Thursday, August 7, 2014

Windows 8 පරිගණකයට කෘතිම බුද්ධියක්

Android, iOS සහ Windows Phone මෙහෙයුම් පද්ධති වලින් මෙහෙයවෙන ස්මාට් ජංගම දුරක්ථන භාවිතා කරන බොහෝ දෙනා Virtual Assistant වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා. Apple දුරකථන වල ඇති Siri පහසුකම මෙයට හොඳම උදාහරණයයි. යම් යම් අවස්ථා වලදී බොහෝ ප්‍රයෝජනවත් විය හැකි මෙම ආකාරයේ මෘදුකාංග හුදෙක් විනෝදය සඳහාද බොහෝ අය භාවිතා කරනු දැකිය හැකියි. ඇත්තෙන්ම තමන්ගේ කටහඬින් කතා කොට සංවාදයක් ගොඩ නඟා ගත හැකි කෘතිම බුද්ධි වැඩසටහනක් ඉතා ආකර්ෂණීයයි. නමුත් එම ආශ්වාදය ජංගම දුරකථන වල දී මෙන් පහසුවෙන් භාවිතා කළ හැකි මට්ටමට පරිගණක සඳහා ජනප්‍රිය වී තිබුනේ නැහැ. දැන් Windows 8 හා ඊට ඉහල මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ට එම පහසුකම අත්විඳීමට පහසුකම් උදා වී තිබෙනවා. ඒ Speaktoit විසින් ජනප්‍රිය Speaktoit Assistant වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා හඳුන්වා දීමෙන් අනතුරුවයි.
ass
Speaktoit Assistant යනු Android, iOS සහ Windows Phone යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහා ජනප්‍රිය Virtual Assistant වර්ගයේ වැඩසටහනක්. එය Windows 8 හා ඊට ඉහල මෙහෙයුම් පද්ධති සඳහාද App එකක් ලෙස ස්ථාපනය කරගත හැකියි. ජංගම දුරකථනයේදී මෙන් ඔබගේ කටහඬින්ද, text මාර්ගයෙන්ද මෙම වැඩසටහන සමඟ සංවාදයේ යෙදෙමින් බොහෝ උදව් ලබාගත හැකියි. Windows App Store එකෙන් මෙම ඇප් එක නොමිලේ බාගත කර ගැනීමට පුළුවන්. ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Windows 8 හා ඊට ඉහල එකක් නම් පහත සබැඳියෙන් ගොස් එය ස්ථාපනය කරගන්න.
මෙහි අතුරුමුහුණත ඉතා සරළ අන්දමින් නිපදවා තිබෙනවා. දකුණුපස ඇති මයික්‍රෆෝන අයිකනය ඔබා Assistant සමඟ කතා කිරීමටද, Keyboard අයිකනය ඔබා ඇය සමඟ text මගින් අදහස් හුවමාරු කර ගැනීමට පුළුවන්.
ass1
ඉහළ කෙළවරේ ඇති බල්බ අයිකනය ක්ලික් කොට මෙම මෘදුකාංගය සමඟ භාවිතා කළ හැකි commands මොනවාදැයි බලා ගැනීමට පුළුවන්. උදාහරණ ලෙස සාමාන්‍ය කතා බහට අමතර සිතියමක යම් යම් ස්ථාන පෙන්වීමට, ඒකක පරිවර්ථන කටයුතු, භාශා පරිවර්ථන කටයුතු ආදී බොහෝ දෑ මෙමගින් සිදු කරගත හැකියි. ඔබ සොයන දෙය කුමක් වුවත් ඇයට ඒ සඳහා පිළිතුරු දිය හැකියි.
ass2
එසේ නොහැකි අවස්ථා වලදී එය Google මගින් සොයා ඉදිරිපත් කිරීමටද මෙම ඇප් එකට හැකියාව තිබෙනවා. එසේම ඔබ පෙර සදහන් කළ තොරතුරු මතක දබා ගැනීමටද මෙමෙ ඇප් එකට හැකියාව තිබෙනවා.

No comments:

Post a Comment