද කියලා. මගේ balance එක 3007.00, මම දැනට කරගෙන යන trade එකේ profit එක -19.00 (ඒ කියන්නේ loss එකක්). අපි ඒ දෙක එකතු කරලා බලමු.


Equity = Balance + (Profit or loss)
= 3007.00 + (-19.00)
= 3007.00 - 19.00
= 2988.00


උත්තරේ රූපසටහනේ තියෙන ගණනත් එක්ක ගැලපෙනවා නේද? එහෙනම් ඒකත් හරි.


ඊළඟට අපි බලමු Margin කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මතකද දන්නේ නෑ මම කලින් පාඩම් වල ගණන් හදද්දී කිව්වා අපි trade එකක් open කලාම broker අපේ account එකෙන් ගානක් අඩුකරගන්නවා කියලා. මම කිව්වා ඒ මුදල අපිට ආපහු හම්බවෙන්නේ trade එක close කලාම කියලත්. මේ Margin කියලා කියන්නේ අන්න ඒ broker අපේ account එකෙන් අඩුකරගන්න ගණන (හරියට deposit එකක් ගන්නවා වගේ). අපි දන්නවනේ අපි Buy හෝ Sell කලේ EUR/USD, Lot 0.1 කියලා. ඒ වගේම අපි Buy හෝ Sell කරපු price එකයි, Broker අපිට දෙන leverage එකයි දන්නවා නම් broker අපෙන් අඩුකරගන්න ගණන එහෙමත් නැතිනම් Margin එක අපිට ගණනය කරන්න පුළුවන් නේද? අපි අපේ demo account එක open කරද්දී මතකද අපි දුන්න Leverage එක 100:1 කියලා. එහෙනම් අපිට අවශ්‍ය දත්ත ඔක්කොම තියෙනවනේ අපි ගණන හදලා බලමු. (මම ගණන හදන්නේ රූපසටහනේ තියෙන දත්ත පාවිච්චි කරලා, ඔයාල කැමති නම් පහල උදාහරණය බලලා, ඊට පස්සේ ඔයාලගේ account එකේ තියෙන data බලලා ගණන හදලා බලන්න.)


Sell order කල price එක = 1.3791 (රූපසටහන බලන්න.)
Currency  ප්‍රමාණය = 0.1 Lots = 10,000
අවශ්‍ය USD ගණන = 1.3791 X 10,000
= 13,791
Leverage එක 100:1 නිසා = 13,791 / 100
= 137.91


ඒ කියන්නේ අපේ account එකෙන් Margin එක විදිහට USD 137.91ක් අඩුවෙන්න ඕනේ. අපි බලමු රූපසටහනේ විදිහට, Margin එක විදිහට කීයක් අඩුවෙලා ද කියලා. මාර සීන් එකනේ Margin එක විදිහට අඩුවෙලා තියෙන්නේ USD 34.48 නේ. ඒ කියන්නේ අපේ ගණන් හදපු විදිහ වැරදිද? නෑ, මෙතන වෙලා තියෙනේ Broker අපිට පොරොන්දු වුන ගණනට වඩා වැඩි ගණනක Leverage එකක් ලබා දීලා තියෙන එක. සමහර වෙලාවට Brokerලා එහෙම වැඩ කරනවා. එහෙම කරද්දී අපි අර කලින් දීපු Leverage එක 100:1 කියන එක broker අපිට ලබාදෙන අවම Leverage එක විදිහට තියාගන්නවා. දැන් අපි ගණන් හදලා බලමු broker අපිට කොච්චර Leverage එකක් දීලා තියෙනවද කියලා.


අවශ්‍ය USD ගණන = 1.3791 X 10,000
= 13,791
අපේ Margin එක = 34.48
Leverage එක = 13,791 / 34.48
= 399.97


ඒ කියන්නේ Broker අපිට 400:1 Leverage එකක් ලබාදීලා කියන එක.


තවදෙයක් කියන්න ඕනේ, අපි trades එකකට වඩා open කරලා තියෙනවා නම් Margin එකෙන් පෙන්වන්නේ ඒ trades ඔක්කොටම අපේ account එකෙන් කීයක් අඩුකරලාද කියන එක.


සමහර Brokersලා ඉන්නවා එයාලා අපිට ලබාදෙනවා Floating Leverage කියලා එකක්. ඒ කියන්නේ අපේ Leverage එකක් අපි trade කරන Lots ගණනත් එක්ක වෙනස් වෙනවා. අපිට දැනට මේ ගැන එච්චර හිතන්න දෙයක් නෑ. මොකද ඊට වඩා වැදගත් දේවල් ගොඩාක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ මම කියලා දීපු ටිකේ මොනාහරි  ප්‍රශ්න තියෙනවා නම් අහන්න.


Free margin, මේකත් එච්චර අමාරු එකක් නෙවෙයි. Free margin, කියලා කියන්නේ Equity එකෙන් Margin එක අඩු කලාම එන ගණනට. මේ ගණනින් කියන්නේ අපිට තව කොච්චර සල්ලි තියෙනවද trades open කරන්න කියන එක. අපි ඒ ගණනත් හදලා බලමු රූපසටහනේ තියෙන උත්තරය එනවද කියලා.


Free margin = Equity - Margin
= 2988.00 - 34.48
   = 2953.52


උත්තර 2කම ගැලපෙනවා නේද? එහෙනම් අපි බලමු Margin level කියන්නේ මොකක්ද කියලා.


Margin Level එක ගණනය කරන්නේ පහත දැක්වෙන සූත්‍රයෙන්, ඒ වගේම Margin level එක පෙන්වන්නේ ප්‍රතිශතයක් විදිහට.


Margin level = (Equity / Margin) X 100


අපි ගණන හදලා බලමු රූපසටහනේ ගණනට ගැලපෙනවද කියලා.


Margin level = (2988.00 / 34.48) X 100
=  8665.89%


රූපසටහනේ උත්තරය 8666.52% නේද? උත්තර 2කේ පොඩි වෙනසක් තියෙනවා නේද? මේකට හේතුව තමයි Metatrader එක මේ ගණන හදන්නේ මීට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට. අපි ඒ විදිහටත් හදලා බලමුකෝ.


Margin level = (2988.00 / (13,791/400)) X 100


(මෙතන 13,791 කියන්නේ EUR Mini-lot එක ගන්න යන USD ගණන. 400 කියන්නේ Leverage එක.)


= (2988.00 / 34.4775) X 100
= 8666.52%


දැන් උත්තරේ හරියටම ආවා නේද? දැන් Margin Level එක හැදෙන හැටි ඔයාලා දැන ගත්තනේ. අපි බලමු Margin Level එකෙන් අපිට කියන්නේ මොනාද කියලා.


Forex වලදී අපිට කවදාවත් brokerට අතින් ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. හිතන්න අපි USD 3000ක් දාලා Forex real account එකක් open කරනවා. ඊට පස්සේ අපි trade එකක් open කරනවා (Buy හෝ Sell). හිතන්න ඒ trade එක loss එකක් වෙලා ටිකින් ටික ඒ loss එක වැඩිවෙනවා. කොහොම හරි අපිටත් එක එක වැඩ නිසා trade එක දිහා බලන්න හම්බවෙන්නේ නෑ. කොහොම හරි trade එකේ loss එක දැන් USD 2500යි. තවදුරටත් trade එක loss වේගන යනවා. හැබැයි මේ trade එකේ loss එක කවදාවත් USD 3000ට වඩා වැඩිවෙන්නේ නෑ. මොකද broker ගේ තියෙන software එකක් හැමවෙලේම අපේ Margin Level එක දිහා බලාගෙන ඉන්නේ. Margin level එක එක්තරා සීමාවකට වඩා අඩුවුන ගමන් broker අපේ trades close කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන්, අපි trades එකකට වඩා open කරලා තියෙනවා නම්, ඉස්සෙල්ලාම වැඩිම loss එක තියෙන trade ඉඳන් තමයි trades close කරන්නේ.


මම කිව්වනේ Margin Level එක එක්තරා සීමාවකට වඩා අඩුවුනාම මේක වෙන්නේ කියලා. ඒ සීමාවට කියන්නේ Margin Call කියලා. මේක පෙන්වන්නේ ප්‍රතිශතයක් විදිහට සාමාන්‍යයෙන් 100% තමයි ඒ සීමාව. ඒ කියන්නේ අපේ account එකේ Margin level එක 100% වඩා අඩුවෙන්න ගියොත් broker automatically අපේ trades close කරනවා. මෙහෙම වෙනවට කියන්නේ Margin call එකක් ලැබිලා කියලා. හැබැයි දැන් සමහර brokerලාගේ මේ වගේ සීමාවන් 2ක් තියෙනවා එකක් Margin Call කියලා අනිත් එක Stop out level කියලා. එහෙම Levels 2ක් දීලා තියෙනවා නම් එතනදී Margin Call කියන සීමාවෙදි broker අපිට warning එකක් දෙනවා අපේ trades close වෙන්න ලඟයි කියලා. අපි ඒකත් ගනන් ගන්නේ නැතුව හිටියොත් Stop out level කියන සීමාවට ආපු ගමන් අපේ trades close වෙන්න පටන් ගන්නවා.


උදාහරණයක් විදිහට Margin Call එක 30% හා Stop out level එක 20% නම්, අපේ Margin Level එක 30% වුනාම අපිට broker ගෙන warning එකක් එනවා.  අපේ Margin Level එක 20% වෙච්ච ගමන් අපේ trades close වෙන්න පටන් ගන්නවා.


සමහර broker ලා දෙන්නේ Margin Call කියන සීමාව විතරයි. ඒ කියන්නේ එතන අදහස Margin Call එකයි Stop out level කියන එකයි 2කම එකයි කියන එක.  උදාහරණයක් විදිහට broker කෙනෙක් කිව්වොත් Margin Call එක 50% කියලා. ඒකේ අදහස Stop out level  එකත් 50% කියන එක. ඒ කියන්නේ අපේ Margin Level එක 50% වෙච්ච ගමන් අපේ trades close වෙන්න පටන් ගන්නවා.


මේ කරුණු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. කලින් තාරක අහල තිබුනු ප්‍රශ්නයටත් පිළිතුර මෙතන තියෙනවා.


අපි නිවැරදි විදිහට මුදල් පාලනය (Money management) කරනවා නම් අපිට කවදාවත් Margin Call එකක් කොහොමටවත් එන්නේ නෑ. ඒ නිසා මම Margin Call හා Stop out level 100% තියෙද්දී හා ඊට වඩා අඩුවෙන් තියෙද්දී තිබෙන වාසි හා අවාසි ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද අපි කවදාවත් Margin Call එකක් එන අහලකටවත් යන්න හිතන්නවත් හොඳ නැති නිසා. හැබැයි මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

20. Forex අනිකුත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක ඇයි?

අපි අද බලමු Forex අනිත් මුදල් ආයෝජන ක්‍රම වලට වඩා වාසිදායක වෙන්නේ කොහොමද කියලා.


- No commissions, Low transaction cost
Forex market එකේදී අපි broker ලට commissions හෝ වෙන මොනවත් ගාස්තු ගෙවන්න වෙන්නේ නෑ. අපි ගෙවන එකම ගාන තමයි අපි open කරන trade එකේ spread එක. මතකනේ Spread එක, Bid හා Ask price අතර වෙනස. - No middlemen
අතරමැදියෝ නෑ. අපි කෙලින්ම software එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය trades open, close කරනවා. මේ නිසා අතරමැදියෙක් ඉන්නකොට වෙන delays, mistakes සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්.


- No fixed lot size
අපිට, අපිට අවශ්‍ය ඕනෙම currency ප්‍රමාණයක් ගන්න හෝ විකුණන්න පුළුවන්. Currency හරියටම Lot එකක් ගන්න ඕනේ කියලා නීතියක් නෑ.


- A 24-hour market
සතියේ දවස් 5ම, පැය 24ම Forex Market එක ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා අපිට පහසු විදිහට කැමති වෙලාවක් ‍තෝරගෙන trade කරන්න පුළුවන්.


- No one can corner the market
Forex Market එක ලෝකේ ලොකුම Market එක නිසා USA වලටවත් තනියම Currency pair එකක price එක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ Forex Market එකේ Currency prices කාටවත් ඕනෙ විදිහට පාලනය කරන්න බෑ. 


- Leverage
මේ මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. සමහර Brokers ලා 500:1 Leverage පවා දෙනවා. මෙච්චර Leverages දෙන්නේ Forex වල විතරයි.


- High Liquidity
මේක ගැනත් මම කලින් පාඩමේදි කතා කරා. මේ high liquidity එක නිසා අපිට Currencies ඕනෙම වෙලාවක Buy, Sell කරන්න පුළුවන්.


- Low Barriers to Entry
ගොඩක් ව්‍යාපාර පටන් ගන්න ලේසි නෑ. හැබැයි Forex එහෙම නෑ. අතේ පොඩි මුදලක් තියාගෙන වුනත් පටන් ගන්න පුළුවන්. (එහෙම කිව්වට අපි මුලික කරුණු හොඳට අධ්‍යනය කරන්නේ නැතිව වැඩේට බහින එක එච්චර ඇඟට ගුණ නෑ.)


- Free learning material Everywhere
Forex ඉගෙන ගන්න අවශ්‍ය තොරතුරු බොහෝමයක් අපිට Internet එකෙන් Free ගන්න පුළුවන්. ඒ වගේම broker ලා අපිට practise කරන්න ඕනෙ තරම් demo accounts open කරන්න දෙනවා. (හැබැයි Forex ගැන සිංහලෙන් තියෙන තොරතුරු බොහෝම සීමිතයි. ඒ අඩුව පුරවන්න තමයි මම මේ blog එක පටන් ගත්තේ.)


මම මේ කියලාදීපු දේවල් වල කටපාඩම් කරන්න දෙයක් නෑ. හැබැයි හොඳ Forex trader කෙනෙක් වෙන්න නම් මේ කරුණු දැනගෙන ඉන්න ඕනෙ. පැහැදිලි නැති තැන් තියෙනවා නම් අහන්න.

Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

19. Forex ගැන තව ටිකක් ඉගෙන ගමු.

මම මේ Forex blog එක කරගෙන ගියේ සාමාන්‍යයෙන් ගොඩක් Forex sites කරනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ලොකුවට theory කරන්නේ නැතුව practicals පැත්ත තමයි වැඩිපුර කියලා දුන්නේ. දැන් ඔයාලට නිකන් ඉන්න ගමන් කරන්න වැඩකුත් තියෙන නිසා (Trades open කරන්න දන්න නිසා) අද අපි Forex Market එක ගැන විස්තර ටිකක් ඉගෙන ගමු. 


දැන් ඔයාල දන්නවනේ Forex කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම Forex වලින් සල්ලි හම්බ කරන හැටි ගැනත් ඔයාලට අවබෝධයක් තියෙනවා. හැබැයි ඔයාලා දන්නවද Forex Market එක තමයි මුළු ලෝකයේම තියෙන ලොකුම Financial Market එක කියලා. Stock Market එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ලෝකයේ තියෙන ලොකුම Stock Market එක තමයි NYSE (New York Stock Exchange) (හරියට ලංකාවේ Colombo Stock Exchange එක වගේ). NYSE එකේ දවසකට $74 Billions මුදල් ගනු දෙනු සිද්ධ වෙනවා. සෑහෙන්න ලොකු ගණනක් නේද? හැබැයි Forex Market එකේ දවසකට $4 Trillion ගනු දෙනු සිද්ධ වෙනවා. 


අපි නිකමට බලමු මේ ගණන් දෙක බිංදුත් එක්ක ලියලා.


$74 Billion = 74,000,000,000
$4 Trillion = 4,000,000,000,000


දැන් තේරෙනවා නේද කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. රූපසටහන බැලුවම මම කියන දේ ඔයාලට තවත් පැහැදිලිවෙයි. හැබයි මේ $4 Trillion කියලා කියන්නේ Forex Market එකේ ඉන්න ඔක්කොම tradersලාගේ මුළු transaction volume එක. Retail traders, ඒ කියන්නේ අපි වගේ පොඩි traders ලාගේ transaction volume එක $1.49 Trillion  විතර තමයි වෙන්නේ.


කොහොම හරි ඔයාලා දැන් දන්නවනේ Forex Market එකේ trade වෙන්නේ මොනාද කියලා. (මතක නැතිනම් පරණ පාඩම් වලට ගිහින් බලන්න.)


Forex Market එකට කියන්නේ OTC (Over the Counter) එහෙමත් නැතිනම් Interbank, Market එකක් කියලා. මොකද අනිත් Markets වගේ Forex Market එකට Central exchange එකක් හෝ භෞතික තැනක් නෑ. මේක තනිකරම වෙන්නේ බැංකු අතර Electronically. අනිත් එක මේක පැය 24ම ක්‍රියත්මක වෙනවා. ඒ නිසා අපිට Forex ලෝකේ ඕනෙම තැනක ඉඳලා කරන්න පුළුවන් (හැබැයි Internet තියෙන්න ඕනෙ.).


පහත රූපසටහනේ දැක්වෙන්නේ ලෝකයේ වැඩියෙන්ම trade වෙන currencies.


forex


(Chart එකේ මුළු ප්‍රතිශතවල එකතුව 200%, මොකද Currency pair එකක currencies 2ක් තියෙන නිසා.)


ඔයාලට පේනවා නේද, වැඩිම ඉල්ලුමක් තියෙන්නේ USD වලට. Forex Market එකේ සිදුවෙන transactions වලින් 84.9% කටම USD සම්බන්ධයි.
forex




International Monetary Fund (IMF) එක කියන විදිහට ලෝකයේ Foreign Exchange Reserves වල 62%ක්ම තියෙන්නේ USD. හැම දෙනාම වගේ USD වල price එක ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.


USD මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතු කීපයක් තියෙනවා.


- ලෝකයේ ලොකුම Economy එක තියෙන රට United States of America වීම
- ලෝකයේ ගොඩක් රටවල් වල Money reserve වල USD තිබීම
- USA වල ලෝකයේ liquidම Financial Markets තිබීම
- USA වල ස්ථාවර දේශපාලන ක්‍රමයක් තිබීම
- USA යුධමය වශයෙන් ඉතාමත් ප්‍රබල ස්ථානයක සිටීම
- USD මූල්‍ය හුවමාරු මාධ්‍යයක් වශයෙන් භාවිතා කිරීම. (උදා. Mexicoවට Saudi Arabia වලින් තෙල් ගන්න ඕනෙ නම්, එයාලට ගෙවන්න වෙන්නේ USD වලින්. Mexico වල USD නැතිනම් ඉස්සෙල්ලා එයාලා එයාලගේ සල්ලි USD වලට මාරු කරන්න වෙනවා.)


තවත් ඔයාලා දැනගෙන ඉන්න ඕනෙ දෙයක් තමයි. Forex Market එකේ transaction වලින් 90%ක් ම වෙන්නේ ලාභ ලබන්න Buy හෝ Sell කරන traders ලා අතින්. ඒ කියන්නේ අපි වගේ tradersලා. අනිත් 10% තමන්ගේ අවශ්‍යතා සඳහා මුදල් මාරු කරන අය. (උදාහරණයක් වශයෙන් විදේශ ගතවීමට යන අය අදාල රටේ මුදල් ලබා ගැනීම.)




90%ක්ම ලාභ ලබන්න බලාගෙන currencies Buy හා Sell කරන එක අපිට ලොකු වාසියක්. මොකද අපිට ඕනෙම වෙලාවක Currencies, Buy හෝ Sell කරන්න පුළුවන්. මේකට තමයි liquidity කියලා කියන්නේ. Forex Market එකේ liquidity එක අනිත් Markets වලට වඩා ගොඩක් වැඩී. ඒ නිසා අපිට currency ලොකු ගණන් trade කරන්න පුළුවන් price එකේ ලොකු වෙනසක් වෙන්නේ නැතුව.


ඔයාලට මම කියපු දේවල් පැහැදිලිද? මෙහෙම හිතන්න, ඔයාට මොනා හරි දෙයක් ගන්න ඕනේ, හැබැයි ඒ දේ ගන්න කවුරු හරි ඒ දෙය ඔයාට දෙන්න ඕනෙ නේද? දැන් අපි Metatrader එකේ Buy order එකක් කරද්දී Forex Market එකේ කවුරු හරි Sell කරන එකක් තමයි අපි Buy කරන්නේ. Broker කරන්නේ අපිට අවශ්‍ය currency ගණන, විකුණන කෙනාගෙන් අරගෙන අපිට දෙන එක. ඉතින් හිතන්න අපිට ඕනෙම වෙලාවක currency Buy, Sell කරන්න පුළුවන් කියන්නේ හැමවෙලේම කවුරු හරි Buy හෝ Sell කරන නිසා නේද?


හැබැයි හැම Currency pair එකක්ම හැම වෙලේම liquid ද? නෑ. එක් එක Currency pairs වල liquidity එක වැඩිවෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් දැනගෙන හිටියොත් profit හොයන්න ලේසී. ඒවා ගැන ඉදිරි පාඩමෙන් මම කියලා දෙනවා.


අනිත් දේ තමයි Forex Market එකේ trade කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.


- Spot Forex
- Futures
- Options
- Exchange-traded Funds


ආදී වශයෙන්. මේවගෙන් අපි කරන ක්‍රමයට කියන්නේ Spot Forex කියලා. එහෙනම් අපි මිළඟ පාඩමෙන් හමුවෙමු.


(රූපසටහන් හා තොරතුරු http://www.babypips.com/schoolඇසුරිනි.)

Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

18. අපේ මුල්ම trade එක කරමු

ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා. 


අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.
Trade එකක් open කරනවා කියන්නේ, එහෙමත් නැති නම් Order එකක් place කරනවා කියන්නේ බොහොම වගකීමකින් යුතුව කරන්න ඕනේ දෙයක්. ඔයාලා දැන් දන්නවානේ අපිට trade කරන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා එකක් EUR/USD Long (EUR/USD Buy order) කරන්න පුළුවන් එහෙමත් නැතිනම් EUR/USD Short (EUR/SUD Sell order) කරන්න පුළුවන්. අපි මොන trade එකද කරන්නේ? Long ද, Short ද? මොන order එකද කරන්න ඕනෙ කියලා හරියට දැන ගන්න පුළුවන් නම් මේක කරන හැමෝම මෙලහකට කෝටිපතියෝවෙලා. Trade එකක් open කරන්න කලින් Market එකේ තත්වය හොඳට study කරලා (ඒ කියන්නේ Market analysis)  තියෙන්න ඕනෙ. එතකොට තමයි අපිට වන losses අවම කරගන්න පුළුවන් වෙන්නේ.


කොහොම වුනත් දැන් අපි කරන්න හදන්නේ trade එකක් open කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නනේ. අනිත් එක අපිට අපේ ඇත්ත සල්ලි නැතිවෙන්නෙත් නැති නිසා අපි නිකන් trade එකක් කරලා බලමු.


දැන් මෙහෙමයි මේක කරන්නේ. ඉස්සෙල්ලම  අපි අරන් තියෙන EUR/USD chart එක M15 කරගන්න. ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා. M15 button එක click  කරන්න විතරයි තියෙන්නේ. අපි කරන්න් යන්නේ මේකයි, දැන් හැදෙමින් පවතින candle එක දිහා හොඳට බලාගෙන ඉන්න. ඒක හැදිලා ඉවර වෙච්ච ගමන් අපි ඒ හැදිච්ච candle එකේ පාට බලලා Buy හෝ Sell order එකක් දාමු.


Candle එක කොළපාට එකක් නම් Buy Order එකකුත්
Candle එක රතුපාට නම් Sell Order එකකුත්


Trade එකක් කරද්දී අපි දැනගෙන ඉන්න ඕනෙ අපි ඒ trade එක කරන්නේ මොන පදනමක් මතද කියලා. ඇයි Sell order එකක් නැතුව Buy order එකක් කරන්නේ හෝ Buy order එකක් නැතුව Sell order එකක් කරන්නේ කියලා. එහෙම නැතුව කාසියක් උඩ දාලා head වැ‍ටුනොත් Buy කරනවා, tail වැ‍ටුනොත් Sell  කරනවා කියලා මේක කරන්න ගියොත්, ඇත්ත සල්ලි දාලා වැඩිකල් Forex කරන්න වෙන එකක් නෑ.


දැන් අපි බලමු Candle එක කොළපාට නම් Buy order එකකුත්, රතු පාට නම් Sell order එකකුත් කරන පදනම (හේතුව) මොකක්ද කියලා. අන්තිමට හැදුනු Candle එක කොළපාටයි කියන්නේ අපි බලන් හිටපු අන්තිම විනාඩි 15දී (M15 නිසා) EUR/USD price එක වැඩිවෙලා කියන එක. අපි අනුමාන කරනවා price එක තවදුරටත් ඉහලයයි කියලා. ඒකයි අපි Buy order එකක් කරන්නේ. මතකනේ Buy order එකකදී අපිට profit ලැබෙන්නේ Market price එක අපි ගත්ත ගණනට වඩා ඉහල ගියොත් විතරයි.



Candle එක රතුපාට නම් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ පහුගිය විනාඩි 15දී price එක අඩුවෙලා තියෙනවා. ඒ හින්දා අපි අනුමාන කරනවා price එක තවදුරටත් පහලයයි කියලා. දැන් ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. 

Market එක ඒ විදිහට study කරනවට  කියන්නේ Market analysis කියලා මේ විදිහට Market එක analyse කරන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා. එකක් Technical analysis අනිත් එක Fumdamental analysis. දැනට මේවා ලොකුවට හිතන්න එපා. මම ඒවා ඉස්සරදී කියලා දෙන්නම්. හැබැයි අපි ගොඩාක් දුරට කරන්න යන්නේ Technical analysis තමයි. 

මට ඕනෙ කරන්නේ ඔයාලට මේක කරන්නන් වාලේ කරන්නේ නැතිව කරන හැම දේම තේරුමක් ඇතුව කරවන්න. එතකොට Forex වල තියෙන risky පැත්ත සෑහෙන්න අඩුකරගන්න පුළුවන්. 

හරි දැන් අපි බලමු trade එක කරන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් හැදෙමින් පවතින M15 Candle එක දිහා බලාගෙන ඉන්න. ඒක හැදිලා ඉවර වෙන්න තව කොච්චර වෙලා යනවද කියලා Market watch එක බලලා දැන ගන්න පුළුවන්. (Market watch එක තියෙන්නේ Currency pairs prices පෙන්වන කො‍ටුවේ උඩම, එකේ පෙන්වන වෙලාව 08:20 නම් ඒ කියන්නේ Candle එක හැදිලා ඉවරවෙන්න තව විනාඩි 10ක් යනවා කියන එක, මොකද M15 chart එකේදී Candles හැදෙන්නේ විනාඩි 15න් 15වට නිසා).

Candle එක හැදිලා ඉවර වෙච්ච ගමන් chart එක උඩ right click කරන්න. 


Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

17. Candlestick charts - 2

කලින් පාඩමෙන් අපි candlestick charts ගැන පොඩි idea එකක් ගත්තනේ. අද අපි ඒ ඉගෙන ගත්ත දේවල් තවත් ටිකක් ඉස්සරහට අරගෙන යමු. අපි දැන ගන්න ඕනෙ price data වලින් මෙච්චර ලස්සන candlestick chart එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඒක විස්තර කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ඒක දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න එක. ඔයාලට ඉස්සරහට Forex කරද්දී candlestick charts ගොඩක් අධ්‍යනය කරන්න වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක මම මේ දෙන Exercise එක කරන්න.

ඉස්සෙල්ලම EUR/USD chart එක Metatrader එකට ගන්න. ඊට පස්සේ chart එක maximize කරලා Candlestick charts කියන button එක select කරන්න. දැන් Zoom in button එක 4 පාරක් විතර click කරලා ඔයාලට හොඳට candles පේන ගානට ලොකු කරගන්න. (මේවා කරන්නේ කොහොමද කියලා ඔයාල දැන් දන්නවනේ, මතක නැතිනම් පරණ Blog posts බලන්න) ඊට පස්සේ M5 button එක click කරලා Chart shift කියන button එකත් click කරන්න. දැන් තමයි අමාරු හරිය. බලාගෙන ඉන්න price data එද්දී candles හැදෙන විදිහ. හොඳට ඉවසිල්ලෙන් බලන්න කොහොමද Bull candles හැහෙන්නේ, කොහොමද Bear candles හැදෙන්නේ, ඒ වගේම කොහොමද candle එකේ shadows, body හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්න. මේ candles හැදෙන විදිහෙන් අපිට Market එක කොයි පැත්තට යයිද කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

දැක්ක නේද හැම විනාඩි 5කටම සැරයක් අළුත් candle එකක් හැදෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනව ඇති candles හැදෙන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා මතකද candle එකකින් දත්ත 4ක් පෙන්වනවා කියලා. ඒ දත්ත 4 තමයි පහත රූපසටහනේ දැක්වෙන්නේ. ඒ දත්ත M5 chart එකට අදාලව තමයි දාලා තියෙන්නේ. හැබැයි chart එක H1 නම් අදාල කාල පරාසය (time period) වෙන්නේ පැයක්. මේ කියපු දේවල් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒත් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න.
 දැන් අපි බොහොම interesting වැඩක් කරමු. අපි අපේ Metatrader එකේ candlestick chart එකේ පාට සම්මත විදිහට ඒ කියෙන්නේ Bull candle කොළ පාටටත්, Bear candle රතු පාටටත් පේන විදිහට පාට වෙනස් කරමු.

දැන් මම EUR/USD candlestick chart එක ගන්න කිව්වොත් ඔයාලා දැනගන්න ඕනෙ තියෙන charts ඔක්කොම close කරලා, ඊට පස්සේ EUR/USD chart එක screen එකට අරගෙන, ඒක maximize කරලා, ඊටත් පස්සේ candlestick කියන button එක click කරලා candles හොඳට පේන ගානට ලොකුකරගන්න. මම හිතන්නේ හැමෝම දන්නවා මේක කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි වෙලා නාස්ති නොකර වැඩේට බහිමු.


දැන් EUR/USD candlestick chart එක ගන්න. ඊට පස්සේ chart එක උඩ right click කරන්න.


forex

දැන් ඒ ආපු Menu එකෙන් Properties කියන එක select කරන්න. (මේ Menu එක keyboard එකේ F8 button එක ඔබලත් ගන්න පුළුවන්).

forex

දැන් ඉස්සෙල්ලම Show grid කියලා තියෙන check box එකේ tick එක අයින් කරන්න. ඊට පස්සේ Show period seperators කියන check box එකට tick එකක් දාන්න. ඒකත් හරි එහෙනම් දැන් මම කහ පාට රවුමකින් සටහන් කරලා තියෙන Colors කියන tab එක click කරන්න.

forex sinhala

අපි ප්‍රධාන වශයෙන් වෙනස් කරන්න යන්නේ ඔය රතු පාට කො‍ටුවකින් සටහන් කරලා තියෙන පාට ටික. ඉස්සෙල්ලාම Bar Up කියන එකෙන් පටන් ගමු. Bar Up කියන එකේ පහලට පොඩි ඊතලයක් තියෙන්නේ, ඒක click කරන්න. එතකොට Color Pallet එක එනවා.

forex lesson

දැන් ඒ Color Pallet එකේ පළවැනි row එකේ (rows කියන්නේ හරස් අතට) තියෙන 5වැනි Color එක click කරන්න. ඒක Green කියලා පෙන්වයි. ඔයාලට මොකක් හරි Color එකක නම දැන ගන්න ඕනෙ නම් ටිකක් වෙල Mouse cursor එක ඒ color එක උඩින් තියන් ඉන්න එතකොට ඒ Color එකේ නම නිකම්ම පෙන්වනවා. දැන් Bar Down කියන එකට 5වැනි row එකේ 8වෙනි Color එක එහෙමත් නැතිනම් Red select කරන්න. Bull candle කියන එකට Green, Bear candle කියන එකට Red select කරන්න.

forex sinhala

හරි දැන් ඔයාලා ඒ කියපු ඔක්කොම ටික කලා නම් Ok button එක click කරන්න.

forex


කියපු දේවල් ඔක්කොම හරියට කලා නම් ඔයාලගේ chart එක ඉහත රූපසටහනේ දැක්වෙන chart එකට සමාන වෙන්න ඕනෙ.


Chart එකේ සුදුපාට කඩ ඉරි වලින් හැදුනු line කීපයක් තියෙනවා නේද? ඒවාට කියන්නේ Period seperators කියලා. ඒකෙන් පෙන්වන්නේ H1 chart හෝ ඊට අඩු chart වල (M30, M15, M5, M1) නම් අළුත් දවසක ආරම්භය. H4 chart එකේදි නම් අළුත් සතියක ආරම්භය. D1 chart එකේදී අළුත් මාසයක ආරම්භය. W1,MN chart වලදී අළුත් අවුරුද්දක ආරම්භය. මේක තවදුරත් පැහැදිලි කරගන්න ඔයාලා Mouse cursor එක ඒ line එක උඩ තියන candle එකේ close price එක ගාවට අරන් යන්න. (මතකනේ Red candles වල Close price එක තියෙන්නේ පහල, Green candles වල Close price එක තියෙන්නේ උඩින්, පැහැදිලි නැතිනම් අනිවාර්්‍යයෙන් ප්‍රශ්න අහන්න.) ටික වෙලාවක් mouse cursor එක තියාගෙන ඉද්දී screen එකේ විස්තර වගයක් වැටෙනවා නේද? ඒකෙන් අපිට දැන ගන්න පුළුවන් candle එක හැදෙන්න පටන්න ගත්තේ කවදද කියලා.


සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

දැන් chart එක උපරිමයටම Zoom in කරන්න. ඊට පස්සේ chart එක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට drag කර කර පරණ data බලන්න. ඔයාලට පෙනෙයි සමහර candles තියෙනවා, ඒකට Body එකක් නෑ ඒකේ color එකත් අපි දාපු එක පාටක්වත් නෙවෙයි ලා කොල පාටක්.

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

ඒවගේ candles 2ක් තමයි මම සුදුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ candle එකේ open price එකයි, candle එකේ close price එකයි 2කම එකයි. එතකොට ඒක Bull candle එකක් කියන්නත් බෑ Bear candle එකක් කියන්නත් බෑ. මේවගේ candle එකකට අපි කියන්නේ Doji කියලා. මේවගේ එක එක ජාතියේ candles වලට එක එක නම් කියනවා. ඒවා ගැන මම ඉස්සරහදී කියලා දෙනවා. සාමාන්‍යයෙන් Doji එකක් හැදෙන්නේ Buyers හා Sellers අතර කරට කර තරඟයක් තියෙද්දී. ඔයාලා සමහර විට බලයි මොනාද මේ මම කියවන්නේ කියලා. මම මේ ගැන ඉදිරි posts වලදී හොඳට පැහැදිලි කරලා දෙන්නම්.


කොහොම හරි දැන් අපි chart එකේ colors  වෙනස් කරන හැටිත් දන්නවා. හැබැයි වැරදිලාවත් අපි අතින් chart එක close වුනොත් අර කරපු වෙනස්කම් ඔක්කොම කරන්න ඕනෙ ආයෙත් chart අපිට ඕනෙ විදිහට හදාගන්න. මේකටත් පිළියමක් තියෙනවා. අපිට පුළුවන් අපි කරපු වෙනස්කම් template එකක් විදිහට save කරන්න එතකොට අපිට තව chart එකක් මේ විදිහට හදාගන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ template එක load කරන එක විතරයි. අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා.


ඉස්සෙල්ලාම chart එක උඩ right click කරලා Template කියන එක select කරන්න.


සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

දැන් එන sub menu එකෙන් Save template කියන එක select කරන්න. ඊට පස්සේ එන dialog box  එකේ file name කියන එකට "Standard Colors" කියලා දාලා save කියන button එක click කරන්න.

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

දැන් අපි වෙනසකටත් එක්ක වෙන chart එකක් බලමු. Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරන්න. ඊට පස්සේ USD/CHF එකේ chart එක ගන්න. දැන් chart එකේ වෙන මොකුත් buttons click කරන්නේ නැතුව maximize විතරක් කරගන්න. ඊට පස්සේ chart එක උඩ right click කරලා Template කියන එක select කරන්න.

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

එන sub menu එකේ අපි අර ඉස්සෙල්ලා save කරපු නම (Standard Colors කියන එක) තියෙන්න ඕනෙ. දැන් ඒක උඩ click කරන්න. එතකොට අපි කලින් හදපු විදිහට colors ඔක්කොම වෙනස් වෙලා එනවා නේද? එහෙනම් දැන් ඒකත් ඔයාලා දන්නවා. Templates sub menu එකේ තියෙන අනිත් template names click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. Chart එක, එක එක විදිහට වෙනස් වෙනවා නේද? ඒ වගේම chart එකට ඔයාල කැමති පාට දාලා templates හදලා බලන්න.

තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. හැම වෙලේම candlestick chart එක හැදෙන්න දත්ත විදිහට පාවිච්චි කරන්නේ Currency pair එකේ Bid price එක.


සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

මම ඉහත රූපසටහනේ රතු පාට රවුම් 2කින් සටහන් කරලා තියෙන තැන් 2ක බලන්න එතකොට මම කිව්වදේ ඔයාලට පැහැදිලි වෙයි.

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex


ඉහත රූපසටහන බලන්න. කලින් මම කිව්වනේ ඒවා මොනාද කියලා පැහැදිලි කරලා දෙනවා කියලා. එතන හැම වෙලේම පෙන්වන්නේ දැනට හැදෙමින් පවතින candle එකේ Open price, High price, Low price හා Close price යන විස්තර.


එහෙනම් අද කරපු දේවල් හොඳට study කරන්න. අළුත් post එකකින් හමුවෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් comments section එක හරහා ඉදිරිපත් කරන්න.


Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

16. Candlestick charts - 1

එහෙනම් අපි Cadlestick charts ගැන ඉගෙන ගන්න පටන් ගමු. ඔයාලට මතකද අපි Metatrader එක ගැන මුලින්ම කරපු post එකේ එක් එක් currency pairs වලට අදාල tick charts බැලුවා. ඒක හරියට Line chart එකක් වගේ නේද?

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

හැබැයි මේ chart එකෙන් අපිට Currency pairs එකේ price movement එක ගැන වැඩි අදහසක් ගන්න බෑ. මොකද මේක data එන එන පාරට points හැදිලා chart එක හැදෙන නිසා. ඒ නිසා Forex tradersලා මේ price data තේරුම් ගැනීමේ පහසුව සඳහා හොයාගත්ත එක්තරා chart එකක් තමයි මේ Candlestick chart කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවානේ Candlestick chart එක ගන්න විදිහ. 
දැන් EUR/USD pair එකේ Candlestick chart එක screen එකට අරගෙන ඔයාලට candles හොඳට පේන විදිහට Zoom In button එක පාවිච්චි කරලා ලොකු කරගන්න. Candlestick chart වල හැම candle එකක්ම සම්පුර්ණවෙන්න යන නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කාලය තමයි මම පහත රූපසටහනේ රතුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ. 

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

ඒකෙ තියෙන්නේ H1 කියලා නේද? මේකේ තේරුම තමයි මේ chart එකේ දැක්වෙන හැම candle එකක්ම හැදෙන්න "පැයක්" යනවා කියන එක. තවත් විදිහකින් කියනවා නම් එක candle එකක් ඇතුලේ පැයක් ඇතුලත  වෙනස් වෙච්ච price data තියෙනවා. 

දැන් ඔයාලා M1, M5, M15, M30, H4, D1, W1, MN කියන buttons click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. Chart එකේ හැඩය ටික ටික වෙනස් වෙනවා නේද? 
M1 - කියන්නේ හැම candle එකකින්ම  විනාඩියක් ඇතුලත වෙච්ච price data වල                                               වෙනස්වීම පෙන්වනවා
M5 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 5ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M15 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 15ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M30 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 30ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
H1 - කියන්නේ පැයක් ඇතුලත වෙච්ච් price data වල වෙනස්වීම
H4 - කියන්නේ පැය 4ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
D1 - කියන්නේ දවසක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
W1 - කියන්නේ සතියක් ඇතුලත වෙච්ච් price data වල වෙනස්වීම
MN - කියන්නේ මාසයක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම

උදාහරණයක් විදිහට අපි MN කියන chart එක ගත්තොත් ඒකේ එක candle එකක් සම්පූර්ණවෙන්න මාසයක් යනවා. මාසයක් ඇතුලත වෙච්ච price movement එක ඒක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. 

තාමත් හරියටම පැහැදිලි නැතිනම් බයවෙන්න එපා. මුලින් මේක ටිකක් අමාරුයි තමයි ඒත් දිගටම කියවන්න එතකොට පැහැදිලිවෙයි. ඒත් පැහැදිලි නැති තැන් තියෙනවා නම් Comment section එක හරහා අහන්න. 

දැන් H1 කියන chart එක select කරගන්න. මේ chart එකේ ඔයාලට පේන්න ඇති ප්‍රධාන වශයෙන් candles ජාති 2ක් තියෙනවා. එකක කඳ කළුපාටයි, අනිත් එකේ කඳ සුදු පාටයි. මේ chart එකේ විදිහට සුදු පාට candle එකෙන් පෙන්වන්නේ "පැය" පටන් ගද්දී තිබනු price එකට වඩා පැය ඉවර වෙද්දී price එක අඩුවෙලා කියන එක. ඒ වගේම කළුපාට candle  එකෙන් පෙන්වන්නේ "පැය" පටන් ගද්දී තිබුනු price එකට වඩා පැය ඉවර වෙද්දී price  එක වැඩි වෙලා කියන එක.
සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex



රූපසටහන ඔයාලට පේනවා නේද? මේ chart එකේ විදිහට  කළුපාට candle එකකට අපි කියන්නේ Bull candle කියලා. ඒ වගේම සුදුපාට candle එකකට අපි කියන්නේ Bear candle කියලා. මේ chart එකේ විදිහට කියලා මම කිව්වේ මොකද දන්නවද, Metatrader එකේ charts වල පාට අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනෙ නම් Bull candle වලට සුදුපාට දාලා Bear candles  වලට කළුපාටට පේන විදිහට chart එක හදන්න පුළුවන්. හැබැයි සාමන්‍යයෙන් සම්මත ක්‍රමය තමයි Bull candles කොල පාටටත් Bear candles රතු පාටටත් තියන එක. ඒක කරන්නේ කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි candles ගැන පොඩි study පාරක් දාමු.


Candles වල Open price එකයි Close price එකයි අතර කෑල්ලට අපි කියන්නේ Candle body  කියලා. අර කූරු වගේ Body එක දෙපැත්තේ තියෙන ඒවාට කියන්නේ Shadow එහෙමත් නැතිනම්  Wick කියලා. හැබැයි මතක තියාගන්න candles හැම වෙලේම මේ විදිහටම තියෙන්නේ නෑ. ඔයාලා පොඩ්ඩක් chart එක එහෙට මෙහෙට drag කරලා බලන්න එතකොට තේරෙයි සමහර candles වල Body නෑ, තවත් සමහර candles වල wicks නෑ, තවත් සමහර candles වල wicks තියෙන්නේ එක පැත්තක විතරයි. ඔය වගේ එක එක ජාතියේ candles තියෙනවා.

මේ candles ගැන අපි ඉගෙන ගන්න එක වැදගත් මොකද මේ candles දිහා බලලා අපිට currency pair එකේ price එක අඩුවෙයිද, එහෙමත් නැත්නම් වැඩිවෙයිද කියලා දල අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන මම ඉදිරියේදි කියලා දෙනවා.


Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

15. Metatrader එක ගැන - 2

 මෙන්න එහෙනම් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු lessons ටික. අපි Metatrader එකේ කලින් නවත්තපු තැනේ ඉඳලා පටන් ගමු.

එහෙනම් දැන් ඉස්සෙල්ලාම Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරලා EUR/USD chart එක ගන්න. ඊට පස්සේ ඒක maximize  කරගන්න. මතක නැතිනම් 10 වැනි පාඩම බලන්න.
 

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

ඉස්සෙල්ලාම අපි බලමු රතු හා කොල පාට රවුම් වලින් සටහන් කරලා තියෙන buttons මොනාද කියලා. රතු පාට රවුමෙන් සටහන් කරලා තියෙන button එකට කියන්නේ Auto Scroll කියලා මේකෙන් කරන්නේ අළුත් data ආපු ගමන් chart එක update කරන එක. මේකෙන් හරියටම මොකක්ද වෙන්නේ කියලා බලන්න ක්‍රමයක් තියෙනවා. Chart එකේ වම් අත පැත්තේ click කරලා දකුණු අත පැත්තට drag කරන්න (හැබැයි මෙහෙම කරද්දී Auto Scroll කියන Button එක එබිලා තියෙන්න ඕනෙ.) මේ විදිහට දෙතුන් පාරක් කරන්න. දැන් ටිකක් වෙලා chart එක දිහා බලාගෙන ඉන්න. අළුත් data ආපු ගමන් chart එක අගට යනවා නේද? ඒ හින්දා අපි සාමාන්‍යයෙන් chart history එක එහෙමත් නැතිනම් chart එකේ වම් අත පැත්තේ තියෙන data බලන්න ඕනෙ නම් අපි Auto Scroll කියන button එක uncheck කරලා තමයි තියන්නේ. මොකද නැත්නම් අළුත් data ආපු ගමන් chart එකේ අගට යනවානෙ.

දැන් Auto Scroll කියන button එක uncheck කරන්න. ඊට පස්සේ කොලපාට රවුමෙන් සටහන් කරලා තියෙන Chart Shift කියන button එක click කරලා බලන්න. ඒ button එක පාවිච්චි කරලා අපිට හැමවෙලේම chart එකේ අගට එක පාරටම යන්න පුළුවන්. මේ button දෙකෙන් වෙනදේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි අනිත් ඒවා මොනාද කියලා බලමු.
 

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex


මේකෙ 4 හා 5 buttons වලින් වෙනදේ ඔයාලට දැනටමත් දන්නවා ඇති. මොකද 10 වැනි පාඩමේදි ඔයාලා ඒවා click කරලා බැලුවනේ. කොහොම වුනත් 4 button එකෙන් වෙන්නේ chart එක ලොකු කරන එක හා 5 button එකෙන් වෙන්නේ chart එක පොඩි කරන එක. දැන් අපි 5 button එක දිගටම click කරමු. ටික වෙලාවක් click කරපුවාම ඒ button එක අළුපාට වෙලා disable  වෙනවා නේද?
 

දැන් 1 button එක ඔබලා 4 button එක හතර පාරක් click කරන්න. ඊට පස්සේ chart  එක දෙපැත්තටම drag කරලා බලන්න. ඔයාල බලයි මොනාද මේ කූරු වගයක් තියෙන්නේ කියලා. මේකට කියන්නේ Bar Chart කියලා. මේ chart එකේ එක කූරකින් දත්ත 4ක් පෙන්වනවා. ඔයාලා බලයි මොනාද ඒ තොරතුරු කියලා ඒවා ඊළඟ පාඩමට. දැනට දැන ගන්න මේකට කියන්නේ Bar Chart කියලා අපි මේ chart එක වැඩිය පාවිච්චි කරන්නේ නෑ  මොකද මේක ටිකක් තේරුම් ගන්න අපහසු නිසා. හැබැයි සමහර පලපුරුදු Forex tradersලා මේ chart එකට කැමති.
 
සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

ඊළඟට 3 button එක click කරන්න. එතකොට හරියට අර ඉස්පිරිතාලෙ heart එක check කරන machine එකේ වගේ එකක් එනවා නේද? මේකට කියන්නේ Line Chart කියලා මේකත් අධුනිකයෝ වශයෙන් අපි වැඩිය පාවිච්චි කරන්නේ නෑ. අනිත් එක මේකේ Bar chart එකේ වගේ දත්ත 4ක් පෙන්වන්නෙත් නෑ.
සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

දැන් අපි 2 button එක click කරමු. දැන් ටිකක් අමුතු chart එකක් ආවා නේද? ඔයාලා ඉස්කෝලෙ යන කාලේ කවදාවත් මේවගේ chart එකක් දැකලා තියෙනවද? මම හිතන්නේ නෑ. මේ chart එකට අපි කියෙන්නේ Candlestick chart කියලා. මේකේ ඔය තියෙන පෙට්ටියක් වගේ එකකට කියන්නේ Candle එකක් කියලා. මේ Candle එකකිනුත් කලින් අපි කතා කරපු Bar chart එකේ වගේ තොරතුරු 4ක් පෙන්වනවා. ඒ වගේම මේ chart එක තේරුම් ගන්න ටිකක් ලේසී. අපි ඉස්සරහට දිගටම ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ Candlestick chart කියන chart එක.
සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

එහෙනම අපි මීළඟ post එකේ ඉඳලා Candlestick charts ගැන ඉගෙන ගමු.


Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

14. Bid, Ask හා Buy, Sell orders -2

කලින් පාඩමේ අපි අන්තිමට කරන්න ගියේ Pip වටිනාකම බලලා ඒකෙන් අපේ profit එක ගණනය කරන එකනේ. එහෙනම් අපි ඒක බලමු.

EUR/USD = 1.2757/1.2759  දී Buy Order එක කරලා EUR/USD = 1.2768/1.2770 trade එක close කලා
ගත් මිල (Buy order එකක් නිසා Ask price එක) = 1.2759
trade එක close කල මිල (Buy order එක close කරන විට Bid price එක නිසා) = 1.2768
profit එක Pips වලින් = 1.2768 - 1.2759 = 0.0009 = Pips 9
Account currency එක USD නම් USD quote currency වන pairs වල Pip එකක් අගය = USD 0.0001
එම නිසා profit එක = 9 X 10,000 X 0.0001
= USD 9

උත්තර 2කම සමානයි නේද?මට එක දෙයක් කියන්න බැරිවුනා, Buy order එකක් කලාම profit ගන්න  අපි Buy order එක close කරන කොට currency pair එකේ price එක අපි Buy order එක දාපු වෙලාවෙදි තිබුනු price එකට වඩා වැඩිවෙන්න ඕනෙ. හදිස්සියේවත් price එක අඩුවෙලා තිබුනොත් ඒක අපිට loss එකක් වෙනවා.

ඒ වගේම Sell Order එකක් කලාම profit ගන්න අපි Sell order එක close කරන කොට currency pair එකේ price එක අපි Sell order එක දාපු වෙලාවෙදි තිබුනු price එකට වඩා අඩුවෙන්න ඕනෙ. වැරදිලාවත් price එක වැඩිවුනොත් ඒක අපිට loss එකක් වෙනවා.

දැන් අපි බලමු Sell Order එක වැඩ කරන විදිහ. මේක වැඩ කරන විදිහ තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි Pip වලින් ගණන් හදන හැටි පුරුදු වුනාට පස්සේ profit, loss ලේසියෙන්ම ගණනය කරගන්න පුළුවන්.

EUR/USD = 1.4325/1.4328 විටදී අපි Sell order එකක් කරනවා currency Mini-lot එකක්. Sell order එකක් නිසා Bid rate එක ඒ කියන්නේ 1.4325 කියන rate එක තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් අපි EUR sell කරන්න ගියාට අපි ගාව EUR නෑනෙ. අපේ account currency  එක USD නිසා අපි ගාව තියෙන්නේ USD විතරයි. මෙතනදී වෙන්නේ දැන් rate එකට අදාලව EUR mini-lot එකක්, ඒ කියන්නේ 10,000ක් ගන්න යන USD ගණන අපේ account balance එකෙන් අඩුවෙන එක. ඒ කියන්නේ හරියට අපි EUR mini-lot එකක් අරන් විකුණලා USD ගත්තා වගේ. දැන් අපි බලමු EUR mini-lot එකක් ගන්න USD කීයක් යනවද කියලා.

EUR mini-lot එකට අවශ්‍ය USD ගණන = 1.4325 X 10,000
= 14,325
Leverage එක 100:1 නිසා = 14,325 / 100
= USD 143.25

දැන් මේ USD 143.25 අපේ account balance එකෙන් අඩුවෙනවා. හැබැයි දැන් මතක තියාගන්න අපි EUR 10,000ක් විකුණලා ගත්ත USD 14,325ක් අපි ගාව තියෙනවා. දැන් හිතන්න පැය කීපයකට පසුව rate එක EUR/USD=1.4305/1.4308 දක්වා පහල ගියා කියලා අපි ඒ price එකේදි trade එක close කරා කියලා හිතන්න. දැන් අපේ EUR 10,000ක් දීල ගත්ත USD 14,325ට අපිට ආපහු EUR කීයක් ලැබෙනවද කියලා බලමු. (මතකනේ මම කිව්වා Sell order එකක් කලාම ඒක close කරන්න ආපහු Buy කරන්න ඕනෙ කියලා.)

EUR/USD = 1.4305/1.4308 Sell order එකක් නිසා close කරද්දී ගන්නේ Ask price එක
ඒ නිසා USD 14,325 ට ලැබෙන EUR ගණන = 14,325 / 1.4308
= EUR 10,011.88
අපිට ලැබුනු profit එක EUR වලින් = 10,011.88 - 10,000
= EUR 11.88
අපි බලමු අපේ profit එක USD වලින් = 11.88 X 1.4308
= USD 16.99
ඒ කියන්නේ උත්තරය = USD 17

දැන් අපි මේක Pips වල වටිනාකම හොයලා උත්තරය ගන්න ක්‍රමයට හදලා බලමු.

EUR/USD = 1.4325/1.4328 හා පසුව EUR/USD = 1.4305/1.4308
Sell order එක open කල price එක = 1.4325
Sell order එක close කල price එක = 1.4308
Sell order එකක් නිසා ලබාගත්  Pips ගණන ගණනය කරන්න trade එක open කරපු price එකෙන් trade එක close කරපු price එක අඩු කරන්න ඕනෙ.
= 1.4325 - 1.4308
= 0.0017
Pips ගණන  = Pips 17
account currency එක USD හා EUR/USD වල quote currency  එක USD නිසා
profit එක = 0.0001 X 17 X 10,000
= USD 17
උත්තරය හරි නේද? මම ඇත්තටම කැමතී තව උදාහරණ කීපයක් හදලා පෙන්වන්න විශේෂයෙන් USD/CHF වගේ Currency pair එකක් එක්ක. ඒත් පෙනෙන විදිහට ගොඩක් දෙනෙක් කැමති ඉක්මනට charts  පැත්තට යන්න. ඒ හින්දා මම ඊළඟ පාඩමේදී ආපහු Metatrader එකට බහිනවා. ඔයාලට මේකෙ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් හෝ තව උදාහරණ කීපයක් බලන්න කැමති නම් මට කියන්න එතකොට අනිත් පාඩම් අතරේ මම ඒවත් දාන්නම්.

Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

13. Bid, Ask හා Buy, Sell orders - 1

මේ පාඩමට පස්සේ ගොඩාක් දුරට අපි practicals පැත්ත තමයි කරන්නේ. ඒ හින්දා මේ පාඩමත් ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕනෙ.

ඔයාලට මතක ඇති අපි Metatrader එකේ බලද්දි Currency Pairs වල rates තිබ්බ කො‍ටුවේ එක් Currency Pair එකකට rates (prices) 2ක ගානෙ තිබ්බා. එකක් "Bid" කියලා. අනිත් එක "Ask" කියලා. ඒ මොකක්ද කියලා මම පස්සේ කියලා දෙන්නම් කිව්වනේ. අද අපි බලමු ඒ මොනාද කියලා.
 

ඔයාලා දැකලා ඇති බැංකුවකින් Currency Exchange Rate එක් දක්වද්දී rates 2ක් දක්වනවා. "ගැනුම් මිල" හා "විකිණුම් මිල" වශයෙන්. අන්න ඒක තමයි මේ Bid හා Ask කියලා කියන්නේ. Bid කියන්නේ "ගැනුම් මිල" හා Ask කියන්නේ "විකිණුම් මිල". හැබැයි මෙතන ගැනුම් මිල කියන්නේ අපි ගන්න මිල නෙවෙයි Broker අපෙන් ගන්න මිල හා විකිණුම් මිල කියන්නේ Broker අපිට විකුණන මිල. හැමවෙලේම Ask එකේ අගය Bid එකේ අගයට වඩා වැඩී. Bid හා Ask අතර වෙනසට කියන්නේ Spread කියලා. Stock Market (Share Market) එකේ වගේ Forex Market එකේ Brokerලා Commission එකක් ගන්නේ නෑ. Forex brokerලාගේ ලාභය තමයි මේ Spread එක. Spread එක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ Pips වලින්. අපි පොඩි උදාහරණයක් බලමු.
 

EUR/USD = 1.3551/1.3554 නම් Spread එක කීයද?
Bid හා Ask අතර වෙනස Pips වලින් = 1.3554 - 1.3551
= 0.003
= Pips 3
එම නිසා Spread එක  = 3 Pips

එක් එක් Currency pairs වල Spread එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අඩුම Spread එකක් තියෙන Currency pairs තමයි EUR/USD, USD/JPY වගේ ඒවා. GBP/JPY වගේ pairs වල Spread එක බොහොම වැඩී. ඔයාලට පුළුවන් Metatrader එකේ Currency pairs  වල rates දැක්වෙන කො‍ටුවට ගිහිල්ලා එක් එක් Currency pairs වල Spread එකක් කීයද කියලා ගණනය කරලා බලන්න. මේ Spreads Broker ගෙන් Brokerටත් වෙනස් වෙනවා. අපි හැමවෙලේම බලන්න ඕනෙ Spread එක අඩුම Broker කෙනෙක් ‍තෝරගන්න. මොකද Spread එක කියන්නේ අපට සිදුවන වියදමක් නිසා. ඒ වගේම ආධුනිකයෝ වශයෙන් අපි trade කරන්න ඉගෙන ගන්න කොට Low spread එකක් තියෙන Currency pairs trade කරන එක තමයි නුවණට හුරු.
 

Stock Market එකේ අපි කොටස් මිලදී ගත්තොත් අපිට profit ලැබෙන්නේ අපි මිලදී ගත් කොටස් වල වටිනාකම ඉහල ගියොත් විතරයි. හැබැයි Forex Market එකේ Currency Pairs එකක Currency  2ක් තියෙන නිසා අපිට දෙපැත්තටම trade කරන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා.
 

හිතන්න අපි උදාහරණයකට EUR/USD Currency pair එක ගත්තා කියලා. මේ Currency pair එකේ වෙනස්කමක් සිදුවෙන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා. එකක් EUR වටිනාකම USD වලට සාපේක්ෂව ඉහල යන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි, USD වල වටිනාකම EUR වලට සාපේක්ෂව ඉහල යන්න පුළුවන්.
 

අපි EUR වල අගය ඉහල යයි කියලා හිතනවා නම් අපි EUR/USD pair එකේ "Buy Order" එකක් දානවා. Buy Order එකට කියන තවත් නමක් තමයි "Long" කියන එක. EUR/USD Long කරනවා කියන්නේ අපි EUR/USD Buy order එකක් දානවා කියන එකම තමයි. හැමවෙලේම අපි Currency pair එකක් Buy (Long) කරද්දී Ask කියන rate එක තමයි අපට ලැබෙන්නේ. මොකද ඒක තමයි අපේ Borker Currency pair එක විකුණන මිල.
 

අපි USD වල අගය ඉහල යයි කියලා හිතනවා නම් (ඒ කියන්නේ EUR වල අගය පහල යයි කියලා හිතනවා නම්) අපි EUR/USD pair එකේ "Sell Order" එකක් කරනවා. Sell Order එකට කියන තවත් නමක් තමයි "Short" කියන එක. EUR/USD Short කරනවා කියන්නේ EUR/USD pair එකේ Sell Order එකක් කරනවා කියන එක.  හැමවෙලේම අපි Currency pair එකක් Sell (Short) කරද්දී Bid කියන rate එක තමයි ලැබෙන්නේ මොකද ඒක තමයි අපේ Broker  අපෙන් Currency pair එකක් ගන්න මිල.
 

අපි Buy Order එකක් කලා කියන්නේ ඒ Order එක close කරන්න අපි කරපු දේ ප්‍රතිවිරුද්ධ දේ කරන්න ඕනෙ. ඒ කියන්නේ අපි Buy කරා නම් trade එක close කරන්න අපි ඒක Sell  කරන්න ඕනෙ. ඒ වගේම අපි Sell කරා නම් trade එක close  කරන්න අපි ඒක ආයෙත් Buy  කරන්න ඕනෙ. හැබැයි මේක Metatrader එකේ automatically වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ අපි කැමති Currency pair එක Buy හෝ Sell කරන එක ඊට පස්සේ අපිට trade එක close කරන්න විතරයි තියෙන්නේ. Metatrader එකෙන් Sell orders, Buy කරලත් Buy orders, Sell කරලත් අදාල විදිහට close කරනවා. මම මේක ඔයාලට කිව්වේ මෙතන තවත් වැදගත් දෙයක් තියෙන හින්දා. ඒ තමයි. අපි හැමවෙලේම,
 

Buy order එකක් open කරන්නේ Ask කියන rate එකෙන් හැබැයි ඒක close කරන්නේ Bid කියන rate එකෙන්
Sell order එකක් open කරන්නේ Bid කියන rate එකෙන් හැබැයි ඒක close කරන්නේ Ask කියන rate එකෙන්

මේක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්. මොකද බොහෝමයක් ආධුනික tradersලා මේක තේරුම් ගන්නේ නැතුව Brokersලා හොරු කියලා කෑගහනවා. ඒ ඇයි කියලා මම ඊළඟ Charts පාඩමේදි කියලා දෙන්නම්.
 

එහෙනම් දැන් අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත ඔක්කොම දැනුම භාවිතා කරලා බලමු Metatrader එකේ trade එකක් කරද්දී ඒක වෙන්නේ කොහොමද කියලා.
 

අපි ඉස්සෙල්ලාම බලමු. EUR/USD pair එක. අපි Leverage එක 100:1 කියලා ගමු. ඒ වගේම අපේ account currency එක USD විදිහට ගමු. (මෙතන ඉදලා හැමවෙලේම අපි අපේ Account currency එක විදිහට USD ගමු.)
 

EUR/USD = 1.2757/1.2759 (1.2757 Bid price එක හා 1.2759 කියන්නේ Ask price එක) විටදී අපි Buy order එකක් කරනවා currency Mini-Lot එකක්. දැන් ඔයාලට ගණන හදන්න පුළුවන් වෙන්න ඕනෙ. Buy order එකක් නිසා Ask rate එක තමයි ගන්නේ. ඒ කියන්නේ 1.2759 කියන rate එක.
 

EUR min-lot එකක් ඒ කියන්නේ 10,000ක් ගන්න අවශ්‍ය USD ගණන වෙන්නේ,
USD  = 10,000 X 1.2759
= 12,759
Leverage එක 100:1 නිසා = 12,759 / 100
= USD 127.59

දැන් මේ USD 127.59 අපේ account balance එකෙන් අඩුවෙනවා ඒක ආපහු ලබෙන්නේ අපි trade එක close කරාට පස්සේ විතරයි. (මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපිවලින්) හොඳට මතක තියාගන්න අපේ account එකෙන් USD 127.59ක් අඩු වුනාට දැන් අපි ගාව EUR 10,000ක් තියෙනවා. මේ EUR 10,000 අපි ගාව තියෙනවා කිව්වට අපිට ඒක ගන්න බෑ. මේක හරියට virtual money වගේ, අපිට හිතන්න පුළුවන් අපි ඒ EUR 10,000 බැංකුවේ දාලා කියලා. ඒ වගේම මතක තියාගන්න අපිට ඒ EUR 10,000 (Mini-Lot) එක ගන්න USD 12,759ක් ගියා. හැබැයි Broker අපෙන් ගත්තේ ඒ ගණනෙන් 1%. Leverage එක100:1 හින්දා. හරියටම කිව්වොත් අපි මුලු ගණනින් 1%ක් දාලා තියෙනවා, Broker 99%ක් දාලා තියෙනවා.
 

දැන් හිතන්න පැය කීපයකට පසුව rate  එක EUR/USD 1.2768/1.2770 දක්වා ඉහල ගියා කියලා. අපි ඒ price එකේදි trade එක close කරා කියලා හිතන්න. දැන් අපේ EUR 10,000ට USD කීයක් ලැබෙනවද කියලා බලමු. මතකනේ මම ඉස්සෙල්ලා කිව්වා Buy Order එක close කරද්දී අපි පාවිච්චි කරන්නේ Bid කියන rate එක කියලා. ඒ නිසා අපිට ලැබෙන USD ගණන වෙන්නේ,
 

USD ගණන 
= 10,000 X 1.2768
= 12,768

දැන් අපිට profit එක හරි loss එක හරි කීයද කියලා බලන්න පුළුවන්. EUR 10,000ක් ගන්න අපිට USD 12,759ක් ගියා (Leverage එක හින්දා අපි Broker ට දුන්නේ USD 127.59ක් විතරයි.) පස්සේ අපි ඒ EUR 10,000 විකිණුවාම USD 12,768ක් ලැබුනා. ඒ කියන්නේ අපිට වෙලා තියෙන්නේ ලාභයක් නේද?
 

Profit in USD = 12,768 - 12,759
 
= USD 9

ඒ කියන්නේ අපේ ලාභය USD 9ක්. අපිට ආපු උත්තරය නිවැරදිද කියලා බලන්න තව ක්‍රමයක් තියෙනවා. මතකද අපි කලින් පාඩමක කරපු Pip එකක වටිනාකම හොයලා කරන ක්‍රමය.  අපි බලමු ඒ විදිහට ගණන හදලා,  උත්තර 2ක සමාන වෙනවද කියලා.
 

ඒක අපි මීළඟ පාඩමේදි බලමු.


Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

12. Pips ගැන තවදුරටත් - 2

අපි කලින් පාඩමේදි ඉගෙන ගත්තා අපේ forex account එකේ ප්‍රධාන currency එක USD නම් USD quote currency එක විදිහට එහෙමත් නැත්නම් USD 2 වැනියට තියෙන currency pairs වල Pip එකක වටිනාකම හොයාගන්න හැටි. අපි හොයාගත්තා ඒක USD 0.0001ක් කියලා. ඒ කියන්නේ rate එක කීය වුනත් එක Pip එකකට USD 0.0001 ගානේ අපි මිලදී අරගෙන තියෙන currency units ගණනට අපිට profit හෝ loss එකක් ලැබෙනවා.


දැන අපි බලමු USD base currency එක විදිහට එහෙමත් නැත්නම් USD ඉදිරියෙන් තියෙන currency pairs වල Pip එකක වටිනාකම ලබාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු USD/JPY pair එක.


USD/JPY = 83.45 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 83.45
= 0.0001198
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.0001198
අපි USD/JPY = 83.45 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.0001198 X 100,000
= USD 11.98





USD/JPY = 100.43 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 100.43
= 0.00009957
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.00009957
අපි USD/JPY = 100.43 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.00009957 X 100,000
= USD  9.96


ඔයාලට පේනවා නේද USD quote currency  එක විදිහට තියෙන pairs වගේ නෙවෙයි, USD base currency එක විදිහට තියෙන pairs වල Pip වටිනාකම rate එකත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා USD quote currency එක විදිහට තියෙන pairs වගේ නෙවෙයි, අනිත් currency pairs වල Pip වටිනාකම අපි ගණන් හදලා බලලම ගන්න ඕනෙ. හැබැයි මේක මෙහෙම වෙන්නේ අපේ account එක USD වලින් තියෙන හින්දා, නිකමට හිතන්න අපේ forex account එක CHF වලින් තිබ්බා කියලා, එතකොට මොකද වෙන්නේ. එතකොට CHF quote currency  එක විදිහට තියෙන හැම currency pair එකකම, rate එකක් කීය වුනත් Pip එකක වටිනාකම CHF 0.0001 . අනිත් pairs වල pip වටිනාකම rate එකත් එක්ක වෙනස් වෙනවා.  අපි තව උදාහරණයක් බලමු.


USD/JPY = 99.35 දී අපි Mini-Lot එකක් මිලට ගෙන Pip 20කට පසු trade එක close කලා නම් අපගේ profit එක කීයද?
මිලදී ගැනීමේදී rate එක = 99.35
Pip 20කට පසු rate එක = 99.35 + 0.20 (JPY pairs වල Pip දැක්වෙන්නේ 2 වැනි දශමස්ථානයෙන් නිසා.)
= 99.55
Pip එකක වටිනාකම = 0.01 / 99.55
= USD 0.00010045
එම නිසා profit එක = 0.00010045 X 20 X 10,000
= USD 20.09

දැන් ඒ කරුණු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න. USD base currency එක විදිහට තියෙන currency pairs තමයි USD/CHF, USD/JPY, USD/CAD වගේ ඒවා.

ඒවා ඔක්කොම හරි කියමුකෝ හදිස්සියේවත් අපිට EUR/GBP වගේ pair එකක් trade කරන්න හිතුනොත් මොකද වෙන්නේ? ඒකේ එක පැත්තකවත් USD නෑනෙ. මේ වගේ වෙලාවක Pip වටිනාකම හොයන්න අපිට EUR/GBP rate එක වගේම, currency pairs එකේ quote currency එක හා අපේ account currency එක තියෙන currency pair එකේ rate එකත් දැනගෙන ඉන්න ඕනෙ. ඒ කියන්නේ අපි EUR/GBP rate එක වගේම GBP/USD rate එකත් දැනගෙන ඉන්න ඕනෙ (මොකද අපේ account currency එක USD නිසා.). නැත්නම් අපිට Pip වටිනාකම හොයන්න විදිහක් නෑ. එහෙනම් අපි උදාහරණයක් බලමු.

EUR/GBP = 0.8465 දී  Mini-lot එකක් මිලට ගෙන Pip 10ක් ලබාගත් පසු trade එක close කලා නම්
profit එක හොයන්න, trade එක close කරන විට GBP/USD = 1.6001,
Pip එකක වටිනාකම GBP වලින් = 0.0001 
(අපි Pip එකක වටිනාකම EUR වලින් හොයන්න, 0.0001/0.8465 භාවිතා කරනවා. ඒත් මෙතනදී එහෙම අවශ්‍ය නෑ.)
  Pip එකක වටිනාකම USD වලින් = 0.0001 X 1.6001
= 0.00016001
එම නිසා profit එක USD වලින් = 0.00016001 X 10 X 10000
=  16

අපි තව වෙනස් උදාහරණයක් බලමු. 
EUR/JPY = 113.04 දී Lot එකක් මිලට ගෙන Pip 15ක් ලබාගත් පසු trade එක close කලා නම්
profit එක හොයන්න, trade එක close කරන විට USD/JPY = 83.45
Pip එකක වටිනාකම JPY වලින් = 0.01
Pip එකක වටිනාකම USD වලින් = 0.01 / 83.45
= 0.0001198
එම නිසා profit එක USD වලින් = 0.0001198 X 15 X 100,000
= 179.70

ඉහට උදාහරණ දෙක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ ගණන් අපි අතින් හදන්න ඕනෙ නෑ Metatrader එකේ මේවා ඔක්කෝම automatically calculate වෙනවා. දැන් ඔයාල බලයි එහෙනම් මොන මඟුලකටද මෙච්චර වෙලා මේවා කිව්වේ කියලා. අපි Forex වලට invest කරන්න යන්නේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි නිසා මේකේ profit හෝ loss ගණනය කරන විදිහ අපි හොඳටම දැනගෙන ඉන්න ඕනෙ. ඔයාලා දැන් ඔයාලම එක එක currency pairs වල එක එක rates හිතලා ගණන් හදලා බලන්න. ආපු උත්තර හරිද කියලා බලන්න මම පොඩි tool එකක් දෙන්නම්.

ඔයාලට  http://fxtrade.oanda.com/account/profit-calculator/ ගිහිල්ලා ඒ tool එකට යන්න පුළුවන්.


මේකේ Account Currency කියන එක ඔයාලට තේරෙනවනේ. Currency Pair කියන එකෙන් අදාල currency pair එක select කරන්න. Current Price (USD/USD) කියන එකට මොනවත් දාන්න ඕනෙ නෑ ඒක තියෙන්නේ USD base currency එකවත් quote currency  එකවත් නොවන pairs වල profit calculate කරන කොට පාවිච්චි කරන්න. Trade Price කියන එකට අපි මිලදී ගන්න rate එක දාන්න. Action  කියන එක Buy/Long කියන position එකේම තියන්න. (Sell/Short ගැන අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගන්නවා.) Number of Units කියන තැනට අපි ගන්න currency units ගණන දාන්න ඕනෙ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි Lot එකක් ගන්නවා නම් Number of Units කියන තැනට අපි 100000 දාන්න ඕනේ. Mini-Lot එකක් ගන්නවා නම් එතනට 10000 දාන්න ඕනෙ. ඊට පස්සේ Closing Price කියන එකට අපි trade එක close  කරන rate (price) එක දාන්න. ඊට පස්සේ Calculate කියන button එක click  කරාම අපිට අපේ profit එක හෝ loss එක USD වලින් පෙන්වනවා. 

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex

අපි EUR/JPY වගේ pair එකක් select කලොත් Current Price (JPY/USD) කියන තැනට අදාල rate එක දාන්න ඕනෙ. සාමන්‍යයෙන් JPY හා USD අතර rate එක දක්වන්නේ USD/JPY විදිහට නිසා අපිට JPY/USD rate එක හොයන්න පොඩි calculation  එකක් කරන්න වෙනවා.

JPY/USD = 1 / (USD/JPY)
ඒ කියන්නේ USD/JPY rate එක 85.77 නම්,
JPY/USD rate එක = 1 / 85.77
= 0.011659

මේ කරුණු ඔක්කොම ඔයාලට තේරුම් යන්න ඇති කියලා මම හිතනවා. තේරුනේ නැති තැනක් තියෙනවා නම් අහන්න. ඒ වගේම blog එකට subscribe  කරලා නැති අය subscribe  කරන්න. එතකොට අළුත් posts ඔයාලාගෙ E-mail එකටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි මීළඟ ලිපියෙන් හමුවෙමු.

Our Site


www.expresslanka.tk

www.emoneylanka.tk

www.expresslanka-ebook.tk

www.magazinedown.blogspot.com

11. Pips ගැන තවදුරටත් - 1

සිංහසෙන් පොරෙක්ස් Sinhalen forex
අද අපි theory ටිකක් කරමු. එතකොට ඉක්මනටම අපිට අපේ පළවෙනි trade එක කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි කලින් පාඩමකින් Pips, Pipettes කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තා. අද අපි බලමු අපි Forex trade කරද්දී මේ Pips වැදගත් වෙන්නේ කොහොමද කියලා. සමහර විට ඔයාලා Forex trading ගැන තියෙන අනිකුත් websites වලට බලලා ඇති. එහෙම ඔයාලා ගිහින් තියෙනවා නම් සමහර විට ඔයාලා අහල ඇති සමහර Forex traders ලා කියනවා, "අද Pips 100ක් ගත්තා" එහෙමත් නැත්නම් "මේ මාසේ මම Pips 742ක් ගත්තා", "අද trade එකෙන් Pips 57 loss (-57) වුනා" ආදි වශයෙන්. කවුරු හරි එහෙම කිව්වොත් ඔයාලා මොකක්ද තේරුම් ගන්නේ? අද පාඩමට පස්සේ ඔයාලාට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි.
කවුරු හරි Pips ගණනකින් එයාගේ ලාභය හෝ අලාභය කිව්වොත් එයාට මුදලින් වෙච්ච ලාභය හෝ අලාභය දැන ගන්න අපි Pip එකක වටිනාකම දැනගෙන ඉන්න ඕනෙ. එහෙනම් අපි පොඩි ගනන් ටිකක් හදලා බලමු. 

හිතන්න EUR/USD = 1.2345 කියලා එහෙනම් EUR/USD Pip එකක වටිනාකම කීයද?
Pip එකක් කියන්නේ 4 වැනි දශමස්ථානයේ වෙනසක් නිසා,
Pip එකේ වටිනාකම EUR වලින් = 0.0001 / 1.2345
= 0.0000810044552
අපි ගමු උත්තරය 0.000081 කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ උත්තරය ආවේ EUR වලින් කියලා.

දැන් EUR/USD = 1.2345 කියන rate එකට Pip එකක වටිනාකම අපි EUR වලින් හොයාගත්තානේ. හැබැයි ඒක බොහෝම පොඩි අගයක්නේ කියලා ඔයාල බලයි. ඒ rate එක එහෙම එන්නේ අපි බැලුවේ EUR 1ක් මිලදී ගත්තොත් එන Pip එකක වටිනාකමනෙ. ඔයාලට මතක ඇති මම කිව්වා අපි Forex වලදී currencies මිලදී ගන්නේ හෝ විකුණන්නේ Lots වලින් කියලා. එහෙනම් අපි බලමු EUR Lot එකක් ගත්තා නම් අපිට ලැබෙන Pip එකක වටිනාකම කීයද කියලා. 

EUR/USD = 1.2345, 
EUR 1ක් මිලදී ගැනීමේ දී  ලැබෙන Pip එකක වටිනාකම = 0.000081
එමනිසා EUR Lot එකක් මිලදී ගතහොත් ලැබෙන Pip එකක වටිනාකම = 0.000081 X 100,000
= EUR 8.1

දැන් අපි බලමු උදාහරණයක්. අපි හිතමු අපි EUR/USD rate එක 1.2345 වෙලා තියෙද්දී EUR Lot එකක් මිලදී ගත්තා කියලා, පස්සේ EUR/USD rate එක 1.2352 දක්වා ඉහල යනවා එතකොට අපිට ලැබිලා තියෙන්නේ ලාභයක්ද, අලාභයක්ද?

EUR/USD = 1.2345  හා පසුව EUR/USD = 1.2352
ලභය හෝ අලාභය Pips වලින් = 1.2352 - 1.2345 = 0.0007
ඒ කියන්නේ ලාභය Pips 7ක්
අපි trade එක close  කරන price එක EUR/USD = 1.2352
trade එක close  කරන විට Pip එකක වටිනාකම = 0.0001/1.2352
= 0.00008095
අපි EUR lot එකක් ගත් නිසා Pip එකක වටිනාකම = 0.00008095 X 100,000
= EUR 8.095
ඒ නිසා අපේ ලාභය EUR වලින් = 8.095 X 7
= EUR 56.67
අපි ඒ උදාහරණය ගැන තව ටිකක් බලමු. අපි ඒ උදාහරණයේදී බැලුවේ EUR/USD rate එක 1.2345 වෙලා තියෙද්දී අපි EUR Lot එකක් ඒ කියන්නේ EUR 100,000ක් මිලදී ගන්නවා. ඊට පස්සේ EUR/USD rate එක Pip 7කින් ඉහල යනවා. එතකොට අපිට ලැබුනු ලාභය තමයි EUR 56.67. දැන් බලන්න අපි EUR 100,000ක් මිලදී අරන් rate එක Pip 7කින් ඉහල ගියාම අපි EUR 56.67ක ලාභයක් හොයලා. ROI (Return on the Investment) එක එහෙමත් නැත්නම් "ආයෝජනය කල මුදලට ලැබුනු ප්‍රතිලාභය" මදි වගේ නේද? ඔයාලට Leverage එක ගැන අමතක වුනා නේද? අපිට අපේ Broker 100:1 Leverage එකක් දෙනවා නම් EUR 100,000 ක් ගන්න අපිට යන්නේ EUR 1000ක් විතරයි. 1000කින් 56.67ක් හොයනවා කියන්නේ සෑහෙන්න හොඳයි නේද? ඔයාල කලින් පාඩමේ විදිහට Tick Chart එක දිහා බලන් හිටියා නම් ඔයාලට තේරුම්යයි EUR/USD pair එකේ Pips 7ක වෙනසක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා. 

ඔයාල හොඳට මතක තියාගන්න හැම වෙලේම Pip එකේ වටිනාකම හොයන්න ගන්නේ අන්තිම price එක, ඒ කියන්නේ අපි trade එක close කරන price එක. ඉහත උදාහරණයෙන් ඒක පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා, මොකද ඒ උදාහරණයේදී මම Pip වටිනාකම ගණනය කරන්න යොදාගත්තේ 1.2352 කියන rate එක. 

අපි Forex broker කෙනෙක් එක්ක account එකක් open කරද්දී අපේ account එකේ ප්‍රධාන currency එක විදිහට මොකක් හරි currency එකක් ‍තෝරගන්න ඕනෙ. ඔයාලට මතක ඇති අපි අපේ Demo account එක open කරද්දී අපි ඒකේ ප්‍රධාන currency එක විදිහට ‍තෝරගත්තේ USD. 

අපි අපේ account currency එක විදිහට USD select  කරපු හින්දා හැම වෙලේම අපේ account එකේ ලාභය හෝ අලාභය (Profit or Loss) පෙන්වන්නේ USD වලින්. දැන් අපිට ඉස්සෙල්ලා උදාහරණයේ profit එක ආවේ EUR වලින් ඒ කියන්නේ EUR 56.67ක්. ඒක USD වලට පරිවර්තනය වුනාම USD ගණන කීයද? ඔයාලට පුළුවන්ද ඒක හොයන්න. ඒ ගණන හදන්න අපි පාවිච්චි කරන්නේ අපි trade  එක close කරපු price එක. ඒ කියන්නේ 1.2352 කියන price එක. එතකොට අපි බලමු profit එක USD වලින්,

Profit in USD = EUR 56.67 X 1.2352
= USD 69.998
ඒ කියන්නේ වැටයීමෙන් පසු  USD 70

මේකේ මොකුත් අමුත්තක් ඔයාලට පේනවද? හරි මම ඔයාලව වැඩිය වටේ යවන්නේ නැතුව මමම කියන්නම්, අපේ Forex account  එකේ currency එක USD නම් currency pairs වල USD 2වැනියට (ඒ කියන්නේ USD quote currency විදිහට) තියෙන හැම currency pair එකකම Pip 1ක වටිනාකම USD 0.0001.  ඒ කියන්නේ EUR/USD, GBP/USD, AUD/USD currency pairs 3ම USD 2වැනියට තියෙන නිසා අපිට Pips ගණනයි Lots ගණනයි දන්නවා නම් පහසුවෙන්ම (Calculator එකක් නැතුවම) profit එක හෝ loss එක ගණනය කරන්න පුළුවන්.  අපි කලින් උදාහරණය නැවතත් බලමු, හැබැයි මේ පාර අපි profit එක ලේසි විදිහකට ගණනය කරමු. 

අපි EUR Lot එකක් මිලදී ගෙන Pips 7ක profit එකක් ලැබුවා නම් එම profit එක USD වලින්,
Profit in USD = (Pip value) X (No. of Pips) X (Currency Units)
= 0.0001 X 7 X 100,000
= 70

ඒ ක්‍රමය ගොඩාක් ලේසී නේද? තවත් දෙයක් මම කියලා දෙන්නම්, Forex account එකේ currency එක USD නම් හා අපි trade කරන currency pair එක EUR/USD, GBP/USD හෝ AUD/USD නම්,

Currency Units
Value of a pip in USD
1 Lot (100,000)
10
1 Mini Lot (10,000)
1
1 Micro Lot (1,000)
0.1
1 Nano Lot (100)
0.01


3 Mini Lots (30,000)
1X3 = 3
4.5 Lots (450,000)
4.5X10 = 45
අනිත් currency pairs ගැන මීළඟ ලිපීයෙන් බලමු. 

1 comment:

  1. මම ඉන්නේ කොරියාවෙ. මම nordfx register වුනා. ඩිමො එකකුත් හැදුවා. තාම බෑන්ක් තොරතුරු දීල නෑ. මම ගාව මාස්ටර් කාඩ් එකක් තියෙනව කොරියාවෙ ගනුදෙනු කරන. මට ඒ කාඩ් එකෙන් ගනුදෙනු කරන්න හදා ගන්න ඕන. නැවත ලංකාවට එන දවසට ලංකාවෙ කාඩ් එකට මාරු කර ගන්න ඕන. කරන විදිය කියලා දෙන්න කවුරු හරි.

    ReplyDelete